විෂයානුබද්ධ අභ්‍යාස – එකතු කිරීම

හුඟාක් අයට ගණිතයෙ මූලිකම ක්‍රියාකාරකම වන එකතු කිරීම හරියට කරන්න බෑ. ඒකට කොච්චර ලොකු කෙනෙක් වුණත් අනෙක් අයට හොරෙන් ඇඟිලි ගණන් කිරීම කරන අයත් ඉනවා. අද අපි බලමු වේගයෙන් එකතු කිරීම ප්‍රගුණය කරන්නෙ කොහොමද කියල.

මේක කරන්න පුළුවන් වෙන්නෙ වාහනයක, ඒ කියන්නෙ බසයක, කාරයන, ත්‍රි රෝද රථයක, පාසැල් වෑන් රථයක වාගෙ වාහනයක දකුණු පැත්තෙ වාඩි වෙලා යනව නම් විතරයි. අපි මෙහෙම වාඩි වෙලා ගමනක් යනකොට අපේ දකුණු පැත්තෙන් අනෙක් අතට වාහන පෝලිමක් යනවා දකින්නට පුළුවන් නෙ. කරන්න තියෙන්නෙ මේ වාහනවල අංක තහඩුවේ අංක සියල්ල එකතු කරන්න විතරයි. පේන හැටියට නම් ලොකු දෙය නෙවෙයි වාගෙ. හැබැයි කොන්දේසි ටිකක් තියෙනවා.

පළවෙනි කාරණේ ලියා ගන්න බෑ. හිතෙන්මයි මේක කරන්න ඕනෙ. දෙවෙනි කාරණේ කිසිම වාහනයක් මඟ ඇරෙන්න බෑ ! !

මුලින්ම මේ වැඩේ කරන කොට වාහනයේ අංක තහඩුවෙ අංක හතර පෙනෙයි. එයින් දෙකක් අරන් එකතු කරල ආපහු වාහනය් දිහා බ්ලන කොට වාහනය නෑ. ටිකාක් මෙහෙම කරගෙන කරගෙන යනකොට වාහනයකාංක හතර එකතු කර ගන්න පුළුවන් වෙයි. ඒත් වාහන මඟ හැරීම නවත්වන්න බෑ. තවත් ටික කාලයක් යයි වාහන මඟ නොහැරී ඒ හැම වාහනයකම අංක තහඩුවේ අංක හතර එකට එකතු කරන්න.

මේ අවසාන ජයග්‍රයී ඇයිඔබ සිතන අවස්ථාවට එනකොට ඔබේ එකතු කිරීමෙ රටාවෙත් වෙනසක් වෙලා තියෙන බව ඔබට පෙනේවි. ඒහ් ඒ මොකක්ද කියල මං කියන්න ගියොත් ඔබ ඒක කරන්න උත්සාහ ගන්නවා. ඒක කළ යුතු දෙයක් නෙවෙයි. කිසිම උත්සාහාක් නැතිව කෙරෙන්න ඕනෙ දෙයක්.

තමන්ම වාහනයක් එළවගෙන යනකොට මේක කරන්න උත්සාහ ගන්න එපා ! !

අපි හිතමු යම් කාලයකින්, මාසයකින් දෙකකින්, අවුරුද්දකින් ඔබ මේ වැඩේට දක්ෂයෙක් වුණා කියල. ඊළඟ දේ ඔබ ඒ අංක හතර එකතු වුණහම ලැබෙන්නෙ ඉලක්කම් දෙකක සංඛ්‍යාවක් නම් ආයෙත් ඒ ඉලකම් දෙක එකට එකතු කරන්න ඕනෙ. ඒ වැඩෙත් හරි ගියහමයි ඔබට එකතු කිරීමේ අති දක්ෂයෙක් කියල කියන්න පුළුවන්.

ඊළඟට ඔබට අවශ්‍ය නම් මෙම ක්‍රියාවලියම ගුණ කිරීමටත් යොදා ගන්න පුළුවන්, චක්කර එහෙම හොඳට මතක නම්.

This entry was posted in 03. වත්මන්/අනාගත දෙමාපියන්ට, සිංහල. Bookmark the permalink.

6 Responses to විෂයානුබද්ධ අභ්‍යාස – එකතු කිරීම

  1. දුමී says:

    ආදරණීය සර්, මම හිතන්නෙ මගේ කමෙන්ට්ස් වලට සර්ගෙ මතකය අවදි කරන්න පුංචි උදව්වක් කරන්න පුලුවන්වෙලා වගෙයි. මට සතුටුයි ඒ ගැන.

    මේ ක්‍රමය නිසා අපි සෑහෙන්න දියුනුවක් ලබුවා අපේ එකතු කිරීමේ හැකියාව දියුණු කරගන්න. මම කියුවා වගේ මම මෙක මගේ දරුවන්ටත් කියල දුන්න. හැබැයි මේක ටිකක් අමාරුයි මම දැන් ඉන්න ඩුබායි වල කරන්න. මොකද මෙහෙ සාමාන්‍යෙන් වාහන යන වේගය පැ.සැ 100-120 විතර නිසා.

