C සඳහා උදාහරණ – 12

දැන් අපි ඔක්කොම Arithmetical Operators ඉගෙන ගෙන ඉවරයි. ඒ එක්කම දන්නෙම නැතුව අපි Assignment Operator කියන එකත් ඉගෙන ගත්තා. Assignment Operator කියන්නෙ සමාන ලකුණටයි. ඊළඟට අපට ඉගෙන ගන්න තුයෙන්නෙ මේ Arithmetical Operators හා Assignment Operator එක සම්බන්ධ වී හැදෙන වර්ගයයි.

අපි හිතමු X කියන විචල්‍යයෙ යම් අගයයක් ගබඩා වෙලා තියෙනව කියල. අපට අවශ්‍ය වෙන්නෙ මේ අගය 5 කින් වැඩි කරන්න නම් ? ඒ කියන්නෙ X වල අළුත් අගය විය යුත්තෙ X වල පැරණි අගයට 5ක් එකතු කිරිමෙනුයි. මේ දේ ලියන්නෙ පහත දැක්වෙන අන්දමටයි.

X = X + 5

වරදවා හිතන්න එපා, මේ සමීකරණයෙ සමාන ලකුණ දෙපැත්තෙ තියෙන X අකුරු දෙක එකිනෙක කපා දමන්න පුළුවන් කියල. මේ X අකුරු දෙකෙන් කියවෙන්නෙ කාරණා දෙකක්. වම් පැත්තෙ X අකුරෙන් කියවෙන්න X වල අළුත් අගය කියන එකයි. දකුණු පැත්තෙ X අකුරෙන් කියවෙන්නෙ X වල පැරණි අගය කියන එකයි. ඒ නිසා මේ සමීකරණයෙන් කියවෙන්නෙ අපට අවශ්‍ය දෙයයි. දැන් මේ පේළිය සම්බන්ධ කර අපි C Program එකක් ලියමු.

Test12A.gcc

Test12A.gcc

මේ Program එක Test12A.gcc නමින් ගබඩා කර Compile කර Run කළ විට අවශ්‍ය උත්තරය ලැබේවි.

මේකෙ X = X+5; ලෙස තියෙන නියෝගය X += 5; විදියටත් ලියන්න පුළුවන්. පහත දැක්වෙන්නෙ ඒ Program එකයි. ඒ කියන්නෙ මෙහිදී Arithmetical Operator එකක් හා Assignment Operator එක එකට සම්බන්ධ කරලයි මේ අළුත් Operator එක හදල තියෙන්නෙ.

Test12B.gcc

Test12B.gcc

මේ Program එක Test12B.gcc නමින් ගබඩා කර Compile කර Run කළ විට කලින් උත්තරයම ලැබේවි.

This entry was posted in 16. C++, සිංහල and tagged , . Bookmark the permalink.

3 Responses to C සඳහා උදාහරණ – 12

  1. සර් මේ ප්‍රෝගැම් එකේ [printf(“%s%i%s”,”old value of x=”,x,”ං”);] %i ට පසුව නැවත %s එකක් යොදල තියෙන්නෙ ඇයි කියල පැහැදිලි කරල දෙනවද?

    සර් මම %s යොදා \n යෙදීම වෙනුවට මේ විදියට ලිව්වහමත් මට ආවෙ ඒ පිලිතුරමයි..එනිසා මෙහෙම ලිව්වට වරදක් නැද්ද?
    {
    int x=12;
    printf(“%s%i\n”,”old value of x=”,x);
    x=x+5;
    printf(“%s%i”,”New Value or x=”,x);
    }

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s