අපේ ආයතනයෙන් බිහි වූ පළමුවන පළමු පන්තියේ සාමර්ථය

අපේ ආයතනයෙන් මීට වසර කිහිපයකට කලින් පළමු පන්තියේ සාමර්ථයක් බිහි වුණා, BIT උපාධිය සඳහා. අපි එයාට ආරාධනය කළා කතාවක් පවත්වන්න ඒ වෙනකොටත් එම උපාධිය හදාරමින් සිටි සිසුන් හට.

ඒ කතාවෙදි එයා පැවසූ දෙයක් තමයි, තමන් පුංචි කාලෙ ඉඳන් තමන්ගෙ දෙමාපියො හැම උපන් දිනයකට තමන්ත තෑග්ගක් වශයෙන් අරන් දුන්නෙ පොත්පත් බව. ඒ පුරුද්ද හන්ද තමනුත් උපාධියෙ එක් එක් විෂයට නිර්දේශ ග්‍රන්ථ තමන් මිල දී ගත් බවත් ඒ කාරණය තමන්ට පළමු පන්තියේ උපාධියක් ලැබීමට ඉවහල් වූ බවත් ඔහු තමන්ගෙ කතාවෙදි පැවසුවා.

අප ගාව යම් පොතපතක් තියෙනව නම්, වැඩක් නැති වෙලාවට, වෙන කරන්නට දෙයක් නැති වෙලාවට, කියවන්නට දෙයක් හොයන වෙලාවට තමා ළඟ ඇති පොතක් දෙතුන්පාරක් කියවන එක සාමාන්‍ය සිරිතක්. ඒ හන්ද ඔබට පුළුවන් නම් තමා රැකියාවක් කරනව නම් මේ පොත්පත් මිල දී ගන්න ක්‍රියාවට ඇබ්බැහි වෙන්න ඒකෙන් පාඩුවක් වෙන එකක් නෑ.

ඒ එක්කම අපට මේ වෙසක් මාසයෙ කරන්න පුළුවන් නම් තවත් හොඳ වැඩක් තියෙනවා. අපට පුළුවන් නම්, ත්‍රිපිටකයට අයිති එක පොතක්, විශේෂයෙන් සූත්‍ර පිටකයට අයිති එක පොතක් අපේ දෙමාපියන්ට ගෙනිහින් දෙන්න, ඒක ලොකු සත් ක්‍රියාවක් වෙයි.

සූත්‍ර පිටකයෙ, විශේෂයෙන් මජ්ඣිම නිකායට අයත් ග්‍රන්ථවල හරිම ලස්සණ කතා තියෙනව. ඒ සූත්‍රවලින් ධර්මය පමණක් නෙවෙයි බුදුරජානන් වහන්සේගෙ අසමසම ගුණ සමුදායයත් ඉතාමත්ම ලස්සණට පැහැදිලි වෙනව. ඒ හන්ද පුළුවන්කමක් තියෙනව නම් මේ සත් ක්‍රියාව කරන්න, ඒක ඒ අයත් සතුටු වෙන ක්‍රියාවක් වෙයි.

“සබ්බ දානං ධම්ම දානං ජිනාති.”

This entry was posted in 04. හැඟීම්, සිංහල. Bookmark the permalink.

10 Responses to අපේ ආයතනයෙන් බිහි වූ පළමුවන පළමු පන්තියේ සාමර්ථය

  1. Wathsala Vithanage says:

    What a wonderful memory you have.

    • kumudupinto says:

      මා මේ දැන් දැනගත් පරිදි ඔහු ඒ පොත් සියල්ලම UCSC පුස්තකාලයට පරිත්‍යාග කරලා ! !

  2. Hasitha says:

    සබ්බ දානං ධම්ම දානං ජිනාති කියන එක මූලික කරගෙන අපේ ගුරුවරයෙක්ගේ උපන්දිනයට අපි කලේ මිත්තානිසංස සූත්‍රය සිංහල තේරුමත් එක්ක මුද්‍රණය කරලා කැලණි පන්සලේදී බෙදා හැරිය එක.
    party දාලා සල්ලි නාස්ති කරනවාට වඩා ඒ වගේ වැඩක් කොච්චර වටිනවාද ?

