මාලිනියේ

වික්ටර් රත්නායකයන් ගැන ලියැවුණු සටහන් කියවීමෙන් පසු මෙ සටහන ලිවීමට හිතුණා. මං හිතන හැටියට එකම ගායකයෙකු දෙබසක් අයුරින් ගායනා කරන එකම ගීතය වික්ටර් රත්නායකයන්ගේ “මාලිනියේ” කියල හිතනවා.

මාලිනියේ – ඉන්ද්‍රජාලය
මා මන සේ – අන්ධකාරය
මා දෑස සොයනා – ඔබ දෑස නැත
රුව ඇඳුනා, මාලිනියේ – නොරැවටෙන්

මංගල පෝරුව මස්තකයේ – අමන තරුණය
මම ඇය අත ගනිමී
මංගල පෝරුව මස්තකයේ – අමන තරුණය
මම ඇය අත ගනිමී – සිපිරි ගෙය ඔය තරම් සොඳුරු ද ?

යමෙකු තම විවාහය ගැන පවසද්දී ඔහුගේ හිත ඊට ඉඳුරා වෙනස් අදහසක් පැවසීමක් ගැන කියවෙන මේ ගීතය බිහි වූ යුගයේ එය කෙසේ කළා දැයි හැමෝටම විමතියක් විය. සන්දර්ශන වලදී සමහර විට වෙනත් ගායකයකු දෙවෙනි පේළි ගායනා කළ ද පටිගත කර ඇත්තේ හඬ දෙකම වික්ටර්ගේ වන සේ ය.

තාක්ෂණය හා අදහසෙහි උසස් බව ඉක්මවා වික්ටර් රත්නායකයන්ගේ හඬෙහි විශිෂ්ඨත්වය ඉස්මතු වන මෙම ගීය කලාතුරෙකින් ඇසෙන නමුදු එහි රසය අදටත් එක සේ විඳිය හැකිය.

මේ ගීයෙ දෙවන කොටස අමතක වෙලා තිබිල “මියුරු ගී” වෙබ් අඩවියෙන් ආයෙත් මතක් කර ගත්තට් ඒ කොටස පළ කරන්න හිතුනෙ නෑ.

This entry was posted in 13. නිර්මාණයක රස විඳීම, සිංහල. Bookmark the permalink.

One Response to මාලිනියේ

  1. වික්ටර කියන්නෙ දාර්ශනිකයෙක්…ඔහුගෙ ගොඩක් ගී එක්ක එන්නෙ තාලෙ විතරක්ම නෙමෙයි….

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s