විශිෂ්ඨත්වයට පත්වීමේ පළමු පියවර හා බුදු දහම

බුදු දහමෙ අප අනුගමනය කළ යුතු මාර්ග තුනක් තිබෙනවා. එකක් ශ්‍රද්ධාව. බුදුන් වහන්සේ කෙරෙහි හරි ධර්මය කෙරෙහි හරි ඒ ධර්මය පුරන, ධර්මාවබෝධය ලැබීම වෙනුවෙන් තම ජීවිතයම කැප කර ඇති සංඝ්‍යා වහන්සේ කෙරෙහි හරි ඇති කර ගන්නා අසීමිත ශ්‍රද්ධාව තමයි පළමු මාර්ගය. ඊළඟ මාර්ගය තමයි ශීලය. අප දැනට නොසලකන, එහෙත් අති විශිෂ්ඨ අන්දමට අර්ථ දක්වා ඇති නීති පද්ධතිය. විශේෂයෙන් මාර්ගයේ ගමන් කරනා අය වෙනුවෙන් පනවා ඇති නීති පද්ධතිය. මෙම නීති පද්ධතිය නිසියාකාරව පිළිපැදීම දෙවන මාර්ගයයි. අවසාන මාර්ගය තමයි ප්‍රඥාව. වෙනත් කිසිම ආගමක නැති සූක්ෂම විස්තර කිරීම්, විශ්ලේෂණය කිරීම්, තර්කානුකූල ඉගැන්වීම්, අභිධර්මය වාගෙ කොටස්. මේ නිසා අනෙක් සියළුම ආගම්වලට වඩා වෙනස් අංශයකුත් බුදු දහමෙ තියෙන බව ඔබට පැහැදිලි වෙන්න ඇති. මේ නිසාමයි බුදු දහමේ විශිෂ්ඨත්වය කැපී පෙනෙන්නේ. හැබැයි මේ හැම පිළිවෙතක්ම දීප්තිමත් වෙන්නෙ ශ්‍රද්ධාවෙන් පටන් ගත්තොත් විතරයි. ශ්‍රද්ධාව සම්බන්ධ වුණොත් විතරයි. එහෙම නැතුව ප්‍රඥාව හරහා පමණක් මාර්ගය තරණය කරන්න ගියොත් අනෙක් මාර්ගවලින් ලැබෙන අවබෝධ, ප්‍රතිලාභ ලැබෙන්නේ නෑ.

අනෙක් අතට සෝභන සාධාරණ චෛතසික 19න් මුල්ම චෛතසිකය ශ්‍රද්ධාවයි. පංචඉන්ද්‍රියවලත් පංචබලවලත් මුලින්ම එන්නෙ ශ්‍රද්ධාවයි. ඒත් අපි ශ්‍රද්ධාව අමතක කරල. ඒක වයසක ඇත්තන්ට බාර දීල. මේ කොහෙදවත් යන විද්‍යාත්මක ක්‍රම නිසා අවසානයේ ලැබිය යුතු ප්‍රඥාවට මුල් හැන දීලා. අමතක කරන්න එපා, සෝභන චෛතස්කවල අන්තිම චෛතසිකයයි ප්‍රඥාව.

අපි ඇත්තටම ප්‍රඥාව කියල හිතාගෙන ඉන්නෙ ප්‍රඥාවමද ? ප්‍රඥාවෙහිදී අපි යමක් පිළිගන්න ඕනෙ අපට තේරෙන විදියටයි. නමුත් ප්‍රයෝගික දෙයක් තේරුම් ගන්නෙ කොහොමද කරල බලන්නෙ නැතුව. එහෙම නම් නිවැරදි ප්‍රඥාව ලැබෙන්න නම්, අපි ඉස්සෙල්ලාම මේ එක එකක් ධර්ම කොටස් කරල බලන්න ඕනෙ. ඒවා ධ්‍යාන, අෂ්ට සමාපත්ති අභිඥා, දිවැස් වාගෙ මොකක් වුණත් සතිපට්ඨාන, සිඟාලෝවාද, ව්‍යග්ගපජ්ජ වාගෙ මොන සූත්‍රයක් වුණත්, ධම්ම පදය අභිධර්මය වාගෙ මොන ධර්ම කොටසක් වුණත් අපි මුලින් ඒක කරල බලන්න ඕනෙ. එහෙම නැතුව විද්‍යාත්මක චින්තනය වාගෙ අච්චුවකට බුදු දහම ඔබන්නට යාම හරිද ?

