තවත් ඒ වගේම කතාවක්

ඇත්තටම කලින් කතාවෙ ගෝලයගෙ පියාට මං දැන් කියන්න යන කතාවත් කිව්ව. ඔහු ඉක්මනින් ම තීරණය ගන්න මං හිතන්නෙ මේ කතාවත් හේතුවක් වෙන්න ඇති.

ඒ කාලෙ මං හිතන විදියට රූපවාහිනී ආයතනයෙ ඉහළ නිලයක් දැරූ කෙනෙක්ට කොන්දෙ පිළිකාවක් ඇවිල්ල. ඇඳක දිගා කරල තියලයි බේත් කරන්නෙ. ඔහුගෙ සොහොයුරියක් මේ ගැන කියන්න උත්තම සාදු ළඟට ආවා. සාමාන්‍යයෙන් උත්තම සාදු මේ වගෙ වැඩක් කරන්න ඉස්සෙල්ල පොරොන්දු කීපයක් ගන්නව. එකක් ඒ අයව තිසරණයෙහි පිහිටවන එක. දෙවනුව සියළු මස් මාංස වලින් වැළෑන බවට පොරොන්දුවක් ගන්න එක. තුන්වෙනුව උත්තම සාදු ලෙඩාව බාර ගත්තයින් පස්සෙ කිසිම යන්තර මන්තර ගුරුකම් තොවිල්පවිල් නොකළ යුතු බව. මේ පොරොන්දු ගත්තායින් පස්සෙ උත්තම සාදු පිටත් වුණා ලෙඩා බලන්න වෑන් එකකින්. ඒ අවස්ථාවෙ උත්තම සාදු මුණ ගැහෙන්න ඇවිත් හිටි කීප දෙනෙක් ම වෑන් එකේ ඉඩ තිබූ නිසා වෑන් එකට නැග්ග. ඒ අය අතුඉන් මාත් එක්කෙනෙක්.

ලෙඩා ළඟට ගිහිල්ල ලෙඩා ව තිසරණෙහි පිහිටවල ලෙඩාගෙනුත් අර පොරොන්දු අර ගත්තයින් පස්සෙ උත්තම සාදු කිව්ව ලෙඩා ට නැගිටල කාමරය හරහට ගමන් කරන්න කියල. මේ ඉල්ලීමට ඔහුගෙ පුතා විරුද්ධ වුණා. තාත්තට ඇවිදිනව තියා නැගිටින්නත් බැරි එකේ එහෙම දෙයක් කරවන එක වැරදි බවයි ඔහුගෙ අදහස වුණේ. ඒත් උත්තම සාදු ලෙඩාගෙන් ඈතට ගිහිල්ල කිව්ව කිසි කෙනෙක්ගෙ උදව්වක් නැතුව නැගිටින්න කියල. ඔහු ත් නැගිට්ට. ඊළඟට ඇදෙන් බැහැල ඇවිදගෙන කාමරයේ අනෙක් කොනට ආව. මෙහෙම ඔහුව සනීප කරල උත්තම සාදු නැවත සෙනසුනට වැඩියා.

ඊට මාස කිහිපයකට පස්සෙ ආයෙත් ලෙඩාගෙ සොහොයුරිය ආව. ආයෙත් ලෙඩේ වැඩිවෙලා. ඒ පාර උත්තම සාදු ඇයගෙන් ඇහැව්ව, මොකද වුණේ කියල. ඇය කිව්ව විදියට නෑයො යාළුවො එහෙම කියල තියෙනව “ඔහොම ලෙඩ සනීප කරන්න පුළුවන්ද ? අපි තොවිලයක් කරමු කියල. තොවිලය කරල. පහුවෙනිදම ආයෙත් ලෙඩේ වැඩි වෙලා. ඒ පාර උත්තම සාදු කිව්වෙ “දැන් මට මොකුත් කරන්න ඉතුරු එලා නැහැ.” කියන එකයි. දවස් කිහිපයකට පස්සෙ ලෙඩා මැරිල.

මම මේ කතාව අර මගෙ ගෝලයගෙ තාත්තට කිව්ව. ඒ මුළු වෙලාවෙම මමත් එතන හිටි නිසා ඒ මුළු සිද්ධියම මම දැක්ක බවත් ඒ සිද්ධිය අද්භූත බවත් මා ඔහුට කියා සිටිය. ඔහුට තමාගෙ පුතාව සනීප කර ගන්න ඒ සිද්ධියත් මුල් වෙන්න ඇතැයි කියල අදටත් මං විස්වාස කරනවා.

This entry was posted in 02. මා දුටු බුදු දහම, සිංහල. Bookmark the permalink.

2 Responses to තවත් ඒ වගේම කතාවක්

  1. උත්තම සාදු ඇයි කොන්දේසි දාන්නේ?

    ඇයි දෙවන වර ලෙඩාව බලන්න යන්න ප්‍රතික්‍ෂේප කලේ?

    උත්තම???

    • kumudupinto says:

      පළවෙනි කාරණේ ඒ කොන්දේසි නොදැම්මොත් උත්තම සාදු පාවිච්චි කරන ක්‍රමෝපායයන් වැඩ නොකරනවා වෙන්න පුළුවනි. දෙවෙනි කාරණේ ප්‍රතික්ෂේප කරන්න හේතුව ඒ වෙනකොට කරන්න දෙයක් නැති වෙන තරමට කාරණය නරක් වෙලා තියෙන්න ඇති.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s