MS Excel Spreadsheet එකක දත්ත ඇති කොටසක් Transpose කරනා ක්‍රම දෙක

අපි හිතමු MS Excel Spreadsheet එකක A1 සිට B3 දක්වා ඇති කොටසේ යම් දත්ත ටිකක් ඇතුළු කරලා තියෙනවා කියල. එතකොට මේ කොටසේ පේළි තුනකුත් ( 1, 2 හා 3 ) තීරු දෙකකුත් ( A හා B ) තියෙනවා.

නිතන්න යම් හෙයකින් අපට මේ දත්ත ටික පේළිවල තියෙන ඒවා තීරුවලටත් තීරුවල තියෙන ඒවා පේළිවලටත් මාරු කරන්න ඕනෙ කියලා. මේ වැඩේ කරලා ඉවර වුණහම දත්ත තියෙන්න ඕනෙ A5 සිට C6 දක්වා ඇති කොටුවලයි. ඒ කියන්නෙ 1 නම් පේළියේ (A1, B1 හි) ඇති දත්ත A නම් තීරුවටත් (A5, A6 වලටත්) 2 නම් පේළියේ (A2, B2 හි) ඇති දත්ත B නම් තීරුවටත් (B5, B6 වලටත්) 3 නම් පේළියේ (A23, B3 හි) ඇති දත්ත C නම් තීරුවටත් (C5, C6 වලටත්) Copy විය යුතුයි. කිරීම නමින් හඳුන්වන මේ වැඩේ අපට කරන්න ක්‍රම දෙකක් තියෙනවා.

පළමු ක්‍රමය

* පළමුව A1 සිට B3 දක්වා ඇති ප්‍රදේශය Highlight කරන්න.
* ඉන්පසු Menu එකෙහි Edit – Copy මඟින් හෝ Right ක්ලික් කර Copy මඟින් හෝ CTRL – C මඟින් හෝ ඒ කොටස Copy කරන්න.
* ඉන්පසු A5 සිට C6 දක්වා ඇති ප්‍රදේශය Highlight කරන්න.
* ඉන්පසු Mouse එක Right ක්ලික් කර එහි ඇති Paste Special යන්න ක්ලික් කරන්න.
* එවිට ලැබෙන Window එකෙහි Transpose යන්න සලකුණු කර OK කරන්න.
* ඔබේ අවශ්‍යතාවය ඉටු වී ඇත. A1 . . B3 කොටස අනවශ්‍ය නම් මකා දමන්න.

දෙවන ක්‍රමය

* පළමුව A5 සිට C6 දක්වා ඇති ප්‍රදේශය Highlight කරන්න.
* Highlight වූ ප්‍රදේශය එසේ තිබියදී =Transpose(A1..B3) යන්න ටයිප් කරන්න ( Enter කරන්න නම් එපා ! )
* ඉන්පසු CTRL හා SHIFT යන Keys ඔබාගෙන Enter Press කරන්න.
* Highlight වූ ප්‍රදේශ යථා තත්ත්වයට ගෙන ඒමට දෙවරක් ESC ඔබන්න.
* ඔබේ අවශ්‍යතාවය ඉටු වී ඇත. A1 . . B3 කොටස අනවශ්‍ය නම් මකා දමන්න.

මෙසේ ටයිප් කර අවසාන වූ පසු CTRL හා SHIFT යන යතුරු ඔබාගෙන Enter කරන Function වලට Array Formula යැයි කියනු ලැබේ.

This entry was posted in 07. Spreadsheets, සිංහල. Bookmark the permalink.

One Response to MS Excel Spreadsheet එකක දත්ත ඇති කොටසක් Transpose කරනා ක්‍රම දෙක

  1. තුන්වනි ක්‍රමයකුත් ඇති බව සිහියේ තබාගන්න.

    ඒ තමා ඔය දත්ත හය නැවත අවශ්‍ය පිළිවෙලට ටයිප් කරගන්න එක!!!

    මොනව නොදැන හිටියත් ඒක කාටත් කරන්න පුළුවන් දෙයක්.

    අපි බොහෝ විට කැමති කෙටි ක්‍රම වලට නේ, නේද?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s