විශිෂ්ඨයෙකු වීමේ දෙවන පියවර

අපි මුලින්ම අප තෝරා ගත් ඉලක්කයට අසීමිතව ආදරය හා ගෞරව කරන්න පටන් ගත් බව ඔබට මතක ඇති. ඊළඟට ඔබ විසින් කළ යුතුව ඇත්තේ ඔබ විසින් තෝරා ගත් ඉලක්කයෙහි විශිෂ්ඨයෙකු බවට පත් වීමට ඔබ ගත් තීරණය නිශ්චිත කර ගැනීමයි.

සමහර විට අප විසින් ගන්නා තීරණ පසු කලෙකදී අප විසින්ම වෙනස් කරනු ලබනවා. එහෙම කරන්නෙ මුලින්ම අප නිශ්චිත ස්ථාවර තීරණයක් නොගත් නිසයි. අප හදවතේ ගැඹුරුම තැනින් මේ තීරණය නොගත්තොත් වෙනත් බාහිර හේතු නිසා හෝ අපට පහසුවෙන් බල පෑ හැකි කටකාර කෙනෙකුගේ වචනයක් නිසා අප ගත් තීරණය වෙනස් වීමට ඉඩ තිබෙනවා.

අප විශිෂ්ටයෙකු වීමට බලාපොරොත්තු වන්නේ යම් විභාගයකින් නම් අප විශිෂ්ටයෙකු වන්නේ එම විභාගයෙන්ම බව සිතෙහි ස්ථාවර කර ගත යුතුයි. කිසිදු ආකාරයක සැකාක් ඒ පිළිබඳව නොතිබිය යුතුයි. වෙනත් කිසිම පුද්ගලයෙකුට කිසිම හේතුවකට ඒ ස්ථාවරය වෙනස් කිරීමට ඉඩ නොතැබිය යුතුයි.

අප විශිෂ්ටයෙකු වීමට බලාපොරොත්තු වන්නේ යම් විෂයයකින් ද රැකියාවකින් ද ප්‍රේමයකින් ද යන්න මේ පිඅවරට අදාල නොවේ. ඔබ කුමක් ඔබේ ඉලක්කය ලෙස තෝරා ගත්තතෙය ස්ථාවර ව නිශ්චිතව දැඩි ව සිතෙහි ධාරණය කර ගැනීම මෙයින් අදහස් කෙරේ.

මතක තබා ගන්න ඔබ මේ ධර්මතාවයන් න්‍යායයන් යොදා ගැනීමට බලාපොරොත්තු වන්නේ යම් ලෞකික අරමුණකට බව. මේ ලිපි පෙළෙහි එකම අරමුණ අප රටෙන් විශිෂ්ඨයන් බිහි කිරීමයි. මෙතෙක් නොබෙල් සම්මානයක් ලබා ගැනීමට බැරි වූ රටකයි අප ජීවත් වන්නේ. එබැවින් ලෞකික ලෝකයේ ජීවත් වන්නවුන් යම් ලෞකික අරමුණකට දිවීමේ කිසිම වරදක් ඇතැයි මා සිතන්නේ නෑ. මේ න්‍යායයන් ලෝකෝත්තර අරමුණු හා පටලවා ගන්න එපා. මගේ අවවාදය එයයි.

This entry was posted in 18. විශිෂ්ඨයෙකු වීමට මඟ, සිංහල. Bookmark the permalink.

5 Responses to විශිෂ්ඨයෙකු වීමේ දෙවන පියවර

  1. Anewasika says:

    ඔබ වැනි විශිෂ්ඨයෙකු වීම මගේ එකම අරමුණයි.

    Anewasika

  2. මා විශිෂ්ඨයෙකු වීමට ආස නැත මේ සමාජය විශිෂ්ඨ ලෙස දකින පුද්ගලයෝ බොහොමයක් මට අනුව අශිෂ්ඨයෝමැ වෙති…

  3. අමිල says:

    ඒ සදහා දැක්ම(දෘශ්ඨිය) පිරිසිදු කර ගත යුතුයැයි සිතමි. නිවැරදි දැක්ම..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s