ගෙයක වහළයයි බිත්තියි පොළවයි නැති වුණොත් ?

ගෙයක් වුණහම ඒකට වහළයක් තියෙනවා. හරියට අපේ ඉහළින් ඉඳන් අපේ දුක සැප බලන දෙමව්පියෝ වගෙ. දෙමව්පියො නැති වුණහම හරියට ඒ වහළයක් නැති ගෙයක් වගෙ. සමහර ත්‍රි රෝද රථවල “ජීවිතේ මල් – අම්ම ඉන්න කල්” කියල ගහගෙන යන්නෙ ඒ හන්ද වෙන්න ඇති.

ගෙයක් වුණහම ඒකට බිත්ති තියෙනවා. අපට සමාන්තරව අපත් එක්කම හිටගෙන ඉන්න අපේ ස්වාමි පුරුෂයා හරි භාර්යාව හරි වගෙ. යනෙකුට ස්වාමි පුරුෂයෙක් හරි භාර්යාවක් හරි නැත්නම්, තමන්ගෙ දුක සැප බෙදා හදා ගන්න කෙනෙක් නෑ. ඒ හරියට බිත්ති නැති ගෙයක් වාගෙ.

දරුවො හරියට පොළව වගෙ. දරුවො නැති ජීවිතයක කිසි රසයක් නෑ කියලයි හුඟාක් අය කියන්නෙ. තමන්ට පහළින් දරුවො හිටියත් ඒ අය හන්දයි තමන් ජීවත් වෙන්නෙ කියන එකයි හුඟාක් දෙමාපියන්ගෙ මතය. ඒ හන්දා දරුවො නැති ජීවිතය හරියට පොළවක් නැති ගෙයක් වගෙ.

යම්කිසි ගෙයකට වහළයකුයි බිත්තියිඔ පොළවයි තුනම නැති වුණොත් එතන ගෙයක් නෑ නෙ.

This entry was posted in 04. හැඟීම්, සිංහල. Bookmark the permalink.

9 Responses to ගෙයක වහළයයි බිත්තියි පොළවයි නැති වුණොත් ?

  1. ඒ උනාට ස‍ර් …. බෑදීම් කියන්නෙ දුකක් නෙමේද??????

    • kumudupinto says:

      බැඳීම් කියන්නෙ දුකක්. ඒත් පුහුදුන් කෙනෙකුට බැඳීම් නැති කරගෙන ඉන්න හරි අමාරුයි. බැඳීම් නැති කරගෙන බලන්න.

      • ඒක ඊට වඩා දුකක්….. මම හිතන විදිය වෙනස් හින්දාද දන්නෙ නෑ, මට සම්බන්දකම් තෙරුම් ගන්න අමරුයි!

  2. රවා says:

    බැදිම් නැතිකරගෙන ගිහිජිවිත ගෙනියැම ඉතාම අපහසුයි…

  3. dinesh says:

    මටනම් බිත්තියි,පොලවයි නැති උනාට කමක් නෑ.ඒත් වහලෙ නැති ජීවිතයක් ගැන හිතන්නවත් බෑ.

  4. වහලෙන් බාගයක් නෑ……..තිබුන බිත්තිත් අනික් දක්ෂ උන් අරන් ගිහින්….මට ගෙයක් එපා….බෝඩිම හොඳයි…..

  5. සමරෙ says:

    ගෙවල් හදන්න පුලුවන්. ඒත් අත්තිවාරම වැදගත්. පුලුවන්නම් ඔය වහලයි බිත්තියි පොළොවයි වැල්ලෙ අටවගෙන බලන්නකෝ.

  6. dinesh says:

    @ඉන්දික
    වහළෙ බාගයක් නැති එක ගැනනම් දුකයි.හැබැයි එළ කතාව.

  7. Anewasika says:

    අනේ මෙහෙමත් ප්‍රශ්ණ නේද?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s