වෙසක් දිනයේ ඉන්ටර්නැෂනල් විභාග

අප අසා ඇති පරිදි වෙසක් දිනය මේ වෙනකොට අන්තර්ජාතික නිවාඩු දිනයක් හැටියට පිළි අරගෙන ඉවරයි. ඒත් මේ ඊයෙ පෙරේදා මට අහන්නට ලැබුණු ආරංචියක්. ආරංචිය ලැබුණු විදිය අනුව එහි නිරවද්‍යතාවය 100% යි.

වෙසක් දිනයේ ත් ඊට පසු දිනයෙත් London A Level විභාගයට දින නියම කරලා. මේ වැඩේ කොහෙත්ම හරි නෑ. අපි ඇත්තටම කතා කළ යුතු විරුද්ධ විය යුතු දේවල් නේද මේ.

රටට ආ වර්ගවාදී උවදුරෙන් රට බේරා ගත් වෙලාවෙ පක්ෂ බේද ජාති බේද ආගම් බේද නොතකා අපි එකතු උණා. අඩු වශයෙන් මේ වෙලාවෙ බොදුනුවෝ වත් එකතු වෙලා මේ ක්‍රියාවට විරුද්ධත්වය පළ කළොත් නේද හොඳ ?

ඔන්න මම ආරංචිය දුන්නා. තනි මට කරන්න පුළුවන් දෙයක් නෑ. පුළුවන් දෙයක් කිරීමට කට්ටිය එකතු කරන එක ඔබට බාරයි.

This entry was posted in 04. හැඟීම්, 21. පටන් ගනිමු ද ? කරල බලමු ද ?, සිංහල. Bookmark the permalink.

11 Responses to වෙසක් දිනයේ ඉන්ටර්නැෂනල් විභාග

  1. අර එකෝන් ගේ ප්‍රශ්නේදි බිහිවුන මහා බෞද්ධ කටවාචලයන්ට කියලා බැලුවා නම් හරි..
    ඒ ගොල්ලෝ කිව්වානේ ඕන දෙයක් කරනවා කියලා…

  2. shani00 says:

    London A Level විතරක් නෙමෙයි, වෙසක් දවසෙ cima exam 1කත් තියනව.

  3. KAS says:

    ඉතින් මොකක්ද ප්‍රශ්නේ. අපිට වැරදුනේ ඔය ඕනවට වඩා නිවාඩු ගන්න ගිහිල්ල තමා. ඔබ දන්නවද පිටරට ආයෝජකයෝ සමහරු ලංකාවේ කර්මාන්ත වල ආයෝජනය කරන්න කැමති නැතිවෙන්න එක හේතුවකුත් මේක.

    වෙසක් නිවාඩුව හොද වුනත් ඒක ජාත්‍යන්තර වුනත් විභාගයක් තියෙන එක ප්‍රශ්නයක් නෙවෙයි. විශේෂයෙන් ඉගෙන ගන්න ළමයි වුනාම නිවාඩු දවසක වුනත් මහන්සි වෙලා ඉගෙන ගන්නවනම් තමයි අනාගතය හොදින් හදාගන්න පුලුවන්. නැතුව ළමා වයසෙ ඉදලම නිවාඩු නිවාඩු කියලා නිකං ඉන්න පුරුදු වුනොත් හැමදාම ගෙදර නිවාඩු තමයි.

    • kumudupinto says:

      මම දැනගෙන හිටියෙ නෑ නෙ ඉරිද තරම්වත් වැදගත්කමක් වෙසක් දිනයට නැහැ කියල. අනෙක් අතට අපි දරුවන් ව පන්සලකට යවන්න, සිල් ගන්න, සිල් ගත්ත අයට උපස්ථාන කරන්න යොමු කරවීමෙ වැරැද්දකුත් මම දකින්නෙ නෑ. බටහිර රටවල් අනිවාර්යයෙන් නිවාඩු දෙන්නෙ සමහර ආගමික උත්සවවලට විතරක් වන නිසා මේ ගැන වාද කරන එකේ තේරුමක් නැහැ කියලයි මං හිතන්නෙ.

      • Wathsala Vithanage says:

        I Agree with you. In the US Christmas season is a long holiday, in Arab they have holidays during their festivals. I agree that we have too many holidays, but that is because we have minorities in Sri Lanka and we take holidays every month for other poyas. But Vesak is important it should be an international holiday because it is the single most important celebration of Buddhists and Buddhism is an international religion (forget about all other poya holidays I personally do not need them).

    • murthi says:

      වෙසක් දවසේ මේ වගේ විභාගයක් තියනවා කියන්නේ ඒකට මූණ දෙන ළමයින්ට වෙසක් දවසේ පින්කම් වලට විතරක් නෙවෙයි, වෙසක් පහන් කූඩු හදන්න, දන්සැල් දෙන්න වගේ ආමිෂ දානයට සහභාගි වෙන්න තියන ඉඩකඩත් ඇහිරිලා යනවා. ලංකාවේ ඕන තරම් අනවශ්‍ය නිවාඩු තියනවා වෙන්න පුළුවං. ඒක එහෙම වෙලා තියෙන්න එක හේතුවක් තමයි ලංකාවේ ප්‍රධාන ජාතියට වගේම ඉන්න අනිත් හැම ජාතියකටම සාධාරණව සලකන්න ඕන වීම. ඒත් වෙසක් පෝය දවස කියන්නේ කොහෙත්ම ඒ අනවශ්‍ය නිවාඩු යටතට වැටෙන දිනයක් නෙවෙයි. ඒ බව තේරුම් ගන්න අපහසු අයට ඒක තේරුම් කරලා දෙන්න වචන නාස්ති කරන එකත් බොරු වැඩක්.

  4. අර එකෝන් ගේ ප්‍රශ්නේදි බිහිවුන මහා බෞද්ධ කටවාචලයන් පේන්න නෑ නේ?

  5. මම නම් හිතන්නෙ නෑ ඔය විකාර කරන අය මේ වගේ දේවල් වලට කතා කරයි කියල. රට ඇතුලත දෙයක් නම් ඒ අය කෑ ගහයි තම නම ප්‍රසිද්ධ කරගන්න. නැතිනම් ඔය අනෙකුත් ආර්ථික වශයෙන් බලවත් කියල කියන රට වලට අවෂය ලෙස නටයි. අනික මම හිතන්නෙ නෑ දැන් ඒ අය මේ දින වෙනස් කරයි කියල කොතරම් කෑ ගැහුවත්.‍ නිවාඩු ඕනි නම් විභහග නොලිය ඊලග පාර කරන්න කියයි.

  6. sanduni says:

    not only London A/ls , cima exams also on vesak poya day…

  7. maleesha says:

    eka hari…. maha bawuddayo ko dan ?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s