@Hexa

ඊස්ට් වෙස්ට් එකේ වැඩ කරද්දි අපට අවශ්‍ය වුණා තව ලෙක්චරර් කෙනෙක් ගන්න. පත්තරේ දාපු දැන්වීමකට ද කොහෙද මට ඉන්ටර්විව් කරන්න වුණා මුස්ලිම් තරුණයෙක්. ඔහු ඒ වෙනකොට තවත් තොරතුරු තාක්ෂණයට සම්බන්ධ අධ්‍යාපන ආයතනයකයි වැඩ කර කර හිටියෙ.

මම ඔහුගෙන් ඇහුව දහයෙ පාදයේ සංඛ්‍යාවක් දහසයේ පාදයට හරවන්නෙ කොහොමද Lotus 123 වලින් කියල. ඔහු ගත් කටටම කිව්වෙ @Hexa කියල. (Lotus 123 වල සියළුම Functions පටන් ගත්තෙ @ කියන ලකුණෙන්.) මම ඔහුට කිව්ව එහෙම Function එකක් වල නැති බව. ඔහු ඇහැව්ව ‘ඇත්තද සර් , එහෙම Function එකක් නැද්ද ? ” කියල.

ඒ අනුමාන කිරීමේ වේගය හන්දම මං තීරණය කළා ඔහුව ආයතනයට සම්බන්ධ කර ගන්න. ඊට අවුරුදු ගණනාවකට පස්සෙ අපි දෙන්නා වෙනත් ආයතන දෙකක වැඩ කරද්දි මට ඔහුගෙන් දුරකථන ඇමතුමක් ආවා. “සර්. ආන්න දැන්Lotus 123 වල අර මං කිව්ව Function එක තියෙනවා.” කියල. ඔහුගෙ අනුමානය හරි යන්න දශකයක් විතර ගියා.

ඔහු ගැන තවත් කියන්න විශේෂ දෙයක් තියෙනවා. හැමදාම සඳුඳට ආවහම ඉරිද සිංහල පත්තරවල තිබූ රසවත් කෑලි මතක් කරමින් අදහස් හුවමාරු කර ගත්තෙ අපි දෙන්නයි. තවත් සිංහල තරුණ තරුණියන් කිහිප දෙනෙක් ම ඒ කාලෙ ඒ ආයතනයෙ වැඩ කළත් ඒ අය ඉරිද පත්තර බලන්නෙ නෑ. ඒ කාලෙ තමයි උකුස්සා යන අන්වර්ථ නාමයෙන් යමෙක් යම්කිසි පත්තරේකට රසවත් සිද්ධි ගණනාවක් ලිව්වෙ. මේ දේවල් මොනවාද යන්න අනුමාන කරමින් අපි සඳුඳට පුවත් සමාලෝචනයක යෙදෙනවා. ඒ රසවත් සිදුවීම් මතක් කරනකොටත් දැනෙන්නෙ අපූරු සන්තෝසයක්.

This entry was posted in 06. පරිගණක අත්දැකීම්, සිංහල. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s