පුංචි ඉල්ලීමක්

අපි හැමෝම දන්නවා සයිබර් අවකාශයේ බ්ලොග්, විශේෂයෙන් සිංහල බ්ලොග් කියවන්නන් ඉතාම අඩු බව. ඒ වගේමයි කියවන අයගෙන් ඉතා අඩු ප්‍රතිශතයකුයි කියවන ඒවාට Comment එකක් දාන්නේ. ඊටත් අඩු පිරිසකුයි තමන්ගෙම බ්ලොග් එකක් නඩත්තු කරන්නේ.

බ්ලොග් කියවන අය වැඩි වෙන තරමට බ්ලොග් ලියන අයත් වැඩිවෙයි. ඒ හන්ද අපි මේ සිංහල බ්ලොග් කියවන අය ගණන වැඩි කර ගන්නෙ කොහොමද ?

මේකට අපට කරන්න පුළුවන් දේවල් තියෙනවා. මට හිතුණු ලැයිස්තුවයි පහත දැක්වෙන්නෙ.

1. අපි අඩු ගණනෙ දවසකට දෙන්නෙක්ව පොළඹවමු තමන්ගෙම සිංහල බ්ලොග් එකක් හදන්න. ඒ බැරි නම් අඩු ගණනෙ දැනට ලියවිලා තියෙන බ්ලොග්වල පලවෙලා තියෙන ලිපි කියවන්න.

2. අපි එක එක්කෙනා තමන්ගෙ හැඟීම්වලට අමතරව තමන් දන යම් විෂයයක් ගැනත් අඩු ගණනෙ එහෙම විෂයයක කොටසක් ගැනවත් අධ්‍යාපනය උදෙසා ලිපි පළ කරන්න පටන් ගනිමු.

3. යම්කිසි විභාගයකට සූදානම් වන පිරිසක් (උදාහරණයක් වශයෙන් BIT) ඒ විභාගයේ යම් විෂයයක යම් කොටසක් සම්පූර්ණයෙන් සිංහලෙන් ඉගෙන ගන්න පුළුවන් වෙන ලිපි පෙළක් ලිවීම. මේ වැඩේ බ්ලොග් කිහිපයක තිබුණට කමක් නැහැනෙ. ඒ හැම බ්ලොහ් එකකින්ම අනෙක් ඒවාට Links දෙනව නම්.

4. පුළුල් විෂය පරාසයක් ආවරණය කිරීමට මේ සිංහල බ්ලොග් ලිවීමට සම්මාදම් වෙලා ඉන්න අපි හැමෝම උත්සාහ දැරීම

මේ අදහස් ටිකට එකඟ නම් අද ඉඳලම වැඩේට බහිමු ද ?

This entry was posted in 04. හැඟීම්, 21. පටන් ගනිමු ද ? කරල බලමු ද ?, සිංහල. Bookmark the permalink.

19 Responses to පුංචි ඉල්ලීමක්

  1. සිංහල බ්ලොග් අවකාශයේ ප්‍රවර්ධනය වෙනුවෙන් කදිම අදහස් ටිකක්! wearescientific.blogspot.com ගැන ඔබ සිතන්නේ මොනවද?

    • kumudupinto says:

      හුඟාක් හොඳයි. දිගටම කරගෙන යන්න. මුල් යුගයෙ සිංහලෙන් විද්‍යාව ඉගෙන ගන්න පොත් තිබූ හන්ද අපි යන්තම් විභාග පාස් වුණා. දැන් අපේ වාරෙ ඒවාට කළගුණ සලකන්න.

  2. Amila says:

    හැමෝටම කියවන්න පුලුවන්. හැබැයි හැමෝටම ලියන්න බෑ. පුලුවන් තරම් ප්‍රමොට් කරන්නම්.