    මෙන්න ඒකේ පින්තූර වගයකුත්
    http://www.facebook.com/album.php?aid=60461&id=1470435034&l=47c61afb75

    • kumudupinto says:

      අනිවාර්යයෙන්ම හොඳ වැඩක්. අපි හැමෝටම ඔහොම හිතන්න පුළුවන් නම් ?

  3. දුමී says:

    ආදරණීය කුමුදු සර් !
    මට ඔබව අඳුනගන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. මම අහම්ඹෙන් ඔබගේ බ්ලොග් එකට පිවිසුනේ. ඔබට මා මතක ඇති කියල මම හිතන්නෙ නැහැ. 1993 හරි 1994 හරි වර්ෂයන්හිදී මම ඔබගේ සිසුවෙක් වෙලා හිටිය. ඔබට මතකද නුගේගොඩ බෝගහ ගාව ඇල්ෆා ඉන්ස්ටිටියුට් එකේ ඔබ ඉගැන්වු අවදිය ? මම ඔබෙන් ඉගෙන ගත්තෙ DbaseIII+ සහ Lotus. ඔබ අපිට ඉගන්වු ඒ රසවත් ක්‍රම මට තාම මතකයි. ඔබ අපට ඉගැන්වු techniques මම මගේ programming වලදි තාමත් පාවිච්චි කරනව.
    ඉස්සෙල්ලම ෆෝ ලූප් එකක්, වයිල් ලූප් එකක් සහ ඩු වයිල් ලූප් එකක් මම ඉගෙන ගත්තෙ ඔබගෙන්.
    ඊට අමතරව ජීවිතය සම්භන්ධයෙන් අගනා පාඩම් රැසක් ඔබ අපිට කියල දුන්නා.
    ඔබට මතකද ‘TIM’ කියන ගේම් එක ඔබ අපිට හදුන්වා දුන්නා ? ඔබ නොදන්නව උනාට ඊට පස්සෙ අපි ඔබව ඇමතුවෙ ටිම් කියල (ඒ ආදරේට )
    ඔබට මතකද මිනිස්සු සිගරට් එක දික්කරගෙන බොන එක ඔබ අපට කියදුන්න හැටි සහ “නිරුවත් වානරයා” පොත ?
    ඉතින් ගොඩක් සතුටුයි ඔබව මේ සයිබර් අවකාශය තුලදීම යලිත් හමුවීම ගැන.
    — දුමී

  4. දුමී says:

    සමාවෙන්න, ඉන්ස්ටිටියුට් එකේ නම, බීටා ඉන්ස්ටිටියුට්.

    • kumudupinto says:

      දැන් මං සම්බන්ධ වෙලා ඉන්නෙ OpenArc School එකට.

  5. දුමී says:

    සර්, ඔබට අසංග මතක ඇති නම් ඔහු සමගම පැමිණි මා මතක ඇති.

    ඔබ අපට කිය දුන්නා ගෙදර මිදුලේ තියෙන මල් නොපිපෙන මල් ගස් වලට කතා කරල මල් පිපෙන්න සලස්වන හැටි. එවා අපි ප්‍රායෝගිකව අත්හදා බලුව. ඔබ අපිට කියුවා හොඳින් ඉන්න එක්කෙනෙකුට කොහොමද උණ හදවන්නෙ කියල.

    ඒ කාලය ඉතාම රසවත්.

    ඔබට දීර්ඝායු වේවා !

    –දුමී

  6. මුදිතා says:

    සර්, අපේ ප්‍රාර්ථනාව මේ ආයතනයෙන් තව තවත් පළමු පංතියේ සාමාර්ථ බිහි වේවා කියලනේ. ඒ නිසා අපි මේකේ මාතෘකාව ‘අපේ ආයතනයෙන් බිහි වූ පළමු වන පළමු පංතියේ සාමාර්ථය’ කියලා වෙනස් කරමුද? ඒක ඒ සාමාර්ථයේ ගෞරවය තවත් වැඩි කරනවා වගේම ඉදිරියේ ඒ වගේ සාමාර්ථයක් ලබන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට හොඳ දිරියක් වෙයි.

    • kumudupinto says:

      ඕන්න ඉල්ලීම ඉෂ්ට කළා. අදහසට බොහෝමත්ම ස්තුතියි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s