අවුරුද්දට හැමෝටම ඇඳුම්

මෙයට අවුරුදු කිහිපයකට ඉස්සෙල්ල අපේ ආයතනයෙ කළමණාකාර අධ්‍යක්ෂක තුමාගෙ යෝජනාවක් අනුව හොඳ වැඩක් පටන් ගත්තා. ඒ තමයි සිංහල අවුරුද්දට කලින් අන්තිමටම වැඩ කරන දවසෙ ආයතනයෙ සභාපතිතුමා අතින් හැමෝටම ඇඳුම් අරන් දෙන එක. පිරිමි අයට සුදු කමිසය බැගිනුත් ගැහැණු අයට සාරිය බැගිනුත් අරන් දීම යි ගිය අවුරුද්ද වෙනකම් කරගෙන ආවෙ.

සුදු කමිස දෙන්නෙ ඒ අය ඒ කමිස ආයතනයට වැඩට එනකොට ඇඳගෙන එයි කියන චේතනාවෙන්. අපි හැමෝම කරන්නෙ උගන්වන එකනෙ. ඒ හන්ද අපි හිතුවා හමෝම සුදු අඳින එක වඩා ත් ගැලපෙනවය කියල.

ඒත් හුඟාක් අය වැඩට සුදු අඳින්නෙ නෑ. විමසුවහම සුදු කමිස නැති බව තමයි දැන ගන්න ලැබුණෙ. ඒ හන්ද මේ සැරේ තීරණය කළා, කමිස දෙක ගානෙ දෙන්න. ස්භාපතිතුමාගෙ ඉඳන් පහළම මට්ටම දක්වා හැමෝටම ඒ අවුරුදු තෑග්ග ලැබුණා.

ගිය අවුරුද්ද වෙනකම් මේ උත්සවය පැවැත්වුවෙ අවුරුද්දට කලින් වැඩ කරන අන්තිම දා. ඒත් පැමිණීමෙ ගැටළු හන්ද මේ සැරේ ඒක අපි කළේ අවුරුද්දෙන් පස්සෙ වැඩ කළ පළමුවෙනි දවසෙ. කෝකත් එකයි.

මේ ලිපිය දාන්න කරුණු දෙකක් තියෙනවා. එකක් මේ ලිපිය දැකල වෙනත් ආයතනත් මේ සත්ක්‍රියාව කරයි කියන අවංක චේතනාවෙන්. අනෙක් හේතුව මේ ලිපියෙ ලියන්නෙ ඔය සිද්ධියට පමණක් වීම.

This entry was posted in 15. අපේ ආයතනය, සිංහල. Bookmark the permalink.

3 Responses to අවුරුද්දට හැමෝටම ඇඳුම්

  1. ilandhariya says:

    hodathiranayak aragena thiyennea…..anea wasanawan……

  2. මම දැකල තියෙනව බොහෝ ගුරුවරු කළු කලිසමයි, සුදු ෂර්ට් එකයි අදිනව. ඒ මොකක් හරි විශේෂයක් නිසාද ?

    • kumudupinto says:

      මේකට හේතු කිහිපයක්ම තියෙනව. එකක් අපි හැමෝම යම් සම්මතයකට ඒම. ඒ සම්මතය අප කරන වෘත්තියට ගැලපෙන්නක් විය යුතුයි. දෙවැන්න අපේ ආයතනයෙ පාට. මේ ඔක්කොම සලකලා අපි මෙයට ටික කාලයකට පෙර තීරණය කළා නිල් හෝ කළු කලිසම හා සුදු කමිසය ඇඳීමට.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s