  3. Teshan says:

    ඒ හින්දම නෙව මාත් PHP බ්ලොග් එකක් පටන් ගත්තේ හැමෝටම මුල ඉඳලාම ඉගෙන ගන්න පුළුවන් වෙන්න. 😀
    ඒ විතරක් යැ?
    තව කවි බ්ලොග් එකකුයි නව කතා දෙකකුත් යියනවා. තවම සර් ඒවා කියවල නැද්ද දන්නෙ නෑ…
    ඒ බ්ලොග් ටික මගේ PHP බ්ලොග් එකේ දකුණු අත පැත්තේ ඇති පහලම. කියවලා බලන්නකෝ සර්…

    තව දෙයක් කියන්න ඕනි. අපේ ලිපි සින්ඩියේ යන්නෙ ඒක අපි ලියන්න පටන් දත්ත වෙලාව අනුව මිසක් පල කරපු වෙලාව අනුව නෙවෙයි. අපි ඊයේ ලිපියක් ලියන්න පටන් අරන් අද ඒක ඉවර කරලා පල කරොත් සින්ඩියේ යන්නෙ ඒක ඊයේ පල වුනු ලිපියක් හැටියට බොහෝ විට ලයිස්තුවේ පසු පිටු වලට වෙන්නත් පුළුවන්. ඒ නිසා ලිපියක් වෙනම කොහේ හරි ලියලා තියලා පල කරද්දි විතරක් අලුතෙන් POST එකක් හදල දම්මොත් තමයි හොඳ.

    • murthi says:

      මල්ලිගේ මේ නව කතා blogs වල මගෙ ඇහැත් නැවතුනා. තාම නිවී හැනහිල්ලේ කියවන්නනම් වෙලාවක් ලැබුණේ නෑ. අනිවාර්යෙන්ම කියවන්නයි ඉන්නේ. PHP blog එකත් අනර්ඝයි. හොඳ වැඩක්, මුළු හදින්ම සුභ පතනවා! මට පොඩි ගැටළුවක් තියනවා මේ නව කතා මෙහෙම blog එකක ලියන එක ගැන. ඒකෙන් මල්ලිගේ බුද්ධිමය දේපලට හානියක් වෙන්න ඉඩ තියනවා නේද? කවුරු හරි ඒක හොරකම් කරගන්න ඉඩ තියනවා නේද? අන්තිමට ඔයාට කලින් ඒක වෙන කෙනෙක් පොතක් විදියට පළ කළොත් එහෙම? මට මේ ප්‍රශ්නේ මෙච්චර දැනෙන්නේ මොකද මාත් ලිවීමේ පිපාසයෙන් පෙළෙන කෙනෙක්. දැනට පරිවර්තන දෙකක් විතර කරලා තියනවා, තව එකක් අතර මැද, තව නව කතාවකුත් ලියාගෙන යනවා. මේවා කොයි විදියෙන් හරි එළි දක්වන්නයි මගේ ආසාව තියෙන්නේ. ඒත් මේ සයිබර් අවකාශයට ඒවා මුදා හරින්න මම බයයි නිර්මාණ මංකොල්ලයක් සිද්ධ වෙයි කියලා. කවි නිසඳැස් වගේ නෙවෙයිනේ නව කතාවක් කිව්වම.

    • As I feel Pinto sir writing this blog when he is @ both home and office. you can use RSS reader for the easy reading.

      • kumudupinto says:

        Yes. Usually, at office I write from the time I come to office till 8.30 a.m. Then at night I write till I feel sleepy. But when there is an interesting comment I used to reply then and there.

