බුදුහාමුදුරුවො අපිත් දකින්නැති

බුදුහාමුදුරුවො අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දැකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ
නිවන් දැකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ

දෙවුරම් වෙහෙරට යන්න එන්න ඇති බුදුන් වඳින්නට ඒ කාලේ
නිවන් දැකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ

බුදුහාමුදුරුවො අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දැකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ

අපිත් එක්ක හිටි අපේම යාළුවො නිවන් දකින්නැති ඒ කාලේ
මෙතේ බුදුන් දැක නිවන් දකින්නට පින් පුරවමු අපි සංසාරේ

බුදුහාමුදුරුවො අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දැකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ
නිවන් දැකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ
නිවන් දැකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ

මේ වික්ටර් රත්නායකයන්ගේ මා කැමතිම ගීතයයි. දැනටත් ඇහෙන විට ඇහැට කඳුළක් මතුවන්නේ එහි අදහසෙහි ඇති ප්‍රබල බව හන්ද වෙන්න ඇති.

ජීවිතයේ අනන්ත අප්‍රමාණ දුක් කන්දරාවන්ට මුහුණ දෙන විටයි අපට නිවනෙහි ඇති අවශ්‍යතාවය මතු වෙන්නෙ. ඒ අති සුන්දර නිවන ස්පර්ශ කිරීමට නොලැබුණු අවබෝධ කිරීමට නොලැබුණු දුක හිතට දැනෙන විදියට ප්‍රකාශ කරන මෙම ගීයෙහි අරුත රසවත් වෙන්න නම්, හදවතට සමීප වෙන්න නම්, දුක කියන දෙයෙහි අරුතත් හොඳටෝම දැනගෙන ඉන්න ඕනෙ කියලයි මං හිතන්නෙ.

This entry was posted in 13. නිර්මාණයක රස විඳීම, සිංහල. Bookmark the permalink.

3 Responses to බුදුහාමුදුරුවො අපිත් දකින්නැති

  1. සිකේ මමනම් ඉන්න ඇත්තෙ අර ජේතවනාරාමෙ පිටිපස්සෙ හිටපු චුන්ද සූකර එක්ක වෙන්න ඇති…කොයි තරම් දර්මෙ ඇහුනත් පිලිපදින්න හිත නෑ නෙව….

  2. සරත් ගුණතුංග says:

    කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පොතක උන්වහන්සේට දිනක් දෘෂ්ටියක් ඇති වූ බව පවසා ඇත. අනුරුද්ධ රහතන් වහන්සේ පිණ්ඩපාතය වඩිනබවත්, ආනන්ද තෙරුන් වහන්සේ බුදු රජානන් වහන්සේගේ සිවුරු එලලන බවට එහි සඳහන් වෙයි. (පොතේ නම නම් මට මතක නැත ) මෙවන් දෘෂ්ටි- නොයෙක් ආකාර දේවල් ලොව සිදුවේ. තම තමන්ගේ ශ්‍රද්ධාව අනුව, පෙර කල ඇති කුසල්/ අකුසල් අනුව මේවා වෙනස් වෙයි. බෞද්ධ සිරිතේ හැටියට බොහෝ දෙනා සිය අත්දැකීම් විස්තර වශයෙන් කියාපෑමට මැලි වෙති.

  3. Anewasika says:

    කිරිබත්ගොඩ ඥාණානන්ද නං දැකල තියෙන්නෙ body guard ආනන්ද හාමුදුරුවන්ව විතරයි ලු!!!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s