කාගෙනුත් බැනුම් අහන රජයේ රෝහල

ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ ගැන කාගෙන් හරි ඇහැව්වොත් සාමාන්‍යයෙන් හම්බ වෙන උත්තරේ මෙහෙම බ්ලොග් එකක දාන්න බැරි වචන තොගයක්. අපි හුඟාක් වෙලාවට අහල තියෙන කතාවල් ඒ වචන අපටත් කියන්න වෙන තැනකට අපව ත් ගේනව කියලයි මං මෙච්චර කල් හිතාගෙන හිටියෙ. ඒත් මට වැරදිලා.

මං පල කළ හැම පොතකම සම කර්තෘ මහත්තයගෙ තාත්ත අසනීප වෙලා. බයිපාස් එකක් කරන්න වෙලා. වෑල්ව් තුනක්ම නරක් වෙලා. අපි හිතන් හිටියෙ වෙන කරන්න දෙයක් නැති ම වුණොත් පුද්ගලික රෝහලකින් ඒක කර ගන්න. හැබැයි ඒ වැඩේට රුපියල් ලක්ෂ පහ හයකට වඩා වියදම් වෙන බව අපි දැනගෙන හිටියා.

කොළඹ හෘද රෝග චිකිත්සාගාරයට ඇතුල් වුණා, දැන් සතියකට විතර ඉස්සර. පෙරේද ඔපරේෂන් එක කළා. අද උදේ වෙනකම් තියටර් එක ළඟ ම අයි. සී. යූ. එකක ඉඳල අද පල්ලෙහා තට්ටුවේ අයි,. සී. යූ. එකකට මාරු කළා. මේ දෙකේම සේවය දැක්ක ගම්න් මං හිතා ගත්තෙ ලිපියක් ලියන්න මේ ගැන කියලා.

අපි අහල තියෙන රෝගීන්ගෙ ඇඟට කඩා පනින නපුරු නර්ස් නෝනල මේවායෙ නැහැ. ඉතාමත් ම කරුණාවන්තයි. සමහර විට හෘද රෝග අංශය හන්ද ද දන්නෙ නැහැ. එක ඇඳකට එක නර්ස් නෝනා කෙනෙක් ගානෙ. රෝගීන්ගෙ නෑයන්ටත් හිතට බයක් සැකක් නැහැ. රෝගීන්ගෙ කුදු මහත් කටයුතු කරන්නෙ මේ සේවක පිරිස.

පොඩි පොඩි අසනීපවලට බෙහෙත් ගන්න යන අයට මොන කරදර සිද්ද වුණත් මේ වගෙ අසනීපයකට අපි යන්න ඕනෙ රජයේ රෝහලටයි. ඒ ගැන යම් සැකයක් තිබුණ නම් මේ සිද්ධියෙන් පස්සෙ ඒකත් දුරු වුණා. ඒ සේවක පිරිසට තුනුරුවන් සරණයි.

This entry was posted in 04. හැඟීම්, සිංහල. Bookmark the permalink.

3 Responses to කාගෙනුත් බැනුම් අහන රජයේ රෝහල

  1. samarasinghe says:

    Exactly sir, I don’t know why we do not understand that until we get an experiences like this. I had the same experience when my brother in law got a bike accident. 3 operations for his head and he was there about 3 months. They were very expensive operations. All were free. Now he is getting better…
    So how we blame to government hospitals?

  2. Muditha says:

    I have seen the both situations in the same hospital but in two different wards.

  3. indika says:

    අහන්නත් සතුටුයි!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s