අපේ පන්තියේ හොඳම ඔළුව

මම මෙහෙම ආතරයිටිස් හැදිල ගෙදර ඉන්න කාලෙ විශ්ව විද්‍යාලෙ යාළුවො මාව බලන්න එනව. කතා කර කර ඉඳල යනව. ඒ අය අතරින් එක්කෙනෙක් ගෙ පැමිණීම මට හොඳට මතක හිටියා.

ඉස්කෝලෙදිත් මාත් එක හිටියා ෂිරාන් කියල මිතුරෙක්. පහේ පන්තිය වෙනකම් අපි එක පන්තියකට වැටුනෙ තුනේදි විතරයි. ඒ පන්තියෙදි එයා පළවෙනියා. හයේ ඉඳන් උසස් පෙළ වෙනකම් ම එය පළවෙනියා. සාමාන්‍ය පෙළ ඩී අටයි. උසස් පෙළ ඒ හතරයි. ඒ කාලෙ අද වගෙ නෙවෙයි. අපි උසස් පෙළ කළ අවුරුද්දෙ රටටම හිටියෙ ඒ හතරෙ ඒවා දෙකයි, ගණිත අංශයෙන්.

සාමාන්‍යයෙන් ෂිරාන් හරි කුලෑටියි. හඉයෙන් කතා කරන්නෙ වට් නෑ. මේ මනුස්සයා කාගෙන් දෝ අපේ ගෙදරට එන පාර අහගෙන ආවෙ නැතෑ ගෙදරට. මේක හරිම විශේෂයක් වෙන්නෙ ඒ කාලෙ හැතැප්මකට කිට්ටු දුරක් පයින් එන්න තිබුණ හන්ද. තනියම ගේ හොයාගෙන ඇවිල්ල ටිකක් කතා කර කර එහෙම ඉඳල ගියා.

ඉස්කෝලෙ මට වැඩිය වයසින් වැඩි එක්කෙනයි හිටියෙ. මේ ළඟකදි අපේ ඉස්කෝලෙ බැච් එකේ එකතුවක් තිබුණා. ආ, ඒකටත් ෂිරාන් ඇවිල්ල හිටියා. ඒකෙදි කා අතින් ද කියවුණේ දැන් දැන් අපේ එක එක්කෙනා යන්න පටන් අරන්. ඒ හන්ද අපිත් බෑග් පැක් කර ගත්තොත් හොඳයි කියන එක. මේවා ඉක්මනට ලියල තියන්නෙ ඒ හන්දයි.

This entry was posted in 14. මට මතකයි, සිංහල. Bookmark the permalink.

4 Responses to අපේ පන්තියේ හොඳම ඔළුව

  1. yanna patan ragena kiyanne?????

    • kumudupinto says:

      ඒව තේරුම් ගන්න තව වයස තියෙනව. දැම්ම කලබල වෙන්න එපා.

  2. අමිල says:

    “මේවා ඉක්මනට ලියල තියන්නෙ ඒ හන්දයි.”
    හපොයි.. මොනවද මේ කියල කතා..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s