සෝමාවතියෙන් බුදුරැස් විහිදීම

“බිස්නස්කාරයො, මත්ද්‍රව්‍ය වෙළාන්දාම් කරන්නො, පාතාලයෙ සාමාජිකයො රැස් කකා ගියා සෝමාවතියෙන් බුදුරැස් විහිදෙනවා බලන්න. ඇත්තටම එහෙම දෙයක් වෙන්න පුළුවන්ද ? පහුගිය කාලෙ බුද්ධ ප්‍රතිමාවලින් බුදුරැස් විහිදෙන බවට මහා ප්‍රචාරයක් ගෙන ගිය නමුත් එසේ බුදු රැස් විහිදී ඇත්තේ කහ හා තැඹිලි පැහැයන් මිශ්‍ර පාට සිවුරු ඇති බුද්ධ ප්‍රතිමාවලින් පමණයි. සුදු පැහැති බුද්ධ ප්‍රතිමාවලින් එසේ බුදු රැස් විහිදීමක් වාර්තා වුණේ නැහැ. ”

අපේ ආයතයේ වෙසක් සීල ව්‍යාපාරයට පැමිණි තවත් සිල් ඇත්තෙක් වූ කර්මාස්ථානාචාර්ය අසෝක දේවේන්ද්‍ර මහතා එසේ පවසා සිටියා. තවදුරටත් ඒ මහතා මෙසේ ද පැවසුවා.

“බුද්ධ ධර්මයේ ඇති විශිෂ්ඨතම ලක්ෂණය නම් ප්‍රඥාවයි. එබඳු ලක්ෂණයක් ඇති බුදු දහමෙහි මෙබඳු මතවාද ඇතිවීම ඉතාමත්ම කණගාටුදායකයි. තමන්ගේ සිතෙහි ශ්‍රද්ධාවක් නැතිව ඕනෑ ඕනෑ අයට සෝමාවතියේ බුදුරැස් පෙනෙනවා යැයි පැවසීම බරපතල වැරැද්දක්.”

This entry was posted in 15. අපේ ආයතනය, සිංහල. Bookmark the permalink.

12 Responses to සෝමාවතියෙන් බුදුරැස් විහිදීම

  1. ලක්මාල් says:

    මිත්‍රය,

    ‘මත්ද්‍රව්‍ය වෙළඳාම් කරන්නො, පාතාලයේ සාමාජිකයො’ එදින සෝමාවතිය මහ සෑ පිංකමට පැමිණියාදැ යි නොදන්නා මුත්, එහිදී කිසිදු සොරකමක් අතවරයක් සතුරු පීඩාවක් හෝ වෙනත් නුසුදුසු දෙයක් සිදු වීමක් ගැන නම් වාර්තා වූයේ නැත.
    ඉතින් එලෙස කිසිදු නොකටයුත්තක්, නුසුදුසු දෙයක් සිදු නොවූ එම පිංකම ගැන සිත පහදවා ගෙන විශාල පිනක් රැස් කර ගැනීමට ඇති අවස්ථාව ඇතැම් අයට මඟ හැරී තිබෙන බව දැකීම කණගාටුදායකය.

    විවිධ කාලවලදී සෝමාවතියෙන් රැස් විහිදී ඇති බව හා එලෙස රැස් විහිදෙනු සියැසින් ම දුටු අය සිටින බව නම් සත්‍යයකි.

    කවුරු කුමන අකාරයකින් චෝදනා කළ ද අපහාස කළ ද දොස් කිව්ව ද, එදින සෝමාවතී චේතිය වන්දනා කර තෙරුවන් ගුණ සිහිකොට තුනුරුවන ට දකුණු දළදා වහන්සේ ට පුද සත්කාර කළ ලක්ෂ සංඛ්‍යාත පිරිස රැස් කරගත් අප්‍රමාණ පුණ්‍ය ශක්තියට හානියක් නම් නොවේ.

    කිංසු චොරෙහි දූහරන්ති ( සොරුන්ට පැහැර ගන්න බැරි දේ කුමක්ද? )
    පුඤ්ඤං චොරෙහි දූහරන්ති ( පින තමයි සොරුන්ට පැහැර ගන්න බැරි )
    [සංයුත්ත නිකාය 1 – ජරා වර්ගය – ජරා සූත්‍රය]

    සෝමාවතිය මහ සෑ පිංකමේ අඩුපාඩු ගැන සොයනවාට වඩා එම පිංකම නිසා සිදු වූ, පමණ කළ නොහැකි සේවය ගැන සිතන්නාට විශාල පිනක් රැස් කර ගත හැකිය.
    අවශ්‍ය අයෙකුට පහත සබැඳි වලින් එම අප්‍රමාණ සේවය ගැන විස්තර දැන ගැනීමට හැක.

    http://mahamevnawa.blogspot.com/2010/05/blog-post_14.html
    http://www.silumina.lk/2010/05/23/_art.asp?fn=as1005237
    http://www.dinamina.lk/2010/05/19/_art.asp?fn=f1005197

    • kumudupinto says:

      පළමුව මෙය පින්කම අව තක්සේරු කිරීමට ගත් උත්සාහයක් නොවන බව තේරුම් ගත යුතුය. මෙහිදී එතුමා පැවැසුවේ හැමෝටම පෙනෙන අන්දමින් බුදුරැස් විහිදීමක් විය නොහැකි බවත් ඒවා බුදුරැස් ලෙස අර්ථ දැක්විය නොහැකි බවත් ය. ඕනෑම විහාරස්ථානයක කෙරෙන කරන පින්කම් ඉතාමත්ම වටනා වුවත් බුදුරැස් බැලීමට යැයි එම පින්කම්වලට සනභාගී වීමට වඩා බුදු ගුණ සිහිපත් කරමින් ඒවාට සනභාගී වීම වැදගත් යැයි හඟිමි.

