ඉලක්කයක් තෝරා ගැනීම – පළමු කොටස

මුලින්ම ඔබ විශිෂ්ඨයෙකු වන්නේ කුමන විෂයයකින් ද, කුමන විභාගයකින් ද, කුමන රැකියාවකින් ද යන්න ත් එසේත් නැතිනම් ඔබ විශිෂ්ඨත්වය දක්වා ගෙන යන ප්‍රේමය අරඹන්නේ කා සමඟ ද යන්නත් ඔබ ම තෝරා ගත යුතුයි නේද ? ඒ කියන්නෙ ඔබේ ඉලක්කය ඔබ ම තෝරා ගත යුතුයි. ඒක පියවරක් නොවෙයි, මූලික අවශ්‍යතාවයක්.

මේ ඉලක්කය තෝරා ගනිද්දී එක් එක් පුද්ගලයෙකු එක් එක් අන්දමින් මේ ඒ තෝරා ගැනීම සිදු කරනවා. සමහරු ඒ ඉලක්කයෙන් විශිෂ්ඨත්වයට පත් වූ කෙනෙකුගේ විභූතිය දැක ඒකෙන් විස්මයට එහෙමත් නැත්නම් භ්‍රාන්තියට පත් වෙලා මමත් මේ තත්ත්වයට පත් වෙනවා කියන සිතුවිල්ල ගන්නවා. ඒක බොහෝම සාර්ථක ක්‍රමයක්.

තවත් සමහරු ඒ ඉලක්කය විෂයයක් හෝ විභාගයක් වන විට එහි ගැඹුර දැකලා ඒ ගැන ආසාවක් ඇති වෙලා මේ තීරණයට එනවා. ඒ ඉලක්කය යම් රැකියාවක් හෝ තනතුරක් නම් එහි භාරධූරත්වය දැකලා ඒකට කැමැත්තක් ආසාවක් ඇති වෙනවා. හැබැයි ඒ වාගෙ අවස්ථාවක් උදා වෙන්න නම්, අපි කලින්ම ඒ විෂයය හෝ විභාගය ගැන හදාරල තියෙන්න ඕනෙ. ඒ රැකියාව හෝ තනතුර ගැන හදාරල තියෙන්න ඕනෙ. ඊට පස්සෙයි අපට ආසාව ඇති වෙන්නෙ.

තවත් සමහරු ඒ ඉලක්කය තෝරා ගත් අයට ලැබෙන ප්‍රතිලාභ, ඒ කියන්නෙ ඉහළ වැටුප් අමතර පහසුකම් ආදිය දැකල ඒවට කැමැත්තෙන් ඒ ඉලක්කය තෝරා ගන්නවා.

This entry was posted in 18. විශිෂ්ඨයෙකු වීමට මඟ, සිංහල. Bookmark the permalink.

4 Responses to ඉලක්කයක් තෝරා ගැනීම – පළමු කොටස

  1. නියමයි .. මේක මම මීට අවුරුදු ගානකට කලින් දැක්කනම් තවත් හොඳයි

  2. නියමයි සර්!!!!! දිගටම ලියන්න

  3. චරිත says:

    මේ ලිපි පෙල අපිට ගොඩක් වටිනවා සර්. ඊළඟ ලිපිය එනකන් බලාගෙන ඉන්නවා.

  4. අමිල says:

    අනිවා ඩෙපිනීට්ලි.!! දැන්කියවනවා දිගටම..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s