තුන්සීයත් ගැහැව්වා.

මේ ලිපියත් එක්ක මගෙ මුළු ලිපි ගණන තුන්සීයයි. ඒ එක්කම මේ වෙනකොට Comments 616ක් ලැබිල තියෙනව, මගෙ උත්තරත් එක්ක. හැබැයි මම ලැබුණු හැම Comment එකකටම උත්තර දුන්නෙ න. ඒ කියන්නෙ එක ලිපියකට සාමාන්‍යයෙන් Comments දෙකක් විතර ලැබිල තියෙනව. නරකම නෑ.

මං මේ කියන්න යන්නෙ පරිනාමයෙ නරක පැත්තක් වගේම හොඳ පැත්තකුත්. අපි ඒ කාලෙ හුඟාක් පොත් කියෙව්වා. ඩබ්ලිව්. ඒ. සිල්වා හුඟාක් පාඨකය් ඇද ගත්ත තමන්ගෙ පොත්වලට. ගොළු හදවත ලොකු රැල්ලක ආරම්භය වුණා. නමුත් රූපවාහිනියෙ පැමිණීමත් එක්ක පොත් කියවන පිරිස අඩු වුණා.

නමුත් මං හිතන්නෙ නම්, කරුණාසේන ජයලත් ගොළු හදවතෙන් අපට දුන්න හැඟීම්, ලෙස්ටර්ගෙ චිත්‍රපටයෙන්වත් ඊට පස්සෙ බිහි වූ ටෙලි නාට්‍යයෙන්වත් අපට ලැබුණෙ නෑ කියන එකයි. අර පොතේ දම්මි සුගත්ව මුහුදු වෙරළෙදි ප්‍රතික්ෂේප කරන කොට ඒ ගැන කරල තිබුණු විස්තරය චිත්‍රපටයෙ තිබුණෙ රූපය බොඳ වෙලා යන විදියට. පොතෙන් අපට ලැබුණු හැඟීම මට නම් චිත්‍රපටයෙන් ලැබුණෙ නෑ.

ඒත් මේ බ්ලොග්වලින් නම් දැන් දැන් පත්තරවලින් වෙච්ච තවමත් වෙන වැඩේ වෙනවා ය කියන හැඟීමක් ඇවිල්ල. ඊයෙ පෙරේදයි දුකා ගෙ වික්ටර් රත්නායක නම් අපේ කාලෙ විශිෂ්ඨයා ගැන ලියල තිබූ ලිපිය දැක්කෙ. ඒ වගේම තරුණ ගුරුවරයෙකුගේ සටහන් කියෙව්වෙ. මේ හැම එකකින් ම දකින්නෙ අන්තර්ජාලය හොඳ වැඩක් කරනවා වාගෙ. සම්මාදම් වෙන හැමෝටම ජය හා ශක්තිය.

This entry was posted in 04. හැඟීම්, 13. නිර්මාණයක රස විඳීම, සිංහල. Bookmark the permalink.

8 Responses to තුන්සීයත් ගැහැව්වා.

  1. මගෙන් සුබ පැතුම් කොහොමත් මමත් දැකල තියෙන දෙයක් තමා කතාවක් චිත්‍රපටියක් උනොත් චිත්‍රපටිය අසාර්ථකයි කියල පේනවා…උදාහරණ ෂර්ලොක් හෝම්ස්..

  2. ගොළු හදවත මං කියෙව්වේ අවුරුදු විසි ගනං වලදී.

    මට නං දැනුනේ ඒක ඉතාමත් ප්‍රා්‍රමික පෙම් කතාවක් කියායි.

    මං ඉස්සෙල්ලාම කියවූ නවකතාව මුළු හදින් මම ඇයට පෙම් කොට. ඒ හතරේ පන්තියේදී.

    ගොළු හදවත පුස්සක්.

    • kumudupinto says:

      ඒකට හේතුව වෙන්න පුළුවන් ඒක කියවන්න විසි ගණන් වෙනකම් බලා සිටීම. ඒ කාලෙ ඉතින් පොත් කියව කියව ඕවා ඉගෙන ගන්න කාලෙ නෙවෙයි නෙ.

  3. නියමයි….තව දිගටම් ලියමු

  4. දැන් පොඩ්ඩක් දිහා බලලා ඒකටත් තව වැඩිය ඕනි නෑ 26ක් දාන්න. ලබන ඉරිදාට කලින්.🙂

    • දැන් පොඩ්ඩක් WIKIPEDIA දිහා බලලා ඒකටත් තව වැඩිය ඕනි නෑ 26ක් දාන්න. ලබන ඉරිදාට කලින්.

  5. Chamara says:

    මගෙන් සුබ පතුම්.
    පොත්ක් කියවන එක සහ video බලන් එක අතර මම දකින වෙනසනම්, පොතකින් අපට ලෑබෙන්නෙ අපි මවාගන්නා දර්සනයක්, නමුත් video එකකින් අපට ලබෙන්න director දෑනෙන දෙ. director සහ අපි යන දෙදෙනගෙන් ඒ සිදියට වඩාත් ප්‍රයොගික( සමිප ) සහ සන්වෙදනිය මනස ජය ගන්නවා.

  6. TDK says:

    Congratulations Sir

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s