    • Wathsala Vithanage says:

      Lakmal, I have never been to Somawaithiya but I have heard about people seeing Buddha aura. Has anyone captured it on a camera (if so I’m glad to see) or is it just hype? I followed the links you have posted but did not find anything substantial other than the fact that there was a massive crowd.

      • ලක්මාල් says:

        Wathsala, I am happy to hear at least you read those.
        But I am sorry to hear you are saying that you did not find anything substantial other than the fact that there was a massive crowd.

        In those pages, they have clearly showed what Mahamevnawa Monastery and the other people who contributed to the merit, have done in the purpose of bringing it to a success.
        So, if a person can read about those meritorious acts without being lazy & without having a purpose of finding faults always, it is crystal clear that he/she will be able to realize the great service done at the ‘Somawathiya Sthupa Vandana’.

        Most of the people will agree that there are sufficient information at
        http://mahamevnawa.blogspot.com/2010/05/blog-post_14.html
        But I wonder why some people cannot see AT LEAST A SINGLE GOOD THING of ‘Somawathiya Sthupa Vandana’ and because of that I really feel sorry about them.

        The only thing I tried to show was that one could take the advantage of being happy about the ‘Somawathiya Sthupa Vandana’ rather than finding faults and being unhappy about those meritorious acts.
        And finally, it is up to us to decide whether we want to be happy or unhappy about those merits. Our karma will be behind us.

        P.S:
        Since you have asked I could find the following video.

        But I kindly request you to read the page at
        http://mahamevnawa.blogspot.com/2010/05/blog-post_14.html So that you will definitely be happy since there are lots of information about the meritorious acts done at Somawathi Stupa.

        • Wathsala Vithanage says:

          Thanks for the Youtube link, that is something substantial I appreciate it (I do not know whether its aura or something else, but it is something substantial). The event held at Somawathi stupa was a meritorious act there are no doubts on that. But I was looking something related to Buddha Aura that is why I said that the content on those sites were nothing substantial (I have heard Buddhist theories on Shraddha and merit of participating and organizing events of this sort). What I saw on the sites were all about the greatness of the meritorious act (which I already know), what the rich (with their names) and the poor have donated and miracles. But I’m sorry I’m not ready to buy the claims on miracles unless any substantial evidence is given on the matter. I must reiterate that I have no intention to underestimate the capacity of the great meritorious act which took place at Somawathi stupa except on the matter related to miracles. Thank you for providing us this valuable information on this meritorious act and miracles.

        • Wathsala Vithanage says:

          By the way Youtube video which you have given shows some light coming from “Hathares Kotuwa” which could be Buddha Aura. However this might be due to reflection of sun light hitting the surface of the water which might have stagnated on the “Hathares Kotuwa” as well. According to web sites a rain had fallen the day before and the video is captured under bright sun light, therefore I think this is sun light being reflected from water which makes ripples due to wind. When I was a kid I have observed something similar to this inside water tanks in sunny days.

  2. සිදුවීම රූගත කළ දර්ශණයක් අන්තර් ජාලයට එක් කර තිබේ.
    http://www.youtube.com/watch?v=sCnjES1ri_w මඟින් එය වෙත පිවිසිය හැක.
    සිදුවීම ගැන යම් අවබෝධයක් ගැනීමට මෙයත් ‍ඉවහල් වේවි.

    • Wathsala Vithanage says:

      Hmm… Buduras out of control?? I did not know Budhuras is something erratic like this. This is lightening, isn’t it?

      • me too cant find anything rather than lighting🙂

      • Wathsala Vithanage says:

        This shows some light coming from “Hathares Kotuwa”. This might be due to reflection of sun light hitting the surface of the water which might have stagnated on “Hathares Kotuwa”. According to web sites a rain had fallen the day before and the video is captured under bright sun light, therefore I think this is sun light being reflected from water which makes ripples due to wind. (Waves of water with a larger lambda can make the light move gracefully as shown in the video).

  3. MACKSHAN says:

    ===නිවැරදි කිරීමයි.===

    “බුදුරැස් ව්හිදෙන සෝමාවතිය මහ සෑ වන්දනාව” ලෙස මෙම වැඩසටහන නම් කර තිබුනද, බුදු රැස් පෙන්වීම මෙම වැඩසටහනේ අරමුණ නොවිය. බුදු රැස් පෙන්වන බවට කිසිදු ප්‍රකාශයක් සිදු කර නොතිබුණි.
    මා ජීවිතයේදී සහභාගී වූ ආශ්චර්යාත්මකම වැඩසටහන මෙය යි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s