  4. මම පැය දෙකක් බ්ලොග් කියෙව්වොත් පැයයි ලියන්නෙ….ඒත් මට මේ වල් පල් එපා වෙලා….මම උනත් කැමතියි මගේ බූට් ස්ටෝරි,, කවි වලට වඩා අනෙකුත් විචාර පාඩම් සිද්දීන් වලට කමෙන්ට් එනවනම්….මම දැන් ලඟදි ලිපියක් දමන්න ඉන්නෙ…සාමන්‍ය සිද්දියක් සංවේදී කිරීම ගැන….
    මේ උදාහරණ කීපයක්…
    මට චූ බරයි= මගේ දෙකලවා අතරින් නැගෙන මේ වේදනාව කෙසේ ඇති වී දැයි නොදනී..උදේ පාන්දරටත් දවල්ටත් ඇතිවෙන මේ වේදනාව මට දැනුදු ඇතිවී තිබේ…
    මට පාලුයි= ඉසිවෙකු නැති මේ ලොවේ මා පමණක් තනිවී ඇතිදැය් විටෙක මට සිතේ…මේ ජීවන ඇඳිරිය කිනම් ලෙසකින් මා දරා ගන්නද???/
    මට කැස්ස=උගුර කාරගෙන එන සෙමගුලි..නහර තෙරපෙමින් ඉවතයන ආකාරය මහත් වේදනාවකි..ගැස්සෙන පැද්දෙන උගුර සහ මුඛය සමඟ සෙල්ලම් කරන මේ වේදනාව කවදා නිමාවෙයිද….
    මට නිදිමතයි=දෙනෙත් හැර සිටීමේ ආයාසය මට තවත් දැරිය නොහැකිසේ දැනෙයි…බර වූ දෙනෙත් පියන් මත යකඩ එල්ලුවා සේය මට වේදනාව…
    ඔන්න ඔය වාගෙ මාර සරල අම්බානක සන්කීර්ණ සන්වේදී සිද්දි ගොඩයි මේ සින්ඩියෙ…

    • kumudupinto says:

      ඔබේ උදාහරණ වෙනුවට මේ සින්ඩියෙන්ම උදාහරණ ගත්තා නම් නරකද ?

      • ඔබ හරි එහෙම කරන්නත් තිබුන…ඒත් ගොඩක් අය මානසිකව ඒ තරම් ප්‍රභල අය නෙමෙ..මම හොඳ නෑ කියල කෙලින්ම කියල අඩුපාඩු පෙන්නල එක පාරක් කෙනෙක් බ්ලොග් ලිවීම නතර ම කරල තිබුන…මා සමහරුන්ගෙ වැරදි කියල මම දකින දේ කිව්වම ඒ සමහර අය හිතන්නෙ පුද්ගලික තරහ පිරිමහනව කියල…….මම කියන්නෙ තමන්ට වෙන දේවල් තමා කෙරෙහිම සන්වේදී දේවල්ම ලියන ප්‍රවනතාව බ්ලොග් වල වැඩියි….තමන් පොලිසියෙන් දඩයක් කෑවම පොලිසියට දෙස් තියන බ්ලොග් සතියකට 2ක් විතර මම දකිනවා…ඇයි ඒ අය පොලිසියෙ බහුතරය ඒ තත්වෙට පත්වීම විද්‍යාත්මකව දකින්නෙ නැත්තෙ…අපේ සමාජෙම එක්තරා කොටසක් නේද???අපි ඔතන ලොකු පුටුවකට ගියත් අපිට ඔය පගාව නවත්තන්න පුලුවනිද??/

  5. කොහොම උනත් ඔබතුමාගෙ අදහස හොඳයි.. මම දැනට තුන් දෙනෙක්ව මේ සිංහලෙන් ලිවීමට හුරු කරල තියෙනව …..[අලුතෙන් ]

  6. Wathsala Vithanage says:

    Writing is a good habbit. According to Richard “Dick” Gordon Guindon writing is nature’s way of letting you know how sloppy yours thinking is.

  7. අපි දන්න පාඩම් සිංහලෙන් දාන එක මමත් හිතුව දෙයක්. මම ඒක පටන් ගන්නවා ලඟදීම. BIT Lessons ටිකක් දාන්න ඉන්නෙ . ඒක බැරිවුනොත් අඩුගානෙ කට්ටියට හින්දි හරි උගන්නනවා….🙂

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s