හිතෙන් වැඩ ගැනීම – සිව්වන ක්‍රමය

මේ වෙනකොට අපි දන්නව හිතෙන් වැඩ ගන්නා විධි තුනක්. පළවෙනි ක්‍රමය කෙටි වාක්‍යයක් හිතට කා වැදීම මඟින්. දෙවෙනි ක්‍රමය අවසාන ප්‍රතිඵලයට සම්බන්ධ රූපයක් සිතට කැවීම මඟින්. තුන්වන ක්‍රමය අවසාන ප්‍රතිඵලය චිත්‍රපටයක් සේ සිතෙන් නැරඹීම මඟින්. අද ඉගෙන ගන්න යන්නෙ සිව්වන ක්‍රමයයි.

මේ ක්‍රමය සමහරුන්ට විකාරයක් සේ පෙනුනත් කිහිප දෙනෙක්ට හොඳට හිතට අල්ලාවි. ක්‍රමේ මේකයි.

ඇපි අපේ හිත කියන්නෙ තවත් පුද්ගලයෙක් කියල හිතල එයාගෙන් ඉල්ලනව අවශ්‍ය දේ කරල දෙන්න කියල. වැඩේ හරි ගියහම හිතට ස්තුති කරනව.

මම චිත්ත ධර්ම විද්‍යාව හදාරණ කාලෙ නුවර යාළුවෙක් හිටියාඅ ජයන්ත කියල. එයාගෙ ගෙදෙර තමයි පසු කාලෙක නමින් පරිගණක අධ්‍යාපන ආයතනයක් පටන් ගත්තෙ. මේ යාළුව මල්වතු විහාරයේ එක් භික්ෂූන් වහන්සේ නමක් හොඳින් දන්නව. මේ හාමුදුරුවො ජයන්ත ලවා මට බාර දුන්න වැඩ දෙකක්. ඒ හාමුදුරුවො හැම වෙසක් පෝයටම බෝගම්බර හිරගෙදර හිරකරුවන්ට ධර්මය දේශණා කරනව. ඒ වෙසක් පෝය දේශණාව මට කරන්න දුන්න. මේ පළමු කාරණයයි. ඊළඟට ඒ වෙසක් පෝය දා මල්වතු විහාරය ආශ්‍රිත දහම් පාසැලේ සීල ව්‍යාපාරයට සම්බන්ධ අයට දේශණයක් කරන්න. මේ දෙවැනි කාරණයයි.

මම ජීවිතේට ඔය වගෙ දේශණාවල් කරල නෑ. ඒ හන්ද කලින් දා රෑ මං හිතට කතා කරල කිව්ව හෙට කතා දෙකම ඔයාට බරයි, මම කිසි දේකට ඇඟිළි ගහන්නෙ නෑ කියල. තමන් තමන්ගෙ හිත යාළු කර ගත්තහම මේ වගෙ කතා කරන්න පුළුවන්. මෙහෙම හිතට කියල මම නිදා ගත්ත.

පහුවෙනිදා ඉස්සෙල්ලාම තිබුණෙ බෝගම්බර හිර ගෙදර දේශණයයි. ඒකට මාත් ජයන්තත් ජයතගෙ ප්‍රාණ මිත්‍රයෙක් වූ චන්ද්‍රාත් ශභගි වුණා. ඒක කිසි ගැටළුවක් නැතුව ඉවර වුණා. ඊළඟට හවස දෙකට විතර තමයි දහම් පාසැලේ කටයුත්ත තිබුණෙ. ඒක මං තනියම කළ යුතු වූ දෙයක්.

මම හරියටම දෙකට එතනට ගියා. ඉස්සරහ එරමිණිය ගොතාගෙන වාඩිවෙලා චිත්ත ධර්ම විද්‍යාව හා බුදු දහම ගැන දේශණය පටන් ගත්තා. ටික වෙලාවකින් මට තුණ්ඩු කෑල්ලක් එනවා. ඒකෙ තිබුණෙ “දැන් වෙලාව හයට කිට්ටුයි. සිල් පවාරණය කරලා ඉතුරු ටික කතා කරමු.” කියලයි. එතකම් මම එරමිණිය ගෙතූ ඉරියව්ව වෙනස් නොකර කතාව කරගෙන ගිහිල්ලා. මම නෙවෙයි ඇත්තටම ඒ කතාව සම්පූර්ණයෙන්ම මෙහෙයවූයේ, මගේ හිතයි.

