ගුරුවරයෙකුගෙ සතුට

මං ප්‍රකාශයට පත් කළ පළමු පොත වුණේ “MS Word 2000 සිංහලෙන්” කියන එකයි. මේ පොත අරගෙන මං මට ඒ කාලෙ ඉගැන් වූ ගුරුවරුන් තුන් දෙනෙක් ළඟට ගියා. එක් කෙනෙක් මට හතරෙ පන්හියේදි ඉගැන් වූ එස්. තෙන්නකෝන් මහත්මිය. දෙවෙනි ටීචර් මට අටේ පන්තියේදි ගණිතය ඉගැන් වූ පේලිමුහන්දිරම් මහත්මිය.

අපේ ආයතනයෙන් ඉඳල හිටල ගාල්ලෙ SOS ළමා ගම්මානයට යනව. ඒ අසළ හිටි, මට සාමාන්‍ය පෙළ සිංහල ඉගැන් වූ බර්ටි විජේසිංහ මහත්මයා තුන්වෙනිය. මං ඒ අවස්ථාවලදි ඒ අයගෙ ඇස්වල දැක්කෙ උතුරා යන සතුට.

අපේ අම්මත් මුළු කාලෙම ගුරු වෘත්තියට කැප කළ කෙනෙක්. එයාටත් පරණ ගෝලයෙක් මුණ ගැහුණම බොහෝම සතුටක් ලබනවා. හැම තිස්සෙම කතා කරන්නෙ පරණ ගෝලයො ගැන.

මාත් මේ බ්ලොග් ලියද්දි ඕන්න ටිකෙන් ටික පරණ ගෝලයො මුණ ගැහෙනව සයිබර් අවකාශය තුළ දි. එතකොට ටිකෙන් ටික මටත් තේරුම් යනව, මගෙ ගුරුවරුන්, මගෙ අම්ම විඳි ඒ සතුට මොකක්ද කියන එක.

මං හිතන්නෙ ගුරුවරයෙකුට, තමන්ගෙ වෘත්තිය අවංකවම ගුරුකම වෙච්චි ඕනෙම කෙනෙකුට වෙන කිසිම දෙයකින් සතුටක් ලබන්න බෑ, ගෝලයින්ගෙ අතීතාවර්ජනවලින් ඇරෙන්න.

මගෙ ඉල්ලීම මේකයි. අද ම පුළුවන් තරම් ඉක්මනින් තමන්ට ඉගැන් වූ ගුරුවරුන් හොයාගෙන යන්න. ඒ යනකොට අත් දෙක වන වන යන්න එපා. ඔනව හරි අරගෙන යන්න. සමහර විට ඒ අය විශ්‍රාම අරගෙන ඇති. ගිහිල්ල මොහොතක් ඒ අය එක්ක කතා කර කර ඉඳල , තමන්ට ඉගැන්වූ එක අකුරකට හරි තමන්ගෙ කෘතඥතාවය පළ කරල එන්න. වයසක අය කැමතිම දෙයක් කා එක්ක හරි කතා කර කර ඉන්න. ඒ කැමැත්ත ඉෂ්ට කරන්න, පරක්කු වෙන්න කලින්.

This entry was posted in 04. හැඟීම්, සිංහල. Bookmark the permalink.

4 Responses to ගුරුවරයෙකුගෙ සතුට

  1. දුමී says:

    ආදරණීය සර්, බොහොම ස්තුතියි මේ දුන්නු අවවාදයට. මම මේක කොහොම හරි ඉටුකරනවමයි. මගේ ජීවිතයේ ඉතාමත් දයාබර ගුරුවරු රැසක් මුන ගැහිල තියෙනවා. මම අද දන්නෙ නැහැ ඔවුන් කොහෙ ඉන්නවදවත් කියල.

    මම පසුගිය අවුරුදු නමය දහය පුරා ජීවත් වෙන්නෙ ලංකාවෙන් පිට. අවුරුද්දකට මාසයක් විතර තමයි ලංකාවට ඇවිල්ල යන්න එන්න වෙන්නෙ. ලඟදීම ලංකාවට එනවා නිවාඩුවට. අනිවාර්යයෙන්ම මම සර්ව බලන්න එනවා මේ පාර.

    • kumudupinto says:

      ඉස්සෙල්ලාම තමන්ට ඉස්කෝලෙ හෝඩි පන්තියෙ ඉඳන් උගන්වපු එක එක ගුරුවරයා බැගින් හොයන්න පටන් ගන්න. අපි අද මේ තත්ත්වයෙන් ඉන්නෙ බාලාංශ පන්තිවලදි ඒ අය දාපු අත්තිවාරම නිසා නෙ. එතනින් පටන් ගන්න. එතකොට උසස් පෙළ, ඊටත් පස්සෙ උපාධි. ඒවට උගන්නපු ගුරුවරු එන්නෙ ඒවට පස්සෙයි.

  2. දුමී says:

    මගේ හෝඩිය පංතියේ ගුරුතුමියගේ නම මුණසිංහ ටීචර්. ඇය ඉතාමත් දයබර ගුරු මවක්. මම දන්නෙ නැහැ ඇය ජීවත්වෙලා ඉන්නවද කියල දැන්. තවත් මගේ මතකයේ රැඳුනු ගුරුතුමියක් තමා මට පහේ පංතියේ උගන්වපු රණ්වීර මිස්. ඔවුන්ගේ සෙවනේ වැඩුනු කාලය සදා අමරණීයයි.

  3. සමහර විට මම තාමත් වාසනාවන්තයි. ඉක්මන් කළානම් තමයි හොඳ. සර්ට පින්

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s