Monthly Archives: June 2010

“Zellers” හි අයිස්ක්‍රීම්

මම කලින් කිව්වා නෙ මං ගේ ඉස්සරහ වෙසක් නාට්‍ය දෙකක් කළා කියල. පළමුවැන්න “ළඳක් කළ වැඩක්” කියන නාට්‍යයට උදව් වුණේ සොලමන් කියලා යාළුවෙක්. දෙවෙනියට කළ “පෙළපතක පෙරළිය” නාට්‍යයට උදව් වුණේ ජයන්ත කියලා යාළුවෙක්. ජයන්තලාගෙ ගෙදර තමයි පසු කාලයක මම “ඩිජිට්‍රොනික්ස්” … Continue reading

Posted in 14. මට මතකයි, සිංහල | 3 Comments

පියාගෙන් පුතාට

මේ මගේ ඉතා ම කිට්ටු හිතෛෂියෙක් මට කී කතාවක්. ඔහුට ඔහුගේ වයස අවුරුදු තිස් ගණන්වලදී හිරබත් කන්නට සිද්ද වෙලා. කිසිම වරදක් නැතිව. ඔහු වසර තුනක් පමණ තම පවුලෙන් හිතවතුන්ගෙන් නෑයින්ගෙන් වෙන්ව සිර මැදිරියක කල් ගත කරලා තියෙනවා. සිරකරුවන්ට අදාල ඇඳුමින් … Continue reading

Posted in 02. මා දුටු බුදු දහම, සිංහල | 6 Comments

නිර්මාණ ශිල්පීන් හා ඔවුන්ගේ නිර්මාණ

මගෙ එක ලිපියකට ලැබුණු ප්‍රතිචාර දැකලා මං හිතුවා මේ කාරණා වෙනම ලිපියක සටහන් කළොත් හොඳයි කියලා. අපි බුදුරජාණන් වහන්සේගෙ ධර්ම කාය කියලා දෙයක් හඳුන්වනවා. ඒ කියන්නෙ උන්වහන්සේ වදාළ ධර්මස්කන්ධය නෙ. උන්වහන්සේම වරෙක දේශණා කරල තියෙනවා ධර්මය දකින්නා මා දකී යනුවෙන්. … Continue reading

Posted in 02. මා දුටු බුදු දහම, සිංහල | Leave a comment

කුඩා දරුවකුගේ රචනාවක්

අද ලැබුණු ඊ-මේල් එකක තිබූ කතාවක සිංහල පරිවර්තනයයි පහළ ඇත්තේ. ප්‍රාථමික පන්තියක උගන්වන ගුරුවරියක් කුඩා දරුවන්ට රචනාවක් ලිවීමට අණ කළාය. එහි මාතෘකාව වූයේ “ඔබට දෙවියන්ගෙන් වරයක් ලැබුණොත් ? ” යනුවෙනි. ගුරුවරිය රචනා ටික එකතු කරගෙන ගෙදර ගියාය. එයින් එකක් කියවද්දී … Continue reading

Posted in 20. රස කතා, සිංහල | 14 Comments

තෝ කොහෙද හිටියෙ ?

මේ ත් මට ආ ඊ-මේල් එකක තිබූ රස කතාවක්. ඔහු වීදියක් දිගේ ගමන් කරමින් සිටියේය. හදිසියේම ඔහුට හඬක් ඇසිණි. “තව අඩියක්වත් ඉස්සරහට තියන්න එපා. එහෙම කළොත් උඩින් වැටෙන ගඩොලක් ඔබ හිස මතටම වැටේවි.” ඔහු අඩිය පස්සට ගත්තේය. ඒ මොහොතේම ඔහු … Continue reading

Posted in 20. රස කතා, සිංහල | 14 Comments

C සඳහා උදාහරණ – 17

අපි කලින් උදාහරණයෙදි Increment Operators හා Decrement Operators කියන ජාති දෙකම printf යන නියෝගය තුළ ලියල බැලුවා prefix විදිටත් postfix විදියටත්. වෙනස අපි ඉගෙන ගත්තා. මේ වගේම වෙනත් ඕනෑම නියෝගයක් තුළදිත් මේ Operators පාවිච්චි කරන්න පුළුවන්. අපි යම්කිසි ගණනය කිරීමක් … Continue reading

Posted in 16. C++, සිංහල | Tagged , | 2 Comments

“චිත්ත පරපෝෂිතයෝ” හා “දුමීගේ කට කහන කතා”

මම බොහෝම කාලයකට ඉස්සර කියෙව්ව පුදුම හිතෙන කතාවක් සහිත පොතක්. ඒකෙ නම “චිත්ත පරපෝෂිතයෝ”. ඒකෙ තියෙන්නෙ පිට සක්වලින් එන සත්ව කොට්ඨාසයක් ගැන. ඒ අය කරන්නෙ යමෙකුගෙ සිතට රිංගලා ඒකෙ විකාර කරන එකයි. දැනටත් මම හිතන්නෙ දුර්වල හිත් තියෙන අය රෑට … Continue reading

Posted in 13. නිර්මාණයක රස විඳීම, සිංහල | 16 Comments

මරණය ගැන ආයෙත් . . .

