විශිෂ්ඨයෙකු වීමේ පළමු පියවරේ නිමාව

යමෙක් කියනව නම් මේ මල් ඇටය මේ විදියට පැල කරන්න, මේ විදීයට පෝර දාන්න, මේ විදියට සාත්තු කරන්න, අන්තිමේදි මෙච්චර කාලෙකට පස්සෙ ඕගොල්ලන්ට මේ විදියෙ මල් ලැබෙයි, ඒව මේ ගණන්වලට වෙළඳපොළේ විකුණ ගන්න පුළුවන් කියලා. අපි ඒ කියමන් ගැන තර්ක කරල හරි යනව ද ? අපට මේ කියමන් අවබෝධ වෙනවද නැද්ද කියල බලන්න ඕනෙද ? නෑ, මේ කරන්න තියෙන දෙයක්. තර්ක කර කර විවාද කරන්න ඕනෙ දෙයක් නෙවෙයි. මෙතෙක් පහළ වූ සියළුම ආගම් ඒ විදියට ක්‍රියාවට නැඟිය යුතු දේවල්. අපේ මේ පියවර 25ත් ඒ වගේමයි.

මේ කරුණු කාරණාවලින් පේන්නෙ අති මහත් ප්‍රේමය, අති මහත් ගෞරවය, අති මහත් ශ්‍රද්ධාව කියන දේ අප අමතක නොකළ යුතු ඉතා වැදගත් දෙයක් බවයි. මුල් පියවරෙන් කියවෙන්නෙ මේ වැදගත්ම දෙය අප විසින් විෂයයකට, විභාගයකට, රැකියාවකට හෝ ප්‍රේමයකට යෙදුය යුතු බවයි.

මෙතනදි තවත් දෙයක් කියන්නම වෙනවා. මේ යම් පියවරක් පූරණය කරගෙන පූරණය කරගෙන යනකොට ඉබේම ඊළඟ පියවර පිරෙන්නෙ පටන් ගන්නවා. ඒ පිඅවරපූරණය කරගෙන පූරණය කරගෙන යනකොට ඊට පස්සෙ පියවර පිරෙන්න පටන් ගන්නවා. මේ විදියට එක පියවරක් ඊට කලින් පියවරට සම්බන්ධයි. ඒ නිසාම අපටත් විශිෂ්ඨයෙකු බවට පත් වීමේ මේ පියවර 25න් පළමු පියවර නොකැඩී නොබිඳී ආරක්ෂ කර ගත හැකි නම් පියවර 25 ම සම්පූර්ණ කර ගැනීමට එයම ප්‍රමාණවත් වෙනවා.

This entry was posted in 18. විශිෂ්ඨයෙකු වීමට මඟ, සිංහල. Bookmark the permalink.

One Response to විශිෂ්ඨයෙකු වීමේ පළමු පියවරේ නිමාව

  1. අමිල says:

    ඉතාම වැදගත්!!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s