dBase III+ වලින් විජ්ජාවක්

මේකත් මං ඊස්ට් වෙස්ට් එකේ ඉන්දැද්දි සිද්ද වෙච්ච දෙයක්. දවසක් මැනේජ්මන්ට් මීටින් එකකට මම Head Office එකට ගියා. ඒ වගෙ රැස්වීම්වලට ඔක්කොම අධ්‍යක්ෂකවරුත් ඔක්කොම කළමණාකාරවරුත් එනවා. ඒකයි මමත් ගියේ. රැස්වීම පටන් ගන්න කලින් නහිල් මගෙන් ඇහැව්ව මෙන්න මෙහෙම ගැටළුවක් තියෙන්නව. ඒක විසඳල දෙන්න පුළුවන් ද කියල. ඒ ගැටළුව Database Software එකකින් විසඳන්න ඕනෙ ජාතියෙ එකක්.

මං ගැටළුව හොඳට බලල කිව්ව, මේක සාමාන්‍ය සොෆ්ට්වෙයා එකක් නිර්මාණය කරන විදියට කළොත් නම් ලොකු කාලයක් යයි. ඒත් මට ටයිපින් හොඳටම පුළුවන් කෙනෙක් දුන්නොත් වැඩේ ඉක්මනට කරල දෙන්නම් කියල. ඒ කාලෙ dBase III+ වල Dot Prompt එකේ යම් නියෝගයක් ටයිප් කළහම Arrow Keys පාවිච්චි කරල ආපහු පරණ නියෝග ගන්න පුළුවන්. මේ ක්‍රමය පාවිච්චි කරලයි මං ඒ වැඩේ කරන්න බලාපොරොත්තු වුණේ. හොඳ Operator කෙනෙක් ලැබුණු නිසා පැය භාගයකින් විතර ඒ වැඩේ ඉවර කරල උත්තරේ ලබා ගන්න පුළුවන් වුණා.

ඊට පස්සෙයි රැස්වීම තිබුණෙ. රැස්වීමෙදි අනෙක් අය ඉස්සරහ ඊස්ට් වෙස්ට් ආයතනයෙ මෘදුකාංග සංවර්ධනය භාර තැනැත්තට නහිල් හොඳටෝම දෙහි කැපුවා. ඔයා තමන්ගෙ හොඳම ප්‍රෝග්‍රැමර්ස්ලා හතර දෙනෙක් දාලා සති දෙක තුනකින් කරනව කිව්ව වැඩේ මෙයා පැය භාගයකින් නිකම් ඔපරේටර් කෙනෙක් දාලා කළා කියල නහිල් ප්‍රසිද්ධියේම කිව්ව.

මේක එච්චර හොඳ ප්‍රකාශයක් නොවන බව පෙනුනු හන්ද මං කිව්ව, මම ඒක කළේ බොහොම නැහැදිච්ච වැඩකින් බවත් ඇත්තටම සාමාන්‍ය මෘදුකාංග සංවර්ධන වැඩකදි ඒ කාලය යන බවත් ඒ නිසා බැනුම් අහපු පුද්ගලයගෙ ප්‍රකාශයෙ වැරැද්දක් නැති බවත්. ඒකට නහිල් දුන්න උත්තරේ මේකයි. “කස්ටමර්ට මොකෙන්ද ඔය වැඩේ කරන්නෙ. ඒක කරන්නෙ හැදිච්ච විදියකින්ද නැහැදිච්ච විදියකින් ද ඕවා අවශ්‍ය නෑ. එයාට ඕනෙ ප්‍රතිඵලයයි. ඒක ඉක්මනට කරල දෙන එක මෘදුකාංග සංවර්ධනයෙ යෙදිල ඉන්න අයගෙ වැඩක්. ඒක කරන Tool එක තෝරා ගන්න එකත් ඉක්මනට විසඳුම ලබා ගන්නත් බැරි නම් තේරුමක් නෑ. “

This entry was posted in 06. පරිගණක අත්දැකීම්, සිංහල. Bookmark the permalink.

5 Responses to dBase III+ වලින් විජ්ජාවක්

  1. Sriwow.info says:

    ඉතින් මේක ඔයාගෙ වැඩකනේ අපට ගන්න කියල දෙයක් නැනේ

    අපි Sriwow.info

    • kumudupinto says:

      වෙන්න පුළුවන්. මම මේ බ්ලොග් සටහන් ලියාගෙන යනව. ඒවා අතර ,මගෙ අත්දැකීම් ගණනාවකුත් තියෙනව. සමහර ඒවා තවත් කෙනෙක්ට වැඩක් වෙන්න පුළුවන්. තවත් සමහර දේ වල කිසිම වැඩක් නැති වෙන්න පුළුවන්. ඒත් මේ ලිපියෙ නම් වැඩක් තියෙනව කියලයි මං හිතන්නෙ. ඒක තමයි, අපි හුඟාක් වෙලාවට යම්කිසි නොදැනුවත්කමකින් හරි සාම්ප්‍රදායික බවකින් හරි වැහිල ඉන්න නිසා වැඩ කරන්නෙ සාම්ප්‍රදායික ආකාරයකින් නම් අප භාවිතා කරන මෘදුකාංගයේ පහසුකම් නොපෙනී යන්න පුළුවන්. එහෙම නොවෙන එක ගැන උදාහරණයකුයි මේ ලිපියෙන් කියවෙන්නෙ. මම සාමාන්‍යයෙන් වැඩ කරන මෘදුකාංගවල එබඳු හැකියාවන් ගැන මම වෙනත් ලිපිවලින් පවසන්නම්. උදාහරණයක් හැටියට අද කාලයේ Spreadsheet වර්ගයේ මෘදුකාංගයකින් විචල්‍යයන් 5ක් ඇති විසඳිය හැකි සමගාමී සමීකරණ 5ක් ශ්‍රිත දෙකක් පාවිච්චි කිරීමෙන් විසඳන්න පුළුවන්.

  2. නෑ ඒකෙන් ගන්න පුලුවන් දෙයක් තියෙනව…අපි හැමවෙලාවෙම උත්සාහ කරන්න ඕනි ක්‍රමවත්ව වැඩේ කරන්න…ඒත් අක්‍රමවත් උනත් සමහර විසඳුම් අපිට දෙන්න වෙනව අපේ ඉක්මන් අවසානයක් (output)වෙනුවෙන්…

  3. Dbase 3+…..!!!!

    බුදු අම්මෝ 1980 ඒවා නේද?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s