දුක

අපි උපදින්නෙ අඬාගෙන. ඊළඟට බඩගිනි උණාම, මදුරුවෙක් විද්දම අඬනව. ඊට පස්සෙ ලෙඩ උණාම, උණ බඩේ ගාය හැදුනාම අන්ඩනව.

ටිකක් ලොකු උණහම ඉස්කෝලෙ යන්න බෑ කියල අඬනව. පන්තියෙ ටීචර් බැන්නහම අඬනව. යාළුවො තරහ වුණහම අඬනව. දෙමව්පියන්ගෙන් ගුරුවරුන්ගෙන් ගුටි කෑවහම අඬනව.

ඊටත් පස්සෙ තරුණ කාලෙදි බලාපොරොත්තු වූ ප්‍රේමය නොලැබුණහ්හම අඬනව. ප්‍රේමය දාල ගියහම අඬනව. දෙමාපියො යනකොට අඬනව.

මේ හැම ඇඬිල්ලකදිම හිතනව දුක හරියටම තේරුම් ගත්ත කියල. සමහර විට වෙන්නත් ඇති. ඒත් දුකට හේතු වූ තෘෂ්ණාව කඩා ගන්න බැරුව ආයෙ ආයෙ අඬන්න හේතු වෙන දේවල් ම කරනව. ආයෙත් අඬනව. අනේ අපොයි, මේක ඉවරයක් වෙන කෙහෙල්මලක් නෙවෙයි නෙ.

This entry was posted in 04. හැඟීම්, සිංහල. Bookmark the permalink.

4 Responses to දුක

  1. ඔව් සර්!!!!!! ඔන්න ඔය ආශාව කියන එක නැති කරගන්න විදියත් කියල දුන්නොත් ගොඩක් වටිනවා. ස්තුතී.

  2. නිදහස් සිත says:

    ආශාව නැති කරගන්න එක අමාරු වැඩක්. පොඩියට පටන් ගත්තානම් හරි. හිතන්න මොබිලේ phone 1k ගැන. ඒක කැඩුනොත් ඔයාට දුකයි. ඔයා එකට බැදිලා හිටියේ නැත්තම් ඒ ගැන දුක නැ. මුලින්ම කරන්න තියෙන්නේ ඔය පොඩි පොඩි දේවල්වලට තියෙන ආශාව නැති කර ගන්න ඒක.

  3. දුක නැතිකරගන්න නම් ආශාව නැති කරගන්න ඕන එක ඇත්ත. ඒත් කිසිම දේකට ආසා නැතිවෙන එකත් පිස්සුවක්නෙ. 😦

  4. අමිල says:

    සතිය පිහිටුවා ගැනීමෙන් මේ දේ කරන්න පුලුවන්ද?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s