  2. සහතික ඇත්ත සර්,
    මම පුද්ගලිකව සර්ගේ මතයත් එක්ක 1000%ක් එකඟයි.
    මමත් ඔය වැඩේ කරනවා. ඊට අමතරව ඔය අංක පිළිවෙලකට සකස් කරන්න උත්සාහ කරනවා. උදාහරණයක් හැටියට 8956 කියන අංකය මොකක් හරි නිෂ්චිත පිලිවෙලකට හදන්න හිතනව. මම මේ දැන් අහඹු ලෙස තමයි මේ අංකය තෝරාගත්තේ. මම 9න් එකක් ණයට ඉල්ලගෙන 5 ට තෑගි දුන්නා. එතකොට 8866.. තත්පර 2ක් යන්න ඇති.
    ප්‍රතිපලය…..
    මතකනේ BIT පන්තියට ආව දවස්වල සර්ගෙන් ලැබිච්ච අගය කිරීම. හැබැයි මේ ලඟකදි ඉඳලා මගේ ඒ හැකියාව නැති වෙලාදෝ කියලා මට හිතෙනවා. දැන් දැන් මම දෙන උත්තර ඒ දවස්වල වගේ හොඳ COMMENT එකකට හේතුවක් නොවෙන්නේ ඇයි කියලා මම නිතරම හිතනවා. මම රස්සාවට ගියාට පස්සෙ මම අර හිතින් කරපු අභ්‍යාස කරන එක නැවතුනා. ඒක වෙන්න ඕනි හේතුව.

    • මතක තියාගන්න මේකෙන් එකතු කිරීම විතරක්ම නෙවෙයි දියුණු වෙන්නේ.. තව හැකියාවන් ගණනාවක්ම දියුණු වෙනවා. ඒවා bonus

    • kumudupinto says:

      පළමු කරුණ ඔබගේ අභ්‍යාසය මා කියා දුන් අභ්‍යාසයේ තාත්ත වගේ. රටාවල් හොයන එක පුරුද්දක් නැතුව කරන්න පුළුවන් එකක් නෙවෙයී, ඔය තරම් ඉක්මනට. ඊළඟට ඔබ හිත මෙහෙයවන්න ඕනෙ ඔතනින් එහාට ඔබව ගෙන යන පියවරක් ගැන. එක්කෝ ඔබ අංක හා ගණනය කිරීම් පාරෙ දිගටම යන්න ඕනැ. එහෙම නැත්නම් ඔබ තවත් පාරක අභ්‍යාසයක් පටන් ගන්න ඕනෙ.

      අංක හා ගණනය කිරීම් දිගේ ඉහළට යනවා නම් ඔබට රුසියන් ප්‍රකාශණයක් වන ගණිත විනෝදය පොතේ ඇති ගැටළුවලින් පටන් ගන්න පුළුවන්. “ඔබත් ඉංජිනේරුවරයෙකු වන්න” කියන එකත් හොඳ පොතක්. කෙටි ක්‍රම දිගේ ගණිත සමීකරණ හා ජ්‍යාමිතික හැඩ තල අතර සම්බන්ධතා දිගේ ඔබට ඉදිරියට යන්න පුළුවනි. ද්විමාන අවකාශයෙන් ත්‍රිමාන අවකාශයට මාරු වෙන්නත් පුළුවන්.

      එහෙම නැත්නම් ඔබට ඉලක්කම්වලින් අකුරු හා වචනවලට මාරු වෙන්නත් පුළුවනි. මේ දවස්වල බ්ලොග් එකේ ඉන්න මැලිකමක් හිතුනොත් මම කරන්නෙ Scrabble කියන පරිගණක ක්‍රීඩාව කරන එකයි. ඒක ඇත්තටම තිබූ ක්‍රීඩාවක ආකෘතියක්. සමහරු අදටත් පරිගණකය වෙනුවට බෝඩ් එකක් පාවිච්චි කරලා ඔය ක්‍රීඩාව කරනවා. හැබැයි ඇබ්බැහි වුණොත් විනාසයි. ඊළඟ දේ තමයි හරස්පද ප්‍රෙහෙලිකා, විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ප්‍රෙහෙලිකා විසඳීම ඇරඹීම. මේ වැඩෙන් තමන්ගෙ Vocabulary එක දියුණු වීම අනිවාර්යයි.

      • “ගණිත විනෝදය”, “ඔබත් කැමතිද ඉංජිනේරුවකු වන්න” පොත් දෙකම කියාවා ඇති අගනා පොත් දෙකකි. මම මේ දවස්වල GBrainy පරිගනක ක්‍රීඩාව කරනවා, හැබැයි ඉතින් Linux වල විතරද කොහෙද තියෙන්නෙ. Mensa Test එකත් බලන්න, කරන්න පුලුවන් නම් ගොඩක් වටිනව.

  3. Amila says:

    මම කලා කාරයෙක්.. උත්සාහ කරන්න ඕනේ ගණිතයත් දියනුකරගන්න.. ගණන් නැතුව ගණන්කාරයෙක් වෙන්න බෑනේ..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s