දෙවියනේ !

“ආකාසට්ඨාච භුම්මට්ඨා
දේවා නාගා මහිද්ධිකා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා
චිරං රක්ඛංතු සාසනං”

අපි පන්සලකට ගියොත් මලක් පහනක් පූජා කරල පින් ටිකක් රැස් කරගෙන ඊළඟට දේවාලෙට ගිහිල්ල අප වටා ඉන්න යම් තරමක් මහානුභාව සම්පන්න දෙවියන්ට ඒ පින් අනුමෝදන් කරනව. ඒ මොකටද ? තව ටිකාක් හරි පින් රැස් කරගෙන තව ටිකක් කල් හරි ඒ සැප විඳින්න ඩ දෙන්න. හැබැයි අපි ඒ වැඩේ කරන්නෙ පාලියෙන්.

ඊළඟට සිංහලෙන් අපි දෙයියන්ගෙන් එක එක දේ ඉල්ලනව. ඒ ගොල්ලො අපෙන් පින් බලාපොරොත්තු වෙනව කිඅල පොතේ තිබුණත් අපි පාලියන් පින් දුන්නත් සිංහලෙන් අපි එහෙම හිතන්නෙ නෑ.

පන්සිය පනස් ජාතක පොත අරන් බැලුවත් ධම්ම පදය අරගෙන බැලුවත් ඕනෑ තරම් කතා පුවත් තියෙනව දිව්‍ය ලෝකෙකට යන්න නම් කරන්න ඕනෙ දේ ගැන. මඝ මානවක කතාවම මදෑ. විස්තර කරල තියෙන්නෙ එසේ මෙසේ කෙනෙක් වෙන හැටි නෙවෙයි. දෙදෙව් ලොවට අධිපති සක් දෙවිඳුන් වෙන හැටියි. ඒත් අපි ඒ කතා පෝයට බණට කියන කොට අහගෙන ඉඳීමට සීමා කරල. අපි කරන්නෙ දෙයියන්ට බයේ ජීවත් වෙන එකයි.

අපි ථෙරවාද බුදු දහම ඉතුරු වෙලා තියෙන්නෙ අපේ රටේ විතරය කියල පම්පෝරි ගැහුවට වැඩක් නෑ. බුදු දහම වඩන්න , බුදු දහමෙහි යෙදෙන්න නෙ ඕනෙ.

කවදා අපේ බහුතරයක් හැබෑ බුදු දහමෙහි යෙදෙන්න පටන් ගනීවි ද ?

“එත්තාවතාච අම්මෙහි
සබ්බතං පුඤ්ඤ සම්පදං
සබ්බෙ දෙවා අනුමෝදන්තූ
සබ්බෙ භූතා අනුමෝදන්තූ
සබ්බේ සත්තා අනුමෝදන්තූ
සබ්බ සම්පත්ති සිද්ධියා”

This entry was posted in 02. මා දුටු බුදු දහම, සිංහල. Bookmark the permalink.

One Response to දෙවියනේ !

  1. මම නං දිවියෙ ලෝකෙ යතොත් යන්නෙ අර නන්ද කුමාරය වගේ කවුරු හරි මාව රුවැට්ටුවොත් විතරයි.

    අනේ මට නං එපා ඔය වැඳිරියෝ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s