හදවතක් ඇති සිංහයා

එක කැලේක සිංහයෙක් හිටියලු. උගේ කරුමෙකට ද කැලේ කරුමෙකට ද ඌට හදවතක් තිබිල. අනෙක් හදවත් නැති සිංහයෝ මේ කැලෙත් වෙනත් කැලෑවලත් බොහෝම අපූරුවට ජීවත් වෙනව මේ සිංහයා දැකල තියෙනවා. ඒ සිංහයින් තමන්ගෙ හතුරෙක් දැක්කහම ගොරවනවා. ගොරවල හතුරව එක්කෝ බය කරනවා. නැත්නම් මරලම දානවා. බඩගින්නක් හැදුනහම කොහෝම හරි සතෙක් දඩයම් කරගෙන පවුලත් එක්ක ඒක භුක්ති විඳිනවා.

අනේ අපොයි මේ සිංහයට හදවතක් තිබ්බ හින්ද සතුරෙක් ආවත් පවු කියල ගොරවන්නෙ නෑ. බඩගින්නට සතෙක් මරා ගන්නත් බෑ. ඒත් හිතෙන්නෙ “අපොයි, අසරණ සතා !” කියල. ඕකෙන් මේකෙන් මේ සිංහයා හොඳටම දුර්වල වුණා.

මේ කතාව දැනගත් මේ සිංහයගෙ යාළු තවත් සිංහයෙක් මතක් කරල දුන්නා, අර සිල් ගත්ත නාගයෙක් ව එක් කාන්තාවක් දර මිටිය ගැට ගහන්න ගත් හැටි. ඒත් කෝ ? මේ සිංහයා කිසි කෙනෙක් කියන එකක් අහන්නෙ නෑ.

මං අහන්නෙ සිංහයෙකුට හදවතක් ලැබෙන එක වැරැද්දක් ද ?

This entry was posted in 04. හැඟීම්, සිංහල. Bookmark the permalink.

3 Responses to හදවතක් ඇති සිංහයා

  1. මෙය කර්මය ඇසුරින්ම පැහැදිලි කළ හැකිය. තමන් පවු නොකර අනුන් ලවා බලෙන් පවු කරවන්නෙක් පසුව සිංහයෙක්ව ඉපිද පවු නොකර තමන්ට ජීවත්විය නොහැකි තත්වයක් ඇතිකර ගතහැකිය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s