උපන්දා සිට

යම්කිසි යුවලකට දරුවෙක් ලැබුණහම, ඒ දුවෙක් වුණත් පුතෙක් වුණත්, ඒ දරුවා වෙනුවෙන් දාහක් සැලසුම් කිරීම ඕනෑම මාපියන් දෙපළකගෙ හීනයක්. ඒ ගොල්ලො මේ දරුවා ට තියෙන නමේ ඉඳල මේ දරුවාට විවාහ කර දෙන්න ඕනෙ මොන වාගෙ කෙනෙක් ද යන තෙක් සැලසුම් කරනවා.

මුලින්ම මේ දරුවා ව මනා සෞඛ්‍ය තත්ත්වයකින් තියා ගන්න, මේ දරුවා නිරොගීව වැඩෙන්න කරන්න ඕනෙ ඒවා සැලසුම් කරනවා. සැලසුම් කරල නිකම් ඉන්නෙ නෑ. ඒවා කරනවා. ඊළඟට මේ දරුවාව පාසැලකට දාන්න, හොඳ පාසැලකට දාන්න සැලසුම් කරනවා. ඒකත් මේ කාලෙ ලේසි සෙල්ලමක් නෙවෙයි නෙ. තමන් ඒ වන තෙක් ඉපයූ මුදන් එක එකාට දීල කොහොම හරි ඒ සැලසුමත් ඉෂ්ට කර ගන්නවා.

මේ වාගෙ තමගෙ දරුවට උගන්වනවා. විවාහයක් කරල දෙනවා. දරුවගෙ දරුවන් ව බලා ගන්නවා. මේ හැම දෙයක් ම අවුරුදු තිස් හතළිස් ගණනක සමහර විට ඊටත් වඩා කල් ගතවෙන දේවල්. අවුරුදු හතළිහක් කියන්නෙ මාස 480ක්. අපි 500ක් කියමුකො. ඒ කියන්නෙ දවස් 15000 ක්. ඒ කියන්නෙ පැය 360,000 ක්. විනාඩි 21,600,000 ක්. ඒ කියන්නෙ තත්පර 1,296,000,000 ක්. අපි තත්පරයට එක හුස්මක් ගානෙ ගන්නව කියල හිතුවොත් මෙච්චර හුස්ම ගණනක්. තත්පර 10කට එක හුස්ම ගාණෙ ගන්නව නම් හුස්ම 129,600,000,000 ක්.

මේ මුළු සැලසුම ක්‍රියාවට නංවන අතරෙ කොච්චර ප්‍රශ්ණවලට මූණ දෙන්න වෙනවද ? සමහර විට දරුවම තමන්ට එරෙහි වෙනවා. ඒත් සැලසුම නවතින්නෙ නෑ. මේ මුළු කාලයම තොල විකාගෙන දිව විකාගෙන තම අරමුණ ට දුවනවා. අපේ හැම අම්ම කෙනෙක්ගෙම තාත්ත කෙනෙක්ගෙම ජීවිතය ඒකයි.

මේක එක්තරා විදියක පාරමිතාවක්. තමන්ගෙ අරමුණ ඉෂ්ඨ වෙනකම් දුවන එක. ඒ අරමුණට විරුද්ධ එක සිතිවිල්ලක් එක වචනයක් එක ක්‍රියාවක් හිතන්නෙ කියන්නෙ කරන්නෙ නෑ. ඒ කියන්නෙ අපේ අයට ඒ වාගෙ දුර අරමුණුවලට දුවන්න පුළුවන්.

අපි මනුස්ස ජාතියෙ උපන් හැම භවයකදිම මේක ක්‍රියාවට නඟනවා. මනුස්සයො විතරක් නෙවෙයි, සත්තුත් තමන්ගෙ දරුවන් ආරක්ෂා කරනවා. ඒ කියන්නෙ මේ ක්‍රියාවලිය ට, ඒ කියන්නෙ දරුවන් වෙනුවෙන් නැහීමේ ක්‍රියාවලියට භව සිය දහස් ගණනක, ඇත්තම කියනව නම්, අනන්ත කාලයක අතීතයක් තියෙනවා.

එච්චර කාලයක් මෙහෙම දෙයක් වෙනුවෙන් නැහෙන්න පුළුවන් නම්, ඊට වඩා උත්කෘෂ්ට අරමුණක් වෙනුවෙන් භව අනන්ත ගණනක් නැහෙන එක මහ වැඩක් ද ? අනන්ත අප්‍රමාණ සත්ත්වයන් වෙනුවෙන් අනන්ත භව ගණනක් නැහෙන එක මහ වැඩක් ද ? ඇයි ඒ උතුම් අරමුණ වෙනුවෙන් අපට එහෙම හිතන්න බැරි ?

This entry was posted in 02. මා දුටු බුදු දහම, සිංහල. Bookmark the permalink.

3 Responses to උපන්දා සිට

  1. Teshan says:

    අවුරුදු හතළිහක් කියන්නෙ මාස හතළිස් අටක්?????
    12 x 4 = 48
    12 x 40 = 480 නේ?

    • kumudupinto says:

      බොහොම ස්තුතියි, වැරැද්ද පෙන්නුවට. මං ඒක නිවැරදි කළා.

  2. අම්මලා තාත්තලා දරුවො වෙනුවෙන් කැපවෙන හැටි කියන්න භාෂාවත් මදී මට හිතෙන්නේ

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s