සාපේක්ෂ උස

අපි එකතු කිරීම අඩු කිරීම වගෙ මූලික ගණනය කිරීම්වලට පහළින් ඉන්න තාක් ඒවට ලොකු බයකුයි තියෙන්නෙ, තිබුණෙ. අපි චක්කරවලට පහළින් ඉන්නකම් චක්කරවලට පරාණ බයක් තිබුණා. වැල් පොළිය ගැන කතා කළත් සමීකරණ ගැන කතා කළත් ඒ ටිකමයි.

අපි සාමාන්‍ය පෙළට පහළින් ඉන්න කොට සාමාන්‍ය පෙළ විභාගෙට බයයි. උසස් පෙළ විභාගෙට පහළින් ඉන්න කොට ඒ විභාගෙට බයයි. ඒත් සාමාන්‍ය පෙළ සමත් වුණහම ඊට උඩට ගියහම අපට ඒ බය නෑ. උසස් පෙළ සමත් වෙලා ඊට උඩට ගියහම ඒකට තියෙන බයත් ඇරිල යනව. උපාධියක් ගැන කතා කළත් පශ්චාත් උපාධියක් ගැන කතා කළත් කියන්න වෙන්නෙ ඒ ටිකමයි. අපි ඒ ප්‍රස්තුතයට පහළින් ඉන්න කොට අපට ඒ ගැන තියෙන බය අප ඒ මට්ටමට ආවහම යම් තරමකට ඇරිල යනව. අප එය පසු කර උඩහට යනකොට බය ඇරිල “ඕක මොකක්ද ? ” වගෙ හැඟීමක් අප වසා ගන්නව.

මම මේ කියන්න හදන්නෙ මොකක්ද ? කේන්ද්‍ර ගැන ජ්‍යොතිෂය ගැනත් එහෙමයි කියල කියන්නයි මේ හදන්නෙ.

ජ්‍යොතිෂයට බය කාලෙ, සාපේක්ෂව ඒ සිරස් අක්ෂයෙ ඊට පහළින් ඉන්න කාලෙ අපි ඒ විෂයට පරාන බයයි. ලෙඩක් දුකක් හැදුනහම ඉස්සෙල්ලාම කරන්නෙ කේන්දරේ බලන එකයි. වැඩකට පිටත් වෙන්නෙ රාහු කාලය බලල. පුදුම දීන කමකිනුයි ජිවත් වෙන්නෙ, මොන තරම් ලොකු වැදගත් ඉහළ නිලතල හෙබවූවත්.

ජ්‍යොතිෂය මට්ටමට තමන්ගෙ හිත දියුණු වුනහම වැඩුනහම ඒකට ඒ තරම් බය වෙන්නෙ නෑ. මඟුලක් වගෙ විශේෂ අවස්ථාවකදි කේන්දර බැලුවත් ඒක තමන්ගෙ හිස උඩ තියාගෙන නෑ.

තමන් ඊටත් ඉහළට යනකොට බුදු දහම වගෙ බුද්ධියට වැටහෙන දහමක් ප්‍රගුණය කරන කොට තමන් ඒ අක්ෂයෙ ජ්‍යොතිෂය පහු කරගෙන ඉහළට යනවා. එතකොට තමන්ට ජ්‍යොතිෂය පෙනෙන්නෙ කුඩා කළ තමන් ඉගෙන ගත් තවත් විෂයයක් හැටියටයි. අපි පුංචි කාලෙ ඉගෙන ගත් ඉතිහාසය පරතෙරට නොදන්නව වුනාට අපි ඒකට බය නැහැ වගෙ.

අපට උඩින් තියෙන දෙයක බලපෑම අපට එන එක වළක්වන්න බෑ. ඒ හන්ද ජ්‍යොතිෂය තමන්ගෙ ඔළුවට උඩින් තියෙන කම් ඒකෙ බලපෑම එන එක නවත්වන්න බෑ. ඒ අයට නින්දා කරල බැනල වැඩක් නෑ. චක්කරේ පාඩම් නැත්නම් බැනල වැඩක් නෑ නෙ. ඒක පාඩම් කරන විදියක් කියා දෙන්න නෙ තියෙන්නෙ. මේකත් එහෙමයි.

කේන්දර විතරක් නෙවෙයි වෙන මොන විෂය ගත්තත් වෙන මොන දේ ගත්තත් ඊට පහළින් ඉන්න කම් ඒ දෙයෙහි බලපෑම අපට එන එක නවත්වන්න බෑ. ඒකට කරන්න තියෙන හොඳම දේ ඉගෙන ගන්න ඉගෙන ගන්න තව දුරට තමන් නොදත් දේ තියෙන වඩන්න වඩන්න අවබෝධ වෙන බුදු දහම ප්‍රගුණය කරන්න පටන් ගන්න එකයි. හැබැයි මං හිතන්නෙ නම් යම් අවබෝධයකට පත් වූ ස්වාමීන් වහන්සේ නමක් තමන්ගෙ ගුරු තනතුරේ තියා ගන්නෙ නැතුව ඒ වැඩේට බහින එක ඒ තරම් ඥාණවන්ත වැඩක් නොවෙයි කියලයි.

This entry was posted in 02. මා දුටු බුදු දහම, සිංහල. Bookmark the permalink.

4 Responses to සාපේක්ෂ උස

  1. Some Mistake……..
    කේන්දරේ නලන එකයි.
    රාහු කලය බලල.
    හිත ඩියුණු වුනහම
    කුඩා ක්ළ තමන්

    • kumudupinto says:

      ඒ වැරදි ඔක්කොම හැදුවා. බොහෝම ස්තුතියි Proof Read කළාට.

  2. චරිත says:

    එහෙම ස්වාමීන් වහන්සේලා අද අඩුයිනෙ සර්.

  3. අමිල says:

    කාටද කියන්න පුලුවන් එහෙම ස්වාමීන් වහන්සේ නමක් ගැන

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s