ඔක්කොම කියල ඉවර වුණොත් ?

මම කලින් ලිපියක විස්තර කළ “හරි පුදුම ඉස්කෝලෙ” පොතේ ටොට්ටෝ චාං යනව අළුත් ඉස්කෝලෙකට. ඒ ඉස්කෝලෙ තියෙන්නෙ කෝච්චි පෙට්ටි දෙකක් ඇතුළෙ. මේ ටොට්ටෝ චාං යන ගමන් අම්මගෙන් අහනව ඇයි එයාට ප්‍රින්සිපල් වෙනුවට ස්ටේෂන් මාස්ටර් කියල නොකියන්නෙ කියල. ඉතින් මේ ප්‍රින්සිපල් මහත්තය ටොට්ටෝ චාංව භාර ගෙන අම්මට යන්න කියල කියනව.

ඊළඟට මේ මහත්තය ටොට්ටෝ චංට කියනව තමන්ට කියන්න තියෙන හැම දෙයක්ම කියන්න කියල. මේ ළමය කියවගෙන කියවගෙන යනව, හැම දෙයක් ගැනම. තමන්ගෙ රේන්ද පෙට්ටිය ගැන, ගෙදර බල්ල ගැන, මේ හැම දෙයක් ගැනම. අන්තිමට කියා ගන්න දෙයක් නැති වුණහම ප්‍රින්සිපල් මහත්තය කියනව අද ඉඳන් ඔයා මේ පාසැලේ ශිෂ්‍යවක් කියල.

මාත් මට කියන්න තියෙන දේවල් ලියාගෙන ලියාගෙන යනව. මෙහෙම ලියාගෙන යද්දි ඔළුවට පුදුමාකාර සනීපයක් දැනෙනව. සමහර විට ඇතුළෙ තියෙන දේවල් එළියට ගිහිල්ල ඇතුළ හිස් වුණා වගෙත් දැනෙනව.

මේ විදියට කවදා හරි කියන්න තියෙන දේවල් ඉවර වෙනව නෙ. එදාට ?

This entry was posted in 04. හැඟීම්, සිංහල. Bookmark the permalink.

7 Responses to ඔක්කොම කියල ඉවර වුණොත් ?

  1. එතකොට ආපහු මුල ඉදල ලියපුවා කියවමු. එතකොට තවත් දේ මතක් වේවි.🙂

  2. Anewasika says:

    හිස් වුනොත් තවත් මෙනව හරි පුරෝගන්න බැරියැ, ආයිබෝං!

    Anewasika

  3. එතකොට සර් අපේ ශිෂ්‍යයෙක් වෙයි.
    සර්ට සනීප නෑ කියලා දැනගන්න ලැබුණා. BIT SEMESTER II SUNDAY BATCH එකේ හැමදෙනා වෙනුවෙන්ම සර්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා !!!

    • kumudupinto says:

      වයසට යනකොට ලෙඩ වෙන එක නවත්තන්න බෑ. ඒ කොහොම වුණත් බ්ලොග් එකට ලිපි කිහිපයක් හරි දාන එක දැන් දිනචරියාවෙ කොටසක් වෙලා.

      • අනිවාර්යයෙන්ම. මටනම් දැන් මගේ බ්ලොග් එක කියවන කීප දෙනා උනත් ඒ අය එක්ක මගේ දුක සැප බෙදාගන්න මම ආසයි. ඇත්තටම ඇබ්බැහි වීමක් වගේ

  4. samarasinghe says:

    It is a big problem of lack of listeners. Most of the people have forgotten that why they have 2 ears and only one mouth. We have to practice to listen to others.

  5. 🙂🙂🙂
    මම ගොඩක් ආසාවෙන් කියවපු පොතක් හරි පුදුම ඉස්කෝලෙ…කියන්න තියන දේවල් ඉවර වුනදාට හිත නිදහස්… මම දැන් නිදහස් ගොවියෙක් කියලා කියන්න පුලුවන්🙂🙂🙂

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s