චණ්ඩ මාරුතය මඳ සුළඟක් බවට

තුන්වන මට්ටමේ කොටු උඩින් ඔබ ගමන් කරද්දි ඔබ ඉතාමත්ම සැර ආවේග ප්‍රකාශ කරන්නෙකු බවට පත් වෙනවා. ඒ ආවේග ප්‍රකාශ කිරීම කොච්චර සැර ද කියනව නම් ඒවාට මුහුණ දෙන්න ඉදිරියේ ඉන්න අයට හුඟක් අපහසුයි. ඒ ආවේගය ධනාත්මක වුවත් ඍණාත්මක වුවත් කතන්දරේ මේකමයි. ඒ වගේම මේ කොටු දෙකේදි වැඩි හරියක් එන්නෙත් ඍණාත්මක ආවේග යි.

දෙවන මට්ටමේ අධ්‍යාපනයෙන් පස්සෙ ලැබෙන විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිරූපනය වන්නේ මෙම තුන්වන මට්ටමෙන්. ඇත්තටම විශ්ව විද්‍යාල සිසුන් පොදුවේ එකට එක් වී යම් විරෝධතා ව්‍යාපාරයක් දියත් කළොත් සාමාන්‍ය අයට මෙන්ම රජයට ද එය දරා ගන්න බැහැ. ඒකයි බොහෝ අවස්ථාවල දී ඒවා පාලනය කිරීමට කඳුළු ගෑස් ඕනෑ වෙන්නෙ.

මේ තුන්වන මට්ටමෙන් හතරවන මට්ටමට යමෙක් පැමිණි වහාම හදිසියේම වැස්සකින් ගිනි දැල් නිවී යන්න්නා වගෙ මේ ආවේග සියල්ලම සමාප්තියට පත් වෙනාඅ. ආයෙත් ඒ ආවේගවලට හිස ඔසවන්න පුළුවන් මානසික තත්ත්වයක නෙවෙයි දැන් මේ සිව්වන මට්ටමට පැමිණි පුද්ගලයෙක් කල්පනා කරන්නෙ. ඒ හන්දා තුන්වන මට්ටමෙන් සිව්වන මට්ටමට පැමිණිම චණ්ඩ මාරුතයක් එක පාරටම සිහිල් සුළඟකට හැරුනා වාගෙයි.

ඒ එක්කම මතක තබා ගත යුතු ඊළඟ වැදගත් දේ තමයි අතිශය සුන්දර ප්‍රේමය මේ කොටු දෙකට අයත් දෙයක් වීම. මේ කොටුවලදී තරුණියකගේ සියුමැලි සුලලිත කෝමල බව ට වශී වන තරුණයා ප්‍රේමය අරඹයි. මේ ප්‍රේමය තරුණයා ගෙන් තරුණියට ලැබෙන ප්‍රේමයක් වෙයි.

මෙයට පහළ කොටුවලදී ඇහිවන ප්‍රේමය හුදෙක් පුරුෂයාගේ පෞරුෂය නිසා කාන්තාව ඒ වෙතට ඇදී යාමක් දක්නට ඇත, විශේෂයෙන් දෙවන මට්ටමේ දී සිදු වන්නේ එයයි. නමුත් එහිදී සුන්දරත්වය එතරම් දැකිය නොහැකි බවයි අදහස.

This entry was posted in 11. Duality, සිංහල. Bookmark the permalink.

2 Responses to චණ්ඩ මාරුතය මඳ සුළඟක් බවට

  1. අවසාන ඡේදයට එකඟ වෙන්න අමාරුයි සර්,
    හුදෙක් පෞර්ෂය නිසා ප්‍රේමය ඇතිවෙන බව නම් මමත් අත් දැකලා තියෙනව. ඒත් මම දකින්නේ ඒකෙ සුබවාදී පැත්තක්. සාමාන්‍යයෙන් ඔය කාලෙදි රැකියාව, සමාජ තත්වය වගේ වචන සාකච්ඡාවෙන්නේ නැතුවා හෝ යෙදෙන්නේ අඩුවෙන්.
    එතකොට තමන්ට යමක් නැති කාලේ තමාගේ ගතිගුණ ගැන පමණක් හිතලා තමාට ලංවෙන කෙනා ජීවිත කාලෙම තමන් වෙනුවෙන් තමා එක්ක ඉඳියි කියන වගකීම් සහතිකය දෙන්න පුලුවන් නේද ?. ඇත්තටම එහෙම නොවෙන අවස්ථා තිබ්බත් අනික් අවස්ථා එක්ක බැලුවම ඒක තරමක් හෝ ඉදිරියෙන් ඉන්නව නේද. ????

    • kumudupinto says:

      පළවෙනි කාරණේ මං සුන්දර කියන වචනය පාවිච්චි කළේ බලන් ඉන්න කෙනෙක්ගෙ අර්ථයෙන්. “Romance” කියන වචනය යෙදෙන්නෙ තුන්වෙනි කොටුවට උඩින් ඇති කොටුවකදී ඇති වන ප්‍රේමයට. බලා ඉන්න කෙනෙකුට ඒක හරි ලස්සණයි. දෙවෙනි කාරණේ මම තවම පහළ ඉඳන් ඉහළටයි විස්තර කරගෙන යන්නෙ. එයින් කියවෙන්නෙ නෑ, හැම කෙනෙක්ම ජීවිතේ පටන් ගන්නෙ පහළම මට්ටමෙන් කියා. ඉවසන්න, මුළු ලිපි පෙළ ම එනතෙක්.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s