ටියුෂන් දෙන ගෝලයා

මගෙ ගෝලයෙක් ඉන්නවා සාමාන්‍ය පෙළ ගණිතය විෂයයට ටියුෂන් පන්ති කරන. ඊයෙ පෙරේදා එයා මේ පැත්තෙ ආවා. මනුස්සයා බොහොම නොසතුටින් කතා කළා අද පරම්පරාව ගැන. ඒ නොසතුටට හේතුව විමසුවම මනුස්සයා දුන්න උත්තරේ මේකයි.

මනුස්සයා පුද්ගලිකවම සිසුන් කිහිප දෙනෙකුට ගෙවල්වලටම ගිහිල්ලා ගණිතය ටියුෂන් දීලා. ප්‍රශ්ණ පත්තරේ කළ දවසෙ කිසි කෙනෙක් මෙයාට කතා කරල පේපර් එක ගැන කියල නෑ. මෙයා ඒ අයගෙන් ඇහැව්වහම කිව්වලු ප්‍රතිඵල එන්න ඉස්සෙල්ල මොනව කියන්ඩද කියලා. ළඟදි ප්‍රතිඵල ආව නෙ. ඒත් එක ළමයෙක් වත් මේ ගුටෘවරයට ඒ ගැන කියල නෑ. මෙයා අහන කොට සමහරුන්ට A. සමහරුන්ට B.

ඔය කාරණේ මට කිව්වෙ හරිම හිත් අමාරුවෙන්. මට ඒ අමාරුව හොඳට තේරෙනවා. මොකද මමත් ඒ දුක විඳල තියෙන නිසා.

ගුරුවරයෙක් හරිම කැමතියි ප්‍රශ්ණ පත්තරේට ආවෙ මොනවද කියල දැන ගන්න. ඇත්තටම කියනව නම් විභාගයට නොගියට ගුරුවරයත් විභාගෙ ගන්නවා. මේ හැඟීම අනෙක් අයට තේරුම් ගන්න අමාරු කාරණයක් කොහොම හරි අපි දෙන්නම පොදුවේ එකඟ වුණා මේ කාරණය ගැන. එකඟ වුණාට ඊට එහා මුකුත් අපට කරන්න බෑ නෙ.

This entry was posted in 04. හැඟීම්, සිංහල. Bookmark the permalink.

5 Responses to ටියුෂන් දෙන ගෝලයා

  1. Teshan says:

    ඒක ඇත්ත. තමන්ගේ මහන්සියේ ප්‍රතිපලයක් දකින්න නොවුනම හිතට ගොඩක් දුකයි. මේ ගෝලයන්ගේ තියෙන්නේ දැනුමේ අඩුපාඩුවක් නෙවෙයි, මනුස්ස කමේ වගෙම බුද්ධියේ. ඕනෙම කෙනෙකුට 100 වතාවක් හරි කියලා උගන්වන්න පුළුවන්. සතෙක්ට වුණත්. ඒත් සතුන්ට බුද්ධිය හීනයි. මිනිසුනුත් ඒ සත්තු ගාණටම වැටෙන එක ගැන හරිම දුකයි. මෙච්චර හොඳ ප්‍රතිපල ලබා ගෙනත් නොකීම හරිම දුකක් තමයි. අන්ත අඩු ප්‍රතිපල ගත්තා නම් නොකීමට හේතුවත් ඒකයි නෙ. කොහොමත් අපි දුකට මූණ දෙන්න පුරුදු වෙන්න ඕනි. අපි දන්නවා නම් වරදක් නොකරාය කියලා, ඒකෙන් ලැබෙන ප්‍රතිපලෙත් සුභදායක වෙනවා. ඒක මම හිතන්නේ ලෝක ස්වභාවයක්.

  2. Hasitha says:

    පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු
    ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු

  3. indik says:

    මමත් class කරපු නිසා මටත් ඔය අත්දැකීම තියෙනව. හරිම හිත රිදෙන දෙයක් තමයි ඕක…

  4. ලංකාවේ ගුරුවරු උගන්වා අනිත් අතට ගෝලයන්ගෙන් සිනාහවක් වත් බලා පොරොත්තු නොවිය යුතුය. එතරම්ම අප ගෝලයන් ඉතා හොදය. මේ ගැන මටත් බොහෝ දේ කිව යුතුව ඇත. නමුත් නිහඬව විදගැනීම වඩා හොඳ යැයි හැගේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s