වැරදි වුණත් නිවැරදි ආමන්ත්‍රණය

මට මේ දවස් දෙකකට තුනකට උඩදි හරි වැඩක් වුණා. මේ ලිපි කියවන කෙනෙක් මට මැඩම් කියලා ආමන්ත්‍රණය කරල ඊ-මේල් පණිවිඩයක් එවලා. මං හිතන්නෙ මුල ඉඳන් ඔක්කොම ලිපි නොකියවපු කෙනෙක්. මං එහෙම කිව්වෙ මගෙ පාසැල ආනන්දය කියලා කලින් ලිපි කිහිපයකම වාගෙ සඳහන් කරල තිබුණු නිසයි. හැබැයි අපි ඉගෙන ගන්න කාලෙ පහේ පන්තිය වෙනකම් අපිත් එක්ක ගැහැණු ළමයි කිහිප දෙනෙක් ඉගෙන ගත්ත. මට මතක හැටියට කාන්ති හා කල්‍යාණි කියන්නෙ එයින් දෙන්නෙක්.

ඉතින් මේ වැල් වටාරම්වලට ගියහම කියන්න ආ කාරණේ අමතක වෙනවා. දැන් පාරේ යම් මහත්තයෙක් වාහනයක් එළවගෙන යනකොට කවුරු හරු නෝනා කෙනෙක් තමන්ගෙ වාහනය ඉස්සර කළොත් හුඟාක් මහත්තුරු ඒක තමන්ට කළ අපහාසයක් හැටියටයි සලකන්නෙ. ඉතින් ඒ මහත්තුරු කොහොම හරි ආයෙත් අර නෝනගෙ වාහනය ඉස්සර කරන්න ෆුල් ට්‍රයි එකක් දෙනවා.

මේ පිතෘ මූලිකත්වය හන්දයි අපේ සමාජය මෙච්චර රළු. මේ කාරණේ හන්ද තරමක් හරි සංවේදී අයට තමන්ගෙ ජීවිතේ සමහර වෙලාවට අපායක් වෙන අවස්ථා නැත්තෙම නැහැ. අපි උත්සාහ කරනව නම් මේ සමාජය මාතෘ මූලික එකක් කරන්න, ඒ කියන්නෙ සංවේදී ස්ත්‍රී ගති ඇති අය වැඩි කරන්න, මං හිතන්නෙ අපි හැමෝටම සතුටෙන් ඉන්න පුළුවන් වෙයි.

ඒ හන්ද වැරදි වුණත් ඒ විදියට මා ආමන්ත්‍රණය කළ එක නිවැරදි දෙයක් හැටියටයි මං දකින්නෙ.

This entry was posted in 11. Duality, සිංහල. Bookmark the permalink.

5 Responses to වැරදි වුණත් නිවැරදි ආමන්ත්‍රණය

  1. ඇත්තටම අපි ගොඩක් මේ ලොකේ ආදර්ශ ගන්නෙ අපේ අම්මගෙන්…..ඒ වගේම ආනන්දය උනත් හදුන්වන්නෙ ආනන්ද මාතාව කියලනෙ

    • kumudupinto says:

      ඕනෑම පාසැලක් පාසැල් මාතාව. ඒ වගේමයි රටක්. ඒත් මං මේ ලිපි පිලින් ඊට වඩා දෙයක් කියන්නයි උත්සාහ ගන්නෙ.

  2. මට හරියට ඕක වෙනව.
    හැබැයි හොඳම දේ තමයි – ඊ-මේල් වලට ඉක්මණින් හොඳ පිලිතුරු ලැබීම. රිමෝට් මෝඩ් එකේ හොඳට උදව්ගන්න පුළුවනි.

    රසික

  3. මාත් ආනන්දෙ හිටිය 1977 සිට 1981 වෙන තුරු.
    හුඟාක් ඉස්සර ආනන්දෙ කෙල්ලොත් ඉඳල තියෙනව.
    මිසිස් රාජපක්‍ෂත් ආනන්දෙ නේද?

    • kumudupinto says:

      මිසිස් රාජපක්ෂ ආනන්දෙද නැද්ද කියන එක නම් දන්නෙ නෑ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s