ඉලක්කයක් තෝරා ගැනීම – දෙවන කොටස

අපි කලින් ලිපියෙ කතා කළ ක්‍රම කොච්චර තිබුණත් හොඳම විදිය තමයි තමා තුළ ඇති දස්කම් ගැන මනා අවබෝධයකින් ඊට ගැලපෙන අන්දමට ඉලක්කය තෝරා ගැනීම. මෙහිදී තමා තුළ ඇති දක්ෂකම් ගැනත් ඩුර්වලකම් ගැනත් ඉතාමත්ම නිවැරදි තක්සේරුවක් තමා තුළ තිබිය යුතුයි. ඊළඟට ඒ දක්ෂකම්වලට ගැලපෙන දුර්වලක්ම් අඩුවෙන්ම බලපාන ඉලක්කයක් තෝරා ගත යුතුයි.

දැන් ගැටළුව වෙන්නෙ තමන් දක්ෂ මොකටද කියල දැන්නෙ නැත්නම් තමයි. විෂයයන් සමූහයක් කරන කොට ඉබේම තමන් කැමති විෂයයට ඇදිල යන නිසා එතනදි විෂය තෝර ගන්න ලේසි වෙනව. තමන්ට ප්‍රේම කාන්න කිහිප දෙනෙක් ඉන්නකොටත් තමන්ව තමන් කැමතිම කෙනා ළඟට ඇදිල යන නිසා ගැටළුවක් වෙන්නෙ නෑ. ඒත් විභාගයකදි සාමාන්‍යයෙන් තෝරා ගන්න දෙයක් නැහැනෙ. ඔබ යම් විභාගයක් තෝර ගන්නෙ ඔබේ ඉදිරි බලාපොරොත්තු පදනම් කරගෙන වෙන්න ඕනෙ නෙ. එහෙම නම් ඒ ඉදිරි බලාපොරොත්තු තමයි ඒ තේරීමට මුල් විය යුත්තෙ.

ඒ එක්කම මේ වඉදියට ඉලක්කයක් තෝරා ගැනීමේදි තව කාරණා කිහිපයක් ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. එයින් පළමු කාරණාව වෙන්නෙ ඉලක්කය නිශ්චිත එකක් විය යුතු වීම. අවිනිශ්චිත ඉලක්කයක් තෝරා නොගත යුතුයි. තෝරා ගන්නා ඉලක්කය සරල වචනවලින් පහදා දිය හැකි එකක් විය යුතුයි.

ඊළඟට ඒ ඉලක්කය තමන්ට ඉටු කරගත හැකි ඉලක්කයක් විය යුතුයි. ඉටු කරගත නොහැකි ඉලක්කයක් තෝරා ගැනීමෙන් තමන්ගෙ හිත අවුල් වීම වලක්වන්න බැරි වෙයි. උදාහරණයක් වශයෙන් ගණිත අංශයෙන් උසස් පෙළ සමත් වූ කෙනෙක් රජය පිළි ගත් බටහිර වෛද්‍යවරයකු වීමට සිහින මැවීම එතරම් හොඳ තෝරා ගැනීමක් වෙන්නෙ නෑ.

හැබැයි විභාගයක් වැනි නිශ්චිත කාල පරාසයක් නියම වූ සුවිශේෂ ඉලක්කයක් හැර තමන් ඉලක්කය ඉෂ්ට කර ගැනීම සඳහා කාල පරාස නියම කර ගැනීම මේ ක්‍රමයේදි සම්පූර්ණයෙන් වැරදියි. උදාහරණයක් හැටියට තමන්ට යම් විෂයයකින් විශිෂ්ඨ තත්ත්වයට පත්වෙන්නට අවශ්‍ය නම් ඒ සඳහා කාල පරාස නියම කිරීමක් අප විසින් කළ යුතු වන්නේ නෑ. ඒ වෙනුවට කළ යුටු වන්නේ විශිෂ්ඨත්වයට පත්වීමට අවශ්‍ය කරුණු කාරණා සම්පූර්ණ කර ගැනීමයි. එවිට ඉබේම ඔබ ඔබේ ඉලක්කයෙන් විශිෂ්ඨත්වයට පත්වනු ඇති. බොහෝ විට ඔබ බලාපොරොත්තු වූවාට වඩා බොහෝ කලින් ඉලක්කය ඉෂ්ට වීමයි සාමාන්‍යයෙන් සිද්ද වෙන්නෙ.

This entry was posted in 18. විශිෂ්ඨයෙකු වීමට මඟ, සිංහල. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s