මුලින් ටමන් කියන දේ හිත එච්චර ගණන් ගන්න එකක් නෑ. ඒකට හේතුව මෙච්චර කල් ඔබ ඔබේ හිතට සවන් නොදුන්න කෙනෙක් නිසයි. මුලින් තමන්ගෙ හිත යාළු කර ගන්න. විශ්වාසය ඇති කර ගන්න. ඉතුරු ටික ඔබේ හිත කරාවි.

This entry was posted in 17. චිත්ත ධර්ම විද්‍යාව මගේ ඇසින්, සිංහල. Bookmark the permalink.

6 Responses to හිතෙන් වැඩ ගැනීම – සිව්වන ක්‍රමය

  1. චරිත says:

    කොහොමද හිත යාලු තරගන්නෙ?

    • kumudupinto says:

      පළවෙනි කාරණේ තමන් යම් වැඩක් කරන්න යනකොට හිත එපා කිව්වොත්, ඒ කියන්නෙ එපා වගෙ හිතුනොත් ඒක කරන්න එපා. දෙවෙනි කාරණේ නිතරම තමන් එක්ක, ඒ කියන්නෙ තමන්ගෙ හිත එක්ක සංවාදයක යෙදෙන්න පුරුදු වෙන්න. තුන්වෙනි කාරණේ යම් වැඩක් තමන් කිසි දෙයක් නොකරම හරි ගියොත් දැන ගන්න ඒක තමන්ගෙ හිත කරපු වැඩක් ය කියල. එයාට ඒකට ස්තුති කරන්න.

  2. එතකොට මම හිතට වහල් වුණා … වගේ දැනේවිනෙ …..

  3. මේක කියවද්දී මට මතක් වුණේ 3 idiots හින්දි චිත්‍රපටයයි. එහි රැන්චෝ ජීවිතයේ අභියෝග ඇතිවෙන අවස්ථාවන් වලදී “All is Well!” යනුවෙන් තමාගේ හිතට කියාගන්නවා. ඔහු කියන ආකාරයට එමඟින් තමාගේ හදවත මෝඩයාට අන්දන්න පුළුවන්! එතකොට අභියෝගය ජයගැනීමට ශක්තිය ලැබෙනවලු. ඒ කතාව ඇත්තටම මගේ හිතට අල්ලලා ගියා. ඒවගේමයි ඔබේ කතාවත්! ස්තූතියි!

    • murthi says:

      හදවත මෝඩයාට අන්දවලා අභියෝග ජය ගන්න ශක්තියක් ලබාගන්න අමාරුයි කියලයි මගේ අදහස. හදවතට එකඟවයි වැඩ කරන්න ඕනේ. හිතට වහල් වීමයි හදවතට එකඟව වැඩ කිරීමයි සම්පූර්ණ වෙනස් කාරණා දෙකක්. Rancho කියන ‘All is Well’ වාක්‍යයෙන් එයා හදවත මෝඩයාට අන්දන්නේ නෑ. ඒකෙන් එයා තමන්ගේ ආත්ම ශක්තිය වැඩි කරගන්නේ. හදවතට එකඟ නැති ක්‍රියාවක් කරන්න ඒ වගේ අධ්‍යාත්මික දේවල් වලින් ශක්තියක් ලැබෙන්නේ නෑ කියන එකයි මගේ අදහස. හදවතට එකඟව ක්‍රියා කරන්න හදවත මෝඩයාට අන්දන්න ඕනේ නෑනේ.

      • kumudupinto says:

        මේක හිත මෝඩයාට ඇන්දවීමක් නොවේ. සිත මෙහෙයවීමක්. ඒ එක්කම තවම අපි ඉන්නෙ දෙවන පියවරේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s