පුදුම වර දෙකක් ! !

එක් දිනක් එක් මිනිසෙක් පැස්බරෙකු සමඟ හෝටලයකට ඇතුළු විය. “මට ඉඳිආප්ප විස්සකුයි කුකුළු මස් කරියකුයි ගේනවා.” ඔහු ඇනවුම් කළේය. පැස්බරා ද “මටත් ඒකමයි. ” කීය. වේටර් ගාස්තුව කී විට පසුම්බියෙන් මුදල් ඇද ඔහු එය හරියටම ගෙවීය. දිනපතා මෙසේ ඔහු සෑම සවසකම පැමිණ එම ආහාරයම ගත් අතර පැස්බරා ද එය ම ඇනවුම් කර භුක්ති වින්දේය. එසේම සෑම දිනකම ඔහු ළඟ හරියටම බිල ගෙවීමට මුදල් තිබිණ.

එක් සිකුරාදාවක ඔහු පැස්බරා ද සමඟ හෝටලයට පැමිණියේය. “අදත් ඒ ඕඩරේම ද ? ” වේටර් විමසීය. “නැහැ. නැහැ. අද සිකුරාදා නෙ. මට බුරියානි එකකුයි වටලප්පන් එකකුයි ගේනවා.” ඔහු ඇනවුම් කළේය. “මටත් ඒකම” පැස්බරා ද ඇනවුම් කළේය. එදා වෙනස් බිලක් නමුත් එය ද ගෙවීමට ඔහුගේ පසුම්බියේ හරියටම මුදල් තිබිණ. මෙයින් විමතියට පත් වූ වේටර් මේ ගැන ඔහුගෙන් විමසීය.

“මටත් ඇලඩින්ගෙ පහන වගෙ එකක් හම්බ වුණා. ඒ භූතයා මට වර දෙකක් දුන්නා. මං ඉල්ලූ පළමු වරය වුණේ මං යමක් මිල දී ගන්න හැම අවස්ථාවකම ඒ බිල ගෙවන්න මගෙ පසුම්බියේ ගානටම මුදල් තියෙන්න ඕනෙ කියන එකයි. ” ඔහු පිළිතුරු දුන්නේය. “හරී පුදුමයි. වෙන මිනිස්සු මිලියන් ගණන් ඉල්ලද්දි ඔබ ඉල්ලූ දේ. ‘ වේටර් විමතිය පළ කළේය. මං කිව්වෙ මොකක් මිලදී ගත්තත්. ඒ කිව්වෙ රෝල්ස් රොයිස් එකක් හරි විසාල මාලිගයක් හරි.” ඔහු පිළිතුරු දුන්නේය.

“එතකොට දෙවෙනි වරය ? ” වේටර් විමසීය. “ඊළඟට මං ඉල්ලුවෙ දිග බෙල්ලක් උස කකුල් හා ලොකු පස්සක් තියෙන කෙනෙක් හැම තිස්සෙම මං ළඟ ඉඳගෙන මං කියන හැම එකකටම එකඟ වෙන්න කියල.” ඔහු පැස්බරා දෙස බලමින් විස්සෝපයෙන් කතාව නිම කළේය.

This entry was posted in 20. රස කතා, සිංහල. Bookmark the permalink.

6 Responses to පුදුම වර දෙකක් ! !

  1. කථාව හොදයි….මෙවගෙ comment දාන තැනක් හදන්නෙ කොහොමද කියල, කියල දෙනවද??? Blogger වල බැරිද..wordpress වල විතරද දාන්න පුලුවන්….

    • comment දාන තැනක් කියලා ඇහුවේ මොකක්ද කියලා පැහැදිලි නැහැ. පැහැදිලිව ප්‍රශ්නය කිවුවොත් උත්තරයක් දෙන්න පුලුවන් වේවි.

  2. Hasitha says:

    පැස්බරාගේ කතාව නම් මට හරියට තේරුණේ නැහැ

  3. අනේ අපොයි අර මනුස්සය පව් නේද? ඉල්ලන්න ඕනෙ දේ හරියට ඉල්ලන්න එපැයි.😀

  4. Amila says:

    එතකොට අර වරවලින් එකකට තවත් වර 10 විතර ඉල්ලුවොත් නරකද? පස්සේ ඕනෙ එකක් කරගත්තෑකි නේද?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s