“විශිෂ්ඨයෙකු වීමට මඟ” නමින් අළුත් ලිපි පෙළක්

මම 2005 දී පමණ “ඔබත් පියවර 25කින් විශිෂ්ඨයෙකු වන්න” නමින් පොතක් පළ කළා. ඒ පොතෙහි කරුණු “විශිෂ්ඨයෙකු වීමට මඟ” නම් එක යටතේ අළුත් ලිපි පෙළක් ලෙස ඉදිරිපත් කිරීමටයි මේ උත්සාහය. ඒ ලිපි ගැන ඔබේ අදහස් ඉතා වටිනවා. ඒකට හේතුව, ධනාත්මක චින්තනය නමින් කොතෙකුත් ඇති මතවාද අතර, එබඳු දෙයකට ඍජුවම බුදු දහම ප්‍රයෝජනයට ගත් පළමු වතාව මෙය බැව් මා සිතන නිසයි.

ඔබට යම් විෂයයකින් විශිෂ්ඨයෙකු වීමට අවශ්‍ය නම්, ඔබ සේවය කරන ආයතනයේ විශිෂ්ඨයෙකු වීමට අවශ්‍ය නම්, යම් විභාගයකින් විශිෂ්ඨයෙකු වීමට අවශ්‍ය නම්, කොටින්ම ඔබේ ප්‍රේමය විශිෂ්ඨ ලෙස මල් පල ගැන්වීමට අවශ්‍ය නම්, ඒ සඳහා අහම්බ සිදුවීම් ගණනාවක් හරහා යනවා වෙනුවට නිශ්චිත පියවර 25ක් හරහා ගොස් ඔබගේ ඉලක්කය සපුරා ගැනීමට ඔබ කැමති නම්, මේ ඒ සඳහා වන අත්වැලයි.

අද පටන් අපි අදියර 4ක් හරහා ක්‍රියාත්මක වන ඒ පියවර 25 ඉගෙන ගනිමු. මෙම පියවර 25න් පළමු පියවර 19 පළමු අදියරට ද, 20 වන පියවරෙහි සිට 22 වන පියවර දක්වා වූ පියවර 3 දෙවන අදියරට ද, 23 වන හා 24 වන පියවර දෙක තුන්වන අදියරට ද, 25 වන පියවර සිව්වන අදියරට ද අයත් වේ.

හොඳයි එහෙනම් ඊළඟ ලිපියේ සිට අරඹමු ඒ පියවර 25, විශිෂ්ඨයෙකු වීම සඳහා.

This entry was posted in 18. විශිෂ්ඨයෙකු වීමට මඟ, සිංහල. Bookmark the permalink.

17 Responses to “විශිෂ්ඨයෙකු වීමට මඟ” නමින් අළුත් ලිපි පෙළක්

  1. බෝහෝම ස්තූතී!!!! ගෝඩක් වටිනවා!

  2. kumaraya says:

    මම උත්සාහ කරන්න ඕන විශිෂ්ඨයෙකු වීමට නොව අතිවිශිෂ්ඨයෙකු වීමටයි.
    ඔබේ මග පෙන්වීම මත ……

  3. චරිත says:

    වටිනවා. වටිනවා. දිගටම ලියන්න.

  4. එහෙම වැඩක් නම් ඉතාම අගෙයි

  5. nayakasun says:

    සර්,මට ඔය පොතක් දුන්න දවසෙම මම මුලු පොතම කියෙව්වා.ඇත්තටම ඒකෙන්
    ගොඩක් දේවල් ඉගනගත්තා.
    මම,
    HARSHANA
    OPENARC.NODES
    RATHNAPURA.

  6. Ane oya book aka ganna thiyenawada???????

    • kumudupinto says:

      බොහොම කණගාටුයි. පොත නම් ඉවරයි. බය වෙන්න එපා. මම මුළු පොතම බ්ලොග් එකේ දාන්නම්.

  7. ඔබට දිගටම ලියන්න ශක්තිය ලැබේවා!

    • kumudupinto says:

      ශක්තිය නම් තියේවි. ඕනැකම නැති වුණොත් තමයි වැඩේ.

