පුදුමාකාර හැකියාවක් !

මං ඊස්ට් වෙස්ට් එකේ ඉන්න කාලෙ තවත් පුදුම දෙයක් සිද්ද වුණා. මං ඒක මුල ඉඳන් ම විස්තර කරන්නම්.

මම Computerlink ආයතනයෙ සේවය කරන කාලෙ මගෙන් ඉගෙන ගන්න ආවා ශිෂ්‍යයෙක්. එයාගෙ තාත්ත ඒ කාලෙ ප්‍රධාන බෞද්ධ ආයතනයක ඉහළ නිලයක් දරමිනුයි හිටියෙ. ඒ ගොල්ලො ඒ කාලෙ ඉඳන්ම නිර්මාංශ ආහාර ගන්නා අය. ඊට පස්සෙ ඔහු NIBM ආයතනයට බැඳුනා, ඒකෙ පූර්ණකාලීන ඩිප්ලෝමාව කරන්න.

පස්සෙ ඔහුගෙ පියාගෙන් දැන ගත්ත විදියට ඔහු විවාහ වී දෙන්නම ඕස්ට්‍රේලියාවට ගිහිල්ල එහෙ රැකියාවකට. එක වතාවක් පියා මැලේසියාවට ගිය ගමන් හිතිල තියෙනව ඕස්ට්‍රේලියාවට ගොස් පුතාගෙ සුව දුක් බලන්න. ඒ අයට නොකියාම පියා ඕස්ට්‍රේලියාවට ගියා. එහෙදියි දැන ගත්තෙ පුතා රෝහල් ගත වෙලා බව. පුතාට යම්කිසි රෝගයක් හැදිල අත පය වාරු නෑ. ඒකට ඒ කාලෙ කිව්වෙ “Mystery Disease” කියල. ඕස්ට්‍රේලියාව ඒකට බේතක් හොයාගෙන තිබිල නෑ. ඒ රෝගය ආසියානු රටවල තිබිල නෑ. තාත්ත මේක දැක්ක ගමන් හෝස් ගාල පපුව පත්තු වෙලා. තාත්ත තීරණය කළා පුතාව ගෙදර ගෙනියන්න. ඒ තීරණයට රෝහල් බලධාරීන් විරුද්ධ වෙලා. ඒකට හේතුව මේ රෝගය ලංකාවෙ නැති වීම. “ඒත් ඕගොල්ලො ගාව ඒකට බේත් නැහැ නෙ. තවම බෙහෙත් හොයාගෙන නැහැනෙ. ඉතින් මෙහෙ ඉන්න එකේ තේරුමක් තියෙනවද ? ” කියල බලෙන්ම පුතාව කොළඹට ගෙනාව. ගෙදර ගෙනල්ල තියෙන්නෙ රෝද පුටුවෙන්.

මං ඊස්ට් වෙස්ට් ආයතනයෙ වැඩ කරද්දි මට පණිවිඩයක් එවා මා ඔවුන්ගේ ගෙදරට එක්කගෙන ගියා. ඒ වෙනකොට ඔවුන් උත්තම සාදු ගැන දැනගෙන. මගෙන් ඇහැව්ව උත්තම සාදු කරන වෙදහෙදකම් විස්වාස කරනවද කියල. මගෙ උත්තරේ වුණේ “ඒක විස්වාසයක් නෙවෙයි. මං දන්නවා උත්තම සාදුට ඒ දේවල් කරන්න පුළුවන් බව.” කියලයි. ඔවුන් වහාම තීරණය කළා ලෙඩාව උත්තම සාදු ළඟට ගෙන යන්න.

ඒ අය නිර්මාංශ නිසා වැඩේ අමාරු වුනේ නෑ. උත්තම සාදු ලෙඩෙක් හොඳ කරන්න බාර ගන්න කොට එක් ඉල්ලීමක් කරනවා. ඒ තමයි පවුලේ හැමෝම නිර්මාංශ විය යුතු බව.( ඒ උණාට දැන් නම් මං නිර්මාංශ ආහාර පමණක් ගන්න කෙනෙක් නෙවෙයි. මොන කරුමයක් ද දන්නෙ නැහැ. ) ඉතින් එතුමා ලෙඩාට බෙහෙත් කරන්න පටන් ගත්තා.

ඊට මාස ගණනාවකට පසු ඔහු ම කාරය එළවගෙන ආවා ඊස්ට් වෙස්ට් ආයතනයට මා ව මුණ ගැහෙන්න ඔහුගෙ බිරිඳත් සමඟ. ඒ කාලෙ අපි හිටියෙ තුන්වන නැත්නම් හතරවන තට්ටුවෙ. සෝපානයක් තිබුණෙත් නෑ. ඔහු බිරිඳගෙ උදව්වක් නැතිවම තරප්පු පෙළ නැඟ ගෙන ආයතනයට ආවා.

මේ උත්තම සාදුගෙ විශිෂ්ඨ හැකියාව ලෝකයට මතු වූ තවත් අවස්ථාවක්.

This entry was posted in 02. මා දුටු බුදු දහම, සිංහල. Bookmark the permalink.

3 Responses to පුදුමාකාර හැකියාවක් !

  1. isuru says:

    Sir digatama liyanna. Sir ge blog 1a balanne hugak asawen.

  2. කවුද උත්තම සාදු කියන්නේ?කොහෙද ඉන්නෙ? එතුමා ගැන විස්තර ටිකක් කියන්ඩකො.

    • kumudupinto says:

      “මා දුටු බුදු දහම” යන Category එක යටතේ වැඩි හරියක් දැනට ලියල තියෙන්නෙ එතුමා ගැන තමයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s