අදත් ඩී. සී. එකක් !

මං කලිනුත් කිව්වනෙ මට ආතර්යිටිස් හැදිල හිටිය කියල. ඒ රෝගෙ අන්තිම කාලෙ මං හිටියෙ රජයේ රෝහලේ. ඒ ඉන්දැද්දි වෙච්ච රස කතා කිහිපයක් තියෙනව. ඒවා කියන්නයි මේ හදන්නෙ.

මං හිටියෙ වෛද්‍ය වාට්ටුවක (Medical Ward). සාමාන්‍යයෙන් ඒකෙ හැම ජාතියෙම ලෙඩ්ඩු හිටිය. වෛද්‍ය සිසුන් ඒ එක් එක් රෝගියෙක් ගැන කරුණු හදාරන්න මේ වාට්ටුවට එනව.

මේ වාට්ටුව භාර වෛද්‍යවරු (House Officers) දෙන්නාම තරුණ අය. එක්කෙනෙක් බොහොම කඩවසම් තරුණයෙක්. අනෙක් එක්කෙනා රූමත් කාන්තාවක්. හැමදාම උදේට මේ දෙන්න වාට්ටුවෙ රෝගීන්ගෙ සුව දුක් බලන්න වාට්ටුවට එනව.

මේ වාට්ටුවෙ පුදුම සිරිතක් තිබුණා. හැමදාම එක ලෙඩෙක් මැරෙනව. යම්කිසි දවසක ලෙඩ්ක් මැරුණෙ නැත්නම් ඊළඟ දා දෙන්නෙක් මැරෙනව ! මේක මං විහිළුවට කියන එකක් හෙම නෙවෙයි. සමහරවිට එහෙම වුණේ මට මරණය ගැන අත්දැකීම් ලැබෙන්නද දන්නෙ නෑ.

මේ වාට්ටුව හරහා යන අර තරුණ වෛද්‍යවරිය මුකුළු කරමින් අර තරුණ වෛද්‍යවරයාට කියන්නෙ “අදත් ඩී. සී. එකක් අනේ. ” කියල. ඩී. සී. එකක් කියන්නෙ මරණ සහතිකේට (Death Certificate).

This entry was posted in 14. මට මතකයි, සිංහල. Bookmark the permalink.

3 Responses to අදත් ඩී. සී. එකක් !

  1. indika says:

    අනේ මන්දන්නෙ නෑ සර්, ඒ ඩොක්ටර්ට ඒක එච්චරටම විහිලුවක්\සරල දෙයක් වුනේ ඇයි කියල. මටනම් අපේ වාට්ටුවෙ මරණයක් වුනාම ඒක හරියට හිතට දැනෙනව.

  2. Anu says:

    මම හිතන්නෙ සර් ඔය ඉස්පිරිතලය කලුබොවිල නෙත්තම් ජයවර්ඩ්නපුර වෙන්න ඈති !

    • kumudupinto says:

      අපොයි නෑ. මහ ඉස්පිරිතාලෙ. මහ ඉස්පිරිතාලෙ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s