  8. harshana says:

    පරිගණ්ක දැනුම විතරක් නෙවෙයි.සර් අපිට ජීවිතෙත් උගන්වනවා.අවංකවම ගොඩක් සතු‍ටුයි සර්ගේ සිසුවෙක් වීම ගැන.

  9. andhiris says:

    I am little shoked by this article. Howcome positive thinking and Buddhism be linked?
    Duckka and Ancca are key “truth”s in Buddhism. Anatta is even very unique “truth”. One can only contadict Buddhism by promoting positive thinking.

    • kumudupinto says:

      First I would like to answer in Sinhala even though you have commented in English under an anonymous name.

      බුදුන් වහන්සේ ආනන්ද හිමි ට “ආනන්දය, සතර ඍද්ධිපාද වැඩුවෙකෙට කැමති නම් ආයුෂ් කල්පයක් ජීවත් විය හැකිය.” යැයි පැවසූ සේක. සතර ඍද්ධිපාද යනු ඡන්ද, චිත්ත, විරිය හා විමංසා වෙයි. මේවායේ අර්ථයන් තේරුම් ගනිත්වා. ඒ දෙවන කාරණයයි.

      ඊළඟට සෝභන සධාරණ චෛතසික 19 ත්, විරති චෛතසික තුන ත් අප්පමඤ්ඤා චෛතසික දෙක ත් එකම එක ප්‍රඥා චෛතසිකය ත් යන ඒවායේ අර්ථ මැනවින් විමසා බැලූ විට අපූරු සිත්තම මතු ව පෙනේ. මේ තුන්වන කාරණයයි.

      බටහිර ලෝකය අපේ බුද්ධ ධර්මයේ නොයෙක් න්‍යායයන් වෙනත් විෂයයන් හ ට ගැලපෙන සේ හරවා නැවත අප වෙත එවන විට මහත් භක්තියෙන් ඒවා වැළඳ ගන්නා ජාතියකට සිංහලෙන් එසේ කිරීමේ වැරැද්ද ද ඔබ දකින්නේ ?

      • andhiris says:

        අනේ බුදු මහත්තයෝ තරහා අවසර.
        නොදන්නා දෙයක් නෙව ඇහුවේ.
        මම මේ බොලොග් එක ආසාවෙන් කියෝන කොට හිතට එන පුරස්න නේ ඔබ තුමන්ගෙන් ඇහුවෙ ආය.

        දුක්ක අනිච්ච් අනාත්ම කියාලා හාමුදුන්නාන්සෙ විසිතිස් වතාවක් වදාරන කොට මං හිතන් උන්නෙ ජීවිතේ කොච්චර මාන්සි වෙලා දගලාලා ගොඩ දාන්න හැඩුවත්, අන්තිමට ඉතිරිවෙන්නේ විස්සෝපෙ විතරයි කියාලා නොවැ.

        අපි වාගේ නොදන්න ඈයොන්ට කමා කරල තවත් තේරුම් බේරුම් කොරන් ලියන්ඩ බුදු මහත්තයෝ.

        මීට අන්දිරිස්

  10. kumudupinto says:

    අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂණය ගැන ආයෙ වාද කරන්න දෙයක් නෑ. ඒත් ඒ ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීම සඳහා බුදුන් වහන්සේ කමටහන් වශයෙන් ත්‍රිලක්ෂණය ඍජුවම දුන් අවස්ථා මට මතකයට එන්නේ නෑ. ඒත් චුල්ලපන්ථක හාමුදුරුවන්ට දුන් ආකාරයේ අපූරු අයුරින් ඒ අවබෝධය තම ශ්‍රාවකයින්ට ලබා දුන් කතා නම් එමට මතකයි. ඒ හන්ද අපත් ටිකක් ප්‍රායෝගික වුවහොත් මීට වඩා බුදු දහම වඩන්නට හැකි වේවි. ආසාවකුත් ඇති වේවි. මම පුන පුනා කියන දෙයක් තමයි මේ උතුම් ධර්මය අශුභවාදී දහමක් නොවේය යන්න.

  11. අමිල says:

    විශිෂ්ටයකු වන්නට තැත් කිරීම ආත්මාර්ථකාමී කමක්ද?

    • kumudupinto says:

      ඔව්. ඒත් ඕගොල්ලො ලෞකික ලෝකයේ ඉන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක කරන්න එපායැ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s