බලෙන් කෙනෙකු උණකාරයෙක් කරවීම

මං හිතන විදියට මේ කතාව මං කියෙව්වෙ එක්කෝ ඉරණම පත්තරේ සුමනදාස සමරසිංහ මහත්තයා ලිව්ව ලිපියඉන්. එහෙම නැත්නම් එතුමා ලියූ මිනිස් සිතේ හාස්කම් පොත් පෙළෙන් එකකින්.

ඔන්න එක වයසක මහත්තයෙක් හිටියා ටිකක් කඳුකර පළාතක. මේ මහත්තයා හැමදාම උදේට කන්ද බැහැලා පහළ ඇති කඩේකට එනවා පත්තරේ ගන්න. මෙහෙම එද්දි ගෙවල් කිහිපයකුත් පහු වෙනවා. ඊළඟට හෙමින් හෙමින් ආයෙත් කන්ද නැඟල ගෙදර යනවා. මේක මේ මහත්තයගෙ දින චරියාවෙ කොටසක්.

දවසක් තරුණයො ටිකක් කතා වුණා මේ මහත්තයව ගොනාට අන්දන්න. මේ තරුණයො ටික මේ මහත්තය උදේට පත්තරේ ගන්න යන පාරෙ තැන තැන නැවතිලා හිටිය මහත්තය කඩේට යනකොට මුණ ගැහෙන විදියට. ඕන්න මහත්තයත් ගෙදරින් එළියට බැස්සා.

මුලින්ම හමු ඌ තරුණයා මහත්තයගෙන් අහනවා “මොකෝ මහත්තය අද මූණ හිඳ නැත්තෙ ? ” කියල. මහත්තයත් එහෙම මුකුත් නැති බව කියමින් ඉදිරියට ඇදුණා. ඊළඟ තරුණය මුණ ගැහුනම ඔහු අහනවා “මහත්තය ඊයෙ නිදි මැරුවද ? ඇස් දෙක හොඳටම තඩිස්සි වෙලා. ” කියල. මහත්තයත් එහෙම එකක් නෑ කියල ඉදිරියට ගියා. ඊළඟ හමු වූ තුන්වෙනි තරුණයා කිව්ව “මේ මොකද මහත්තය, හොඳටම සනීප නෑ වගෙ නෙ පේන්නෙ. ” කියල. මහත්තය පත්තරේ අරන් ගෙදර යනකොට හොඳටෝම උණ ! !

අපි චිත්ත ධර්ම විද්‍යාවෙදි අපේ හිතට කවන දේවල්වලට කියන්නෙ ස්වයං යෝජනා කියල. ඒ යෝජනා හිතට කවා ගන්නෙ අපිමයි අප ම දැනුවත් ව. නමුත් මේ යෝජනාවලට අමතරව ලෝකෙ කී දෙනෙක් අපට එක එක දේ යෝජනා කරනවද ? අපිත් ඔහේ ඒ හැම අදහසක් ම යෝජනාවක් ම නොදැන ඔළුවට හිතට දා ගෙන මහා විපත් කර ගන්නවා.

කිසි දිනෙක ඉඩ දෙන්න එපා, තමන්ට අවශ්‍ය නැති දෙයක් පිට කෙනෙකුට තමන්ගෙ හිතට ඇතුළු කරන්න. ඒක හොඳට මතක තියා ගන්න එක තම තමන්ගෙ සෞඛ්‍යයට හුඟාක් හොඳ වෙයි. එහෙම නේද ?

This entry was posted in 17. චිත්ත ධර්ම විද්‍යාව මගේ ඇසින්, සිංහල. Bookmark the permalink.

3 Responses to බලෙන් කෙනෙකු උණකාරයෙක් කරවීම

  1. දුමී says:

    ආදරණීය සර්, බොහොම ස්තුතියි ඒ මතකය නැවතත් නැවුම් කරපු එක ගැන.

  2. ඒකම අනික් අතටත් වැඩ කරනවාද ??

    • kumudupinto says:

      අනිවාර්යයෙන්ම. අබ කෑ මිනිහගෙ නාහෙ දන්න එපා යැ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s