අපි ගණිතය ඉගෙන ගන්න පටන් ගනිද්දි අපි විශ්වාස කරනවා ගණිතය කියන්නෙ ඉතා හොඳින් අර්ථ දක්වන ලද විෂයයක් කියල. අපි ඒ ගැන සැක කරන්නෙ නෑ. අපි ගණිතයේ නොයෙක් නියම සොයා ගත් අය ගැන, ගණිතඥයන් ගැන හිතන්නෙ ඉතාම ගෞරවයෙන්. අපි ගණිතය ඉතා ඉහළටම ඉගෙන ගෙන ඉවර කරනකම් අපට තේරෙන හැටියට ගණිතය අර්ථ දක්වන්න යන්නෙ නෑ. ඒ එක්කම අපි ගණිතය වෙන විෂයයක් හරහා ඉගෙන ගන්න යන්නෙත් නෑ.

අපි කරාටේ ඉගෙන ගන්න යද්දි අපි විශ්වාස කරනවා කරාටේ ඉතා හොඳින් අර්ථ දක්වන ලද විෂයයක් බවට. අපි ඒ ගැන සැක කරන්නෙ නෑ. අපි කරාටේවල නොයෙක් දේ සොයා ගත් අය ගැන, කරාටේ ශූරයින් ගැන හිතන්නෙ ඉතා ගෞරවයෙන්. අපි කරාටේ ඉතා ඉහළටම ඉගෙන ගෙන ඉවර කරනකම් අපට ඕනෙ විදියට අර්ථ දක්වගෙන කරාටේ කරන්න යන්නෙ නෑ.

ඒත් බුද්ධ ධර්මය වාගෙ ඉතා හොඳින් අර්ථ දක්වන ලද විෂයයක් ඉගෙන ගනිද්දි අපි මේ දේ කරනවද ? අපි විශ්වාස කරනවද බුද්ධ ධර්මය ඉතා හොඳින් අර්ථ දක්වන ලද ධර්මයක් බවට ? අපට ඒ ගැන කිසිම සැකයක් නැද්ද ? අපි බුද්ධ ධර්මය ප්‍රගුණය කළ වැඩූ විශිෂ්ඨ පුද්ගලයින් ගැන හිතන්නෙ කොහොමද ?

ඒ හන්ද නියම බොදුනුවන් හැටියට අපටත් කරන්න තියෙන්නෙ ඒ ටිකමයි. එහෙම නම් මේ පියවර ඒ දේත් එක්කත් හොඳටෝම ගැලපෙනවා.

This entry was posted in 18. විශිෂ්ඨයෙකු වීමට මඟ, සිංහල. Bookmark the permalink.

4 Responses to විශිෂ්ඨත්වයට පත්වීමේ පළමු පියවර හා බුදු දහම

  1. ilandhariya says:

    මෙ ලිපියනම් මෙදවස්වල ගොඩක් වැදගත්….සමහර..අයලිපි ලියලිය අපායේ යන්න දගලනවා මම දැක්කා…..සංඝ බෙදයට තුඩු දෙන ….දෙවල් ඉදිරිපත් කරලා තිබුනා….. සංඝ බෙදය කියන්නේ ආනන්තර්ය්‍ය පාපකර්මයක් නේ නෙද?……….

    බණ කියනකොට උනත් කියන්නේ ශර්දා බුද්දි සම්පන්න කියලානේ……

  2. සරත් ගුණතුංග says:

    ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් උත්පත්තියෙන් බෞද්ධයෝ වෙති. එමනිසා ශ්‍රද්ධාව එපමණම නැත. සමහර උත්පත්තියෙන් බෞද්ධ වෙන අය පසුව අවබෝධයෙන් බෞද්ධයෝ වෙති. ඔවුන් ඉතාමත් හොඳ බෞද්ධයෝ වෙති. ඔවුන් 100%ම ප්‍රඥාවන්තයෝද වෙති. බුද්ධාගම ඇත්තේ ඥාණවන්තයින්ටය, බුදුන් වහන්සේ ධර්මය දේශනා කිරීමට ප්‍රථමයෙන් මැලි වූයේද ශ්‍රී සද්ධර්මය ගැඹුරු නිසාය.

  3. විහඟ ගීතය says:

    පෙන්වා මහිම ප්‍රඥාවෙන් වඩන ලද
    ගන්වා මනස් මිත්‍යාවෙන් මඩන ලද
    ගල්වා දහම් අමයුරු රස සුපිරිසුද
    පෙන්වා දෙන ඔබට පින වේ මැයි නිබඳ

    දැනගෙන සතර විද්‍යා නිම් පුලුල් කර
    මැනගෙන අවිද්‍යාවේ ඉම් පසක් කර
    ලියමින උගත් දේ නිරතුරු අළුත් කර
    වියමන හැඩයි නිතියෙන් අතැඹුලක් කර

  4. අමිල says:

    අගෙයි අගෙයි!! තව පැහැදිලි කරනගන්ට දේවල් තියෙනවා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s