දෙවියන් ගැන තවත් විග්‍රහයක්

අපේ ආයතනය මඟින් පැවැත් වූ වෙසක් සීල ව්‍යාපාරයට පැමිණි කර්මස්ථාන ආචාර්ය අසෝක දේවේන්ද්‍ර මැතිතුමා ගැන පහත අදහස් පළ කර සිටියා.

“යමෙක් දේවත්වයට පත්වන්නේ පින් දහම් කරලයි. එබඳු දෙවි කෙනෙක් යම් මිනිසකුට හෝ මිනිසුන් පිරිසකට කරදරයක් හිරිහැරයක් කරාවි යැයි සිහිනෙනුදු සිතන්නට බැහැ.

ඇත්තම කියනවා නම් ඔවුන් මනුස්ස ගඳට බොහොම අකමැතියි. මනුස්සයින් ඉන්න පැත්ත පළාතේ සිටීමට ඔවුන් කැමති නැහැ. මනුස්ස භෝජන ආහාරයට ගැනීමේ සිරිත්ක් ද ඔවුන් ළඟ නැහැ. ඒ නිසා දෙවියන්ට බිය වීම කිසිම මනුස්ස්යෙකු විසින් නොකළ යුතු කියාවක්. “

This entry was posted in 15. අපේ ආයතනය, සිංහල. Bookmark the permalink.

5 Responses to දෙවියන් ගැන තවත් විග්‍රහයක්

  1. අම්මෝ සර්, දෙයියොන්ට බයේවත් පව් වැඩ නොකර ඉන්න අය ඉන්න රටේ මේක ටිකක් අනතුරුදායක පෝස්ට් එකක් කියලයි මට හිතෙන්නේ

  2. සරත් ගුණතුංග says:

    දෙවියන් කියපුවම, ඉතා සංකීර්ණ සත්ව කොට්ඨාශයක් බව අපි බුදුදහමෙ කියවල තියෙනව. ඒ අයත්, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ධර්මතාවයන්ට යටත් වෙනව. ඔවුන් තුලත් කෙලෙස් පවතිනව. බුදු රජානන් වැඩ වසන කාලයේදී එක්තරා භික්ෂූන් කොටසක් බිය කොට පලවා හැරීමට තැත් කිරීම පිලිබඳව අපි කියවා ඇත්තෙමු. මෑත කාලීනව, දෙවි වරුන් දහම් ඇසීමට මැදියම් රෑ මනුශ්‍යයන් වෙත පැමිනෙන බවට සාක්ෂි ඇත. ඒ උත්තම මනුශ්‍යයන් පවසන්නේ මනුශ්‍යයන් ලඟ දුගඳක් නැති බවත්, ඒ දුගඳ හමනේ ඔවුන්ගේ(මනුශ්‍යයන්ගේ) ක්‍රියාවන් නිසා බවත්ය. තවද, දෙවි වරුන්ගේ ආහාරද විවිධය. බෝසතානන් වහන්සේ දුශ්කර ක්‍රියාවන්හි යෙදී සිටියදී, උන්වහන්සේ මුසපත් වී ඇති අවස්ථාවක දෙවි වරු ශරීරයේ රෝම කූප ඔස්සේ දිව්‍ය ආහාර ඇතුලු කිරීමට තැත් කල බව සූත්‍ර දේශනාවක සඳහන්ය.

  3. Buddika says:

    ආචාර්ය අසෝක දේවේන්ද්‍ර මැතිතුමා දෙවියන් සිටිනවා කියා දැන සිටීම භාග්‍යකි, එය එසේමද කියා සොයා ගත්තේ ද යන්න ප්‍රශ්ණයකි!

  4. “යමෙක් දේවත්වයට පත්වන්නේ පින් දහම් කරලයි. එබඳු දෙවි කෙනෙක් යම් මිනිසකුට හෝ මිනිසුන් පිරිසකට කරදරයක් හිරිහැරයක් කරාවි යැයි සිහිනෙනුදු සිතන්නට බැහැ.” – ඔය මහත්මයා දෙවියන් දැකලද ඔහොම කියන්නෙ. එහෙමවත් කිව්වනං පිලිගන්න පුළුවන්. දෙවියන් කෝපවීමෙන් සුනාමියක් ඇතිකළ අවස්ථාවක් ජාතක කථාවකද සඳහන් වේ. සක්‍ර දෙවියන් යම්කිසි දන්දෙන මිනිසෙකුට ඊර්ෂ්‍යාකර (තමාගේ තනතුර අහිමි වේ යැයි සිතා) ඔහුගේ වස්තුව අතුරුදන් කළ අවස්ථාවක්ද ජාතක කථාවක සඳහන් වේ. භාවනා කරමින්සිටි භික්ෂූන් පිරිසකට වෘක්ෂ දේවතාවන්ගෙන් කරදර සිදු වූ නිසා බුදුන් වහන්සේ කරණීයමෙත්ත සූත්‍රය දේශනා කළබවද සඳහන් වේ. දෙවියන් පිං කර තිබුනත් කෙලෙස් දුරුකර නොමැති නිසා මෙවැනි දේවල් කරනබව සිතාගත හැකිය.

  5. “ඇත්තම කියනවා නම් ඔවුන් මනුස්ස ගඳට බොහොම අකමැතියි. මනුස්සයින් ඉන්න පැත්ත පළාතේ සිටීමට ඔවුන් කැමති නැහැ.” – එහෙනම් බුදුන්ගෙන් බණ අහන්න දෙවියන් ආවායැයි දේවතා සංයුක්ත ආදියේ සඳහන් දේ බොරු විය යුතුය. අනෙක පොළොව ආශ්‍රිතව සිටින භූමා‍ටු දෙවියන් ගැනත් අහසේ සිටින වැස්ස වළාහක ආදී දේව වර්ග පිළිබඳ සූත්‍රවල සඳහන්වේ. ඔවුන් මිනිසුන් ගඳයි කියා තම විමාන අතහැර කොහේ යන්නද?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s