Binary වලින් Hexa-Decimal වලට

මම ඊස්ට්-වෙස්ට් එකේ ඉන්න කාලෙ හරි වැඩක් වුණා. ඒකෙ කළමණාකාර අධ්‍යක්ෂකතුමා වෙලා හිටියෙ නහිල් විජේසූරිය කියන අති විශිෂ්ඨ ප්‍රායෝගික මනුස්සය. මං එහෙම කියන්නෙ හේතු ගොඩාක් නිසා. ඒ හේතු පුළු පුළුවන් වෙලාවට ටික ටික කියන්නම්.

දවසක් නහිල් මට කිව්ව Binary අගයක් Hexa-Decimal වලට හරවන්න ඕනෙ කියල Lotus 123 වලින්. ඒ කාලෙ එක් Number System එකකින් තවත් Number System එකකට අගයයන් මාරු කරන්න විශේෂ ශ්‍රිත තිබුණෙ නෑ. ඒ හන්ද මම ඇහැව්ව අවශ්‍ය අඩුම හා වැඩිම අගයයන්. නහිල්ගෙ උත්තරේ වුණේ 0 සිට 255 දක්වා කියල.

ඕගොල්ලො විස්වාස කරන එකක් නෑ. මම පාවිච්චි කළේ Char() හා Code() යන ශ්‍රිත. ඒ සමීකරණයට පාදක වුණේ “A” වල ASCII අගය 65 හා “1” වල ASCII අගය 49 ය කියන දත්තය පමණයි. ඔහු මගෙන් ප්‍රශ්ණෙ අහපු වෙලාවෙම ඊට විනාඩි කිහිපයකට පස්සෙයි මං ඒක විසඳල දුන්නෙ. මේ සමිකරණය මං ඔහුට තේරුවා. මේ වැඩේ හන්ද මං දිහා ත් අමුතු විදියකට බලන්න නහිල් පුරුදු වුණා. ඒ හන්ද මට යම් පිළිගැනීමකුත් ලැබුණා, විශේෂයෙන් නහිල්ගෙන්.

මං මේ ලිපියෙන් මේ කාරණය මතු කළේ මේන්න මේ හේතු ටික හන්දා. එකක් අපට අවශ්‍ය කාරණය කර ගන්න ඕනා තරම් ශ්‍රිත අප භාවිතා කිරීමට බලාපොරොත්තු වන මෘදුකාංගයේ තියෙනවා. ඕනෑ වෙන්නෙ ප්‍රායෝගිකව ඒ දිහා බැලීම විතරයි. ඊළඟ දේ ගැටළුවක් පුළුවන් තරම් ඉක්මනට විසඳන එක ඉතාමත්ම වැදගත්. මෙන්න මේ කාරණා දෙක මතු කරන්නත් මට ඕනෙ උණා, මගෙ පම්පෝරිය ගහන එක අස්සෙ.

This entry was posted in 06. පරිගණක අත්දැකීම්, සිංහල. Bookmark the permalink.

2 Responses to Binary වලින් Hexa-Decimal වලට

  1. අමිල says:

    මම කළා විෂයන් කලේ.. ඒකයි අහන්නේ ශ්‍රිතයක් යනු කුමක්ද?

    • kumudupinto says:

      ශ්‍රිතයක් (Function) කියන්නෙ යම්කිසි නිශ්චිත ක්‍රමයකට සමීකරණයකට අනුව යම් ගණනය කිරීමක් කරන්නට බොහෝ මෘදුකාංගවල දී ඇති පහසුකමක්. උදාහරණ වශයෙන් Sum, Average, Sin හා Cos කියන්නෙ ශ්‍රිත.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s