ආයෙත් තෙන්නකෝන් මැඩම් හමුවෙන්නට ගිය කතාව

මගෙ යාළුවෙක් ඉන්නව යොහාන් කියල. පුංචි පන්තිවල ඉඳන් එකට ඉගෙන ගත්තෙ. මේ ළඟදි කතා වුණා දෙන්නත් එක්කම තෙන්නකෝන් මැඩම් බලන්න යන්න. මේ මැඩම් තමයි මගෙ හතරෙ පන්තියෙ ටීචර්.

අපි දෙන්නම ගියා එහෙ. ටීචර් අපි දෙන්නව අඳුන ගත්ත. ටීචර්ට ඩ්දැන් වයස 91යි. හොඳට කතා කරනව. ඇවිදිනව. පේනව. අපි දෙන්න එක්ක පැය ගණනක් කතා කර කර හිටිය.

තෙන්නකෝන් මැඩම් කෝට්ටෙ රජ මහා විහාර කුළඟන සමිතියටත් බැඳිල. වයසට අනුව නෙවෙයි වැඩ. යුද්දෙන් බැට කෑ ගම්මානවලට ගිය කතාවල්, ඒ දරුවන්ට පොත් බෙදූ නැටි, අත් පා අහිමි වූ අපේ හමුදා සෙබළුන්ට කෘතිම පා ඩීපු හැටි. මේවා රහ කර කර අපිත් එක්ක කිව්වාඅ. මේවා ඇහෙනකොටයි මට හිතුනෙ මං ඉස්කෝලෙටත් රටටත් කළ වැඩ මදිය කියන එක.

යොහාන් අනිවාර්යයෙන ආයෙත් යාවි. එයා සාමාන්‍යයෙන් පරණ ගුරුවරු මුණ ගැහෙන්න යනව. ඒ අයගෙ වගතුග හොඳට දන්නව. ඒ විතරක් නෙවෙයි අපේ ඉස්කෝලෙ අපේ කාලෙ හිටි හුඟාක් යව නමින්ම දන්නව. එකක් එයා ප්‍රිෆෙක්ට් කෙනෙක්. දෙවැන්න එයා ඇත්ලීට් කෙනෙක්. තුන්වැන්න හොඳට හැමෝම ආශ්‍රය කරනවා. මේ හන්ද පරණ ගුරුවරු ගැන තොරතුරු ගොඩක් මං දැන ගත්තා යොහාන්ගෙන්.

මං මේ තොතුරු දාන්නෙ මේ ලිපි කියවන අයවත් උනන්දු කරවන්න. ඒ මොකද ආයෙත් ඊයෙ මං අවබෝධ කර ගත්තා ගුරුවරයෙකුට ගෝලයින් දැකීම තරම් සතුටක් තවත් නැති බව. ඒ හන්ද පරක්කු නොවී අද අදම තම තමන්ගෙ පුංචි පන්තිවල ඉගැන් වූ ගුරුවරු මුණ ගැහෙන්න යන්න. ටිකක් කතා කර කර ඉන්න. ඒක ඒ අයට ලොකූ සතුටක් වේවි.

This entry was posted in 14. මට මතකයි, සිංහල. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s