අහසින් ධාතු වැඩීම

“ධාතු කියන්නෙ බුදු සිරුරේ ශේෂ වූ කොටස්. එහෙම කොටස් අහසින් තම තමන්ගෙ ස්ථානවලට වඩිනවා යැයි කීම මිථ්‍යාවක්,. ලෞකික ධ්‍යාන ලැබූ රහතුන් වහන්සේලා මෙන්ම එසේ මාර්ග ඵලවලට නොපැමිණි පුහුදුන් අය ද මෙසේ අහසින් වැඩි බව පොතපතේ සඳහන් වූවත් අජීවී ධාතු කොටස් අහසින් අඩිනවා යැයි කීම වැරැද්දක්. ”

මේත් වෙසක් දා අපේ ආයතනයේ සීල ව්‍යාපාරයට පැමිණි කර්මස්ථානාචාර්ය අසෝක දේවේන්ද්‍ර මහතා පළ කළ අදහසක්. මේ සීල ව්‍යාපාරයට සම්බන්ධ වූ අපේ ආයතනයේ කෙනෙක් කියා සිටියේ මෙබඳු ප්‍රකාශයක් කිරීමට කෙනෙක් කෙතරම් නිර්භය විය යුතු ද යන්නයි. මගෙ පෞද්ගලික මතය නම් ධර්මය දෙස මෙසේ නිර්භයව බලන බොහෝ දෙනෙක් අපට සේනාසන ඇසුරු කරගත් ස්වාමීන් වහන්සේලා අතර දැකිය හැකි බවයි.

This entry was posted in 15. අපේ ආයතනය, සිංහල. Bookmark the permalink.

5 Responses to අහසින් ධාතු වැඩීම

  1. මම අහල තියෙන විදියට ඕක වෙන්නෙ මෙහෙමයි. ඔය ධාතු ආරක්ෂා කරන්න දෙවියන් මේ ධාතු ඇසුරු කරමින් ඉන්නවලු. ධාතු අපිරිසිදු, වැඳුම් නොලබන තැන්වල තියෙනකොට දෙවියන් ධාතු එතැනින් ඉවත් කර සුදුසු ස්ථානවලට ගෙනියනවලු. ඕක එච්චර අමුතු දෙයක් නෙවෙයි කියලයි කියන්නෙ. සමහර පරම්පරාවලින් ධාතු ලැබුනු පවුල් අදත් ඉන්නව. ඒ අයගෙන් අහල දැනගත්තනං හරි. නොදන්න දේවල් නැහැයි කියන එක නිර්භීතකමක් නොවෙයි කියලයි මං හිතන්නෙ.

  2. දුමී says:

    විමුක්තිගේ කතාවට මමත් එකඟයි. මම මේක අත්දැකීමෙන් දන්නවා. මම මේ කතාව මට ටිකක් ඉඩක් ලබුන විගසම ලියන්නම්. මම මේ දවස්වල පොඩ්ඩක් විතර හිර වෙලා ඉන්නෙ ‘ඩෙඩ් ලයින්’ එකක් නිසා.

    මේකත් අර සර් කියුව වගෙ වට්ටක්කා ගෙඩියෙ ඇට කීයක් තියෙනවද කියල කියන්න බැහැ, වගේ එකක්.

  3. Fiqri Ismail says:

    ධාතු කියන්නෙ බුදු සිරුරේ ශේෂ වූ කොටස්. එහෙම කොටස් අහසින් තම තමන්ගෙ ස්ථානවලට වඩිනවා යැයි කීම මිථ්‍යාවක්,. ලෞකික ධ්‍යාන ලැබූ රහතුන් වහන්සේලා මෙන්ම එසේ මාර්ග ඵලවලට නොපැමිණි පුහුදුන් අය ද මෙසේ අහසින් වැඩි බව පොතපතේ සඳහන් වූවත් අජීවී ධාතු කොටස් අහසින් අඩිනවා යැයි කීම වැරැද්දක්.‍

    මම මේකට එකඟ නැහැ, එතුම දැකපු නැති නිසා එහෙම කියනවා ඇති. මම ඕන තරම් ධාතුන් වහන්සේලා වැඩම කරපු තැන් දැකලා තියෙනවා. මම දැනගත් හැටියට “බ්‍රහ්ම දේව” කියලා දේවතා කොටසක් තමයි ධාතුන්වහන්සේලා වඩම්මන්නෙ.. අනික ධාතුන්වහන්සේලා කියන්නෙ බුදුපියාණන්වහන්සේගෙ ධාතුන්වහන්සේලා පමණක් නෙමෙයි.. අසූමහා ශ්‍රාවකයන්වහන්සේලාගෙත් ධාතුන්වහන්සේලා වැඩ හිඳිනවා.

    ලෞකික ධ්‍යාන ලැබූ රහතුන් වහන්සේල

    රහතන්වහන්සේලාට ඇත්තේ ලෝකොත්තර ධ්‍යාන.

    මේ සීල ව්‍යාපාරයට සම්බන්ධ වූ අපේ ආයතනයේ කෙනෙක් කියා සිටියේ මෙබඳු ප්‍රකාශයක් කිරීමට කෙනෙක් කෙතරම් නිර්භය විය යුතු ද යන්නයි

    නිර්භය වීමට වඩා නොදැනුවත් කමයි කියලා මට හිතෙන්නෙ. කවුරුවුණත් තමන්ගෙ මත ප්‍රකාශ කිරිමේදි විශේෂයෙන්ම ධර්මය සම්බන්ධව මීට වඩා පරිස්සම් විය යුතුයි.

  4. අමිල says:

    එ පිළිබදව නම් වැඩිය දන්නෙ නෑ. නමුත් හොයලා බලන්න පෙළඹෙන්නෙ මෙ ලිපිය නිසයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s