විශිෂ්ඨත්වයට පත් වීමේ පළමු පියවර හා ක්‍රිස්තු ධර්මය

මුලින්ම කියන්න ඕනෙ, මම ක්‍රිස්තු භක්තිකයකු නොවන නිසා මේ ලිපියේ යම් වැරැද්දක් ඇතොත් එයට ක්ෂමාව භජනය කරන ලෙසට.

ක්‍රිස්තු ධර්මය අනුව අපට දෙවියන් වහන්සේ ගැන අති මහත් ප්‍රේමයක් අති මහත් ගෞරවයක් ඇති කර ගත යුතු වෙනවා., ඒ ගැන කිසිදු සැකයකින් හෝ සීමාවකින් තොරව. ක්‍රිස්තු භක්තිකයකු කිසි විටෙක තමා එසේ කළ යුත්තේ ඇයිද කියා කුකුස් කුකුස් උපදවා ගන්නේ නෑ. එසේ උපදවා ගත්තොත් ඔහු හෝ ඇය හොඳ ක්‍රිස්තු භක්තියකු වන්නේ නෑ. ක්‍රිස්තු භක්තිකයන් තමන් උපදවා ගත් ප්‍රේමය හෝ ගෞරවය තර්කානුකූල දැයි සොයා බලන්නේ නෑ. කොහොමටත් මේ හැඟීම තර්කය සමඟ ගැලපෙන්නේ නෑ. එය අපි තේරුම් ගත යුතුමයි.

මේ කාරණය හන්ද ක්‍රිස්තු භක්තිකයකුට විශිෂ්ඨත්වයට පත් වීමේ පළමු පියවර ගැන කිසිම මත භේදයක් ගැටුමක් ඇති වෙන්නෙ නෑ. ඇති වෙන්න බෑ. ඒ අයට දෙවියන් ගැන මෙන්ම දෙවියන් ගැන මෙන්ම වෙනත් ඕනෑම දෙයක්, තැනක් හෝ කෙනෙක් ගැන අති මහත් ප්‍රේමයක් හෝ අති මහත් ගෞරවයක් උපදවා ගැනීම කොහොමටත් අමාරු කාරියක් නොවෙයි. සෑම තැනකම සෑම දෙයක් තුළ ම සෑම කෙනෙකු තුළ ම දෙවියන් සිටිනා බැවින් එය ආගමටත් ගැලපෙනවා.

This entry was posted in 18. විශිෂ්ඨයෙකු වීමට මඟ, සිංහල. Bookmark the permalink.

2 Responses to විශිෂ්ඨත්වයට පත් වීමේ පළමු පියවර හා ක්‍රිස්තු ධර්මය

  1. ඔබ සෑම ආගමිකයෙක් ගැන හිතලම මේ ලිපි පෙළ ලියලා තියෙනවා. සෑම ආගමකටම ගරු කරමින් ඔබ මේ කරන දෙය ඉතා ආදර්ශමත් ක්‍රියාවක්. බොහොම ස්තූතියි එයට!
    දෙයක් කියන්න හිතුවා. කතෝලිකයා දෙවියන් කෙරෙහි මෙසේ අති මහත් ප්‍රෙමයක් ඇති කරගන්නේ සම්පූර්ණයෙන් තාර්කික භාවය නැති කොටගෙන නෙමේ. දෙවියන් අදහාගත යුත්තේ දෙවියන් අත්දැකීමෙන්. අත්දැකීමෙන් දෙවියන් අදහා ගැනීම, දෙවියන් කෙරෙහි ස්ථීර බැඳීමක් ඇති කර ගැනීමට හැකියාව ලැබෙනවා.

  2. අමිල says:

    දිගටම ලියන්න..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s