නිරපේක්ෂ පිහිටීම

කල්ප ලක්ෂ ගණනක් බුද්ධත්වය වෙනුවෙන් පෙරුම් පුරපු අප ගෞතම බෝසතාණෝ බුදුවරුන් විසි තුන් දෙනෙකුගෙන් නියත විවරණ ලබා කාශ්‍යප බුදුරදුන් සමයේ ජෝතිපාල නම් බ්‍රාහ්මණ කුමාරයෙක් වෙලා ඉපදුණා. කාශ්‍යප බුදුරදුන් පහළ වී යැයි හමන්ගෙ යහළුවා කී විට ඒ වචනය විස්වාස කළේ නෑ. යාළුවට කෙහෙවල්ලෙන් ඇදගෙනයි බුදුරජාණන් වහන්සේ ළඟට ඇදගෙන යන්න සිද්ද වුණේ. ඒ ඊළඟට බුදු වෙන්න ඉන්න බෝසතාණන් වහන්සේ.

ඊළඟට අවසන් භවයට ආ පසුත් වයස විසි නවයක් ගත වන තෙක් තමන්ගේ අරමුණ බුද්ධත්වය යැයි අවබෝධ වුණේ නෑ. ඊටත් අවුරුදු හයකට පස්සෙයි ඒ උතුම් අරමුණ සාක්ෂාත් කර ගත්තේ.

එහෙම නම්, මේ කාම ලෝකයේ සැරි සරන ඔබ අප කුමන පාරමිතාවක් ඔස්සේ ගමන් කරන අය දැයි හරියටම කියන්නෙ කොහොමද ? ඔබ අප අතර ඊළඟට බුද්ධත්වය ලබා ගන්නා බෝසත්වරුන් කී දෙනෙක් ඉන්න පුළුවන් ද ? ඒ තම තමන් වෙන්නත් පුළුවන් එකේ අප එබඳු උතුම් පාරමිතාවක් එහෙමයි කියල ම හිතල එහෙම අරමුණක් පට්න් නොගන්නෙ ඇයි ?

This entry was posted in 02. මා දුටු බුදු දහම, සිංහල. Bookmark the permalink.

2 Responses to නිරපේක්ෂ පිහිටීම

  1. awak says:

    මෙහෙම හිතල පටන් ගන්න උදවිය නිහඬව ඒ වෙනුවෙන් කැප වෙලා ඉන්නව ඇති. ඒක මාකට් කරන අය නම් ඔය පාරමිතාව ඉදිරියට දාල ජිමික්ස් පෙන්නනව කියල ආරංචියි😉

    • kumudupinto says:

      කිසිම දවසක කරාටේ කළුපටි ශූරයෙක් බස් එකේ කොන්දොස්තර මහත්තයට වැඩ පෙන්නන්න ගිය අවස්ථාවක් මම නම් අහල නෑ. ඒ වගේම මේ වගෙ විශිෂ්ඨ ඉලක්කයක් කරා යන අය ඒ බව ලෝකයට කියන්නෙ නෑ, විශේෂ හේතුවක් නැතුව. ඒ කතාව දැන ගන්න අයත් ඒ බව අනෙක් අයට හෙළි කරන්නෙ නෑ. මම උත්තම සාදු ගැන විස්තර කියන්නෙ උන්වහන්සේ අපවත් වෙලා බොහෝ කාලයකට පසු. ඒ වගේම ඒ මඟ යන බව ලෝකයට ප්‍රකාශ කළ තවත් අය හිටියත් මේ ලිපි පෙලින් ඒ බවක් හඟවල නෑ. ඒ හන්ද ම නම් හිතන්නෙ එබඳු උතුම් අරමුණු වෙළඳ භාණ්ඩ නොවන බවයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s