C සඳහා උදාහරණ – 10

අපි කලින් පාඩමේ, ඒ කියන්නෙ 9 වන උදාහරණයෙ ඉගෙන ගත්ත int ආකාරයේ විචල්‍යයන් දෙකක් බෙදන කොට වෙච්ච දේ. 15 / 2 කියන එකට උත්තරේ හැටියට ලැබුණෙ 7. හොඳයි අපට ඇත්තටම ඕනෙ 15 / 2 සමාන වෙන්න 7.5 ට නම් ? එහෙම නම් කරන්න ඕනෙ, int කියන ආකාරය වෙනුවට float කියන ආකාරය පාවිච්චි කරන එකයි.

පහතින් පෙනෙන්නෙ C Program අදාල එකයි.

Test10A.gcc

Test10A.gcc

මේ C Program එක Test10A.gcc නමින් ගබඩා කරන්න. ඉන්පසු gcc Test10A.gcc -o Answer යන නියෝගය මඟින් එය Compile කර ./Answer යන නියෝගය මඟින් එය Run කරන්න. එවිට x/y = 7.5 යන උත්තරය ඔබට ලැබෙනු ඇත.

මේ Program එකේ අන්තිම පේලියෙ printf නම් නියෝගය තුළ ගිය පාර නම් මුලින් ලිව්වෙ “%s%i” යන්න. ඒත් ඒ වෙනුවට මේ පාර “%s%5.2f” යන්න ලියල තියෙනව. ඒකට හේතුව විස්තර කරන්නයි දැන් යන්නෙ.

%s වල තේරුම String ආකාරයේ දෙයක් කියන එකයි. “” තුළ ලියන ඕනෑම දෙයකට ලියන්න ඕනෙ මෙහෙමයි. මේ සැරෙත් ඒක වෙනස් වෙලා නෑ. ගිය පාර %i කියල ලිව්වෙ int ආකාරයේ විචල්‍යයක් හන්ද. ඒත් මේ පාර float ආකාරයේ විචල්‍යයක් හන්ද %f කියල ලියන්න වෙනව. ඒත් මොකක්ද මේ %5.2f කියන්නෙ ?

අපට තිරයේ දිස් කරන්න ඕනෙ අගයෙහි මුළු දිග 5ක් වන අතර දශමස්ථාන 2ක් අවශ්‍ය බවයි මෙයින් කියවෙන්නෙ, දශම තිතටත් ඉඩක් වෙන් විය යුතු නිසා %5.2f කිව්වහම පූර්ණ සංඛ්‍යාමය අගයට තියෙන්නෙ ඉලක්කම් දෙකක ඉඩක් විතරයි.

දැන් ඉතින් දශම සංඛ්‍යා එක්කත් වැඩ කරන්න පුළුවන් නෙ. හැබැයි එක අගයක් int ආකාරයේ වෙලා ඊළඟ අගය float ආකාරයේ වුණොත් මොකද වෙන්නෙ කියන එක නම් පරීක්ෂා කරල බලන එක ඕගොල්ලන්ට බාරයි.

This entry was posted in 16. C++, සිංහල. Bookmark the permalink.

One Response to C සඳහා උදාහරණ – 10

  1. අ -C - ත says:

    nice blog keep it up

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s