මරනය ගැන මේ විදියට ලියාගෙන ගියොත් ඒකට වෙනම Category එකක් අරින්න එයි. මේ දවස්වල ඒ තරමටම මරණය ගැන හිතෙනවා. හිතනවා. හුඟාක් අය කියන කතාවක් තමයි වයසට යන්න යන්න මරණයට කිට්ටු වෙන්න කිට්ටු වෙන්න මැරෙන්න තියෙන ඕනෑකම (එහෙම එකක් තිබුණොත්) නැතුව … Continue reading

Posted in 02. මා දුටු බුදු දහම, සිංහල | 8 Comments

මගේ නිරීක්ෂණයක්

සාමාන්‍යයෙන් අළුතින් පන්තියක් පටන් ගත්හහම ඉස්සෙල්ලාම නෙ සිසු සිසුවියන් යම් ආයතනයකට පාසැලකට යන්නෙ. මං නිරීක්ෂණය කරල තියෙන දෙයක් තමයි බොහෝ සිසුන් මුල් දවසෙ දෙකේ ම තමන්ට වාඩි වෙන්න යම් නිශ්චිත ස්ථානයක් තෝරා ගැනීම. ඊළඟට දිගටෝම ඔවුන් වාඩි වෙන්නෙ අර පුටුවෙමයි. … Continue reading

Posted in 02. මා දුටු බුදු දහම, සිංහල | 7 Comments

පුදුම සමානකමක්

නිරිතදිග රාජධානි කියන්නෙ දඹදෙනියේ ඉඳන් කෝට්ටේ දක්වා ඇති රාජධානි ටිකයි. පොළොන්නරුවෙන් අගනුවර දඹදෙනියට මාරු වීමත් සමඟම ඇරඹී ඉන්පසු යාපහුව, කුරුණෑගල ගම්පොළ හා අවසානයේ කෝට්ටේ දක්වා මෙසේ වෙනස් වුණා. පුදුමෙ තියෙන්නෙ මේ හැම වෙනස්කමක් ම කරලා තියෙන්නෙ බුවනෙකබාහු කෙනෙක් වීම. දබදෙනියෙන් … Continue reading

Posted in 22. සිංහල සයිබර් අවකාශය, සිංහල | 2 Comments

ජේ. ඒ. මිල්ටන් පෙරේරා

ජේ. ඒ. මිල්ටන් පෙරේරාගෙ බොහොමයක් ගී හින්දි තනු අනුසාරයෙන් වුණාට ඒවායිනුත් මහා පුදුම රසයකුයි අපට දෙන්නෙ. ඒ ගායකයගෙ පුත්තු දෙන්නෙක් තම පියාගෙ ගී ගායනා කරනවා බොහෝම අපූරුවට. දැන් ටික කාලයකට ඉස්සර රූපවාහිනී වැඩසටහනකට ආ ඒ දෙන්නා තම පියාගේ ගී ඕනෑම … Continue reading

Posted in 04. හැඟීම්, සිංහල | 1 Comment

ගුරු කම ය විශිෂ්ඨ – ගුරු කම ය සුන්දර

කාලෙකට පස්සෙ අරුණ සර්ගෙ බ්ලොග් එක පැත්තෙ ගියා. ඒකෙ එක ලිපියක් කියවන කොට ඇත්තටම මගේ ඇඟේ හිරිගඩු පිපුනා. මේ කතාව ගැන මීට කලින් අහන්න ලැබුණත් කියවන්න ලැබුණෙ නෑ. අරුණ සර්ගෙ පරිවර්තනය කියෙවායින් පස්සෙ හිතුනෙ පරිවර්තනය මුලින් කියවන්න හම්බ වුන එක … Continue reading

Posted in 04. හැඟීම්, සිංහල | 1 Comment

C සඳහා උදාහරණ – 16

දැන් අපි බලමු Incremental/Decremental Operator එකක් වෙනත් නියෝගයක් තුළ ලිවීමෙන් ලැබෙන ප්‍රතිඵලය. අපි printf නියෝගය තුළ Incremental/Decremental Operators භාවිතා කරමු. පහත ප්‍රෝග්‍රෑම් එක නිරීක්ෂණය කරන්න. මේ ප්‍රෝග්‍රෑම් එක Compile කරලා Run කළහම අපට ලැබෙන්නෙ එකිනෙකට වෙනස් උත්තර දෙකක්. a හි … Continue reading

Posted in 16. C++, සිංහල | Tagged , | 5 Comments

සුපර්මාකට් සංකල්පය හා මහාචාර්ය මලලසේකර

සමහරු අන්නාසි කන්න කැමතියි. ඒත් තවත් සමහරුන්ට අන්නාසි කෑවහම පලු දානවා. සමහරු චොකලට් කන්න කැමතියි. ඒත් සමහරුන්ට චොකලට් කෑවම බඩ වේලනවා. මේ වාගෙ භින්න රුචිය කියන එක අපට හැම ට්තැනම දැක ගන්න පුළුවන්. සුපර්මාකට් සංකල්පය මෙච්චර දුරට හිතට අල්ලලා ගියේ … Continue reading

Posted in 04. හැඟීම්, සිංහල | 2 Comments

යාපහුව හා නියම්ගම්පායස්ථානය

අපේ ආයතනයෙ සාමාන්‍යාධිකාරි දිනේෂ් සමඟ මා ගියා දඹදෙනිය, යාපහුව ගම්පොළ වාගෙ තැන්වල ඒ ඒ කාලයේ නටබුන්වල ඡායාරූප ටිකක් ගන්න. ගම්පොළ නියම්ගම්පායස්ථානය කියන විහාරයෙත් යාපහුවෙත් පින්තූර ගොඩාක් ගත්තා. ඒ පින්තූර ටික පුංචි විස්තරයකුත් එක්ක සිංහල විකිපීඩියාවලට දැම්මා. Links දිගේ ගිහිලා බලන්නකො … Continue reading

Posted in 22. සිංහල සයිබර් අවකාශය, සිංහල | 3 Comments

අපූරු සිසුන් පිරිසක්

ගිය සතියෙ මට අළුතෙන් පන්තියකට පාඩමක් උගන්වන්න සිද්ද වුණා. උසස් පෙළ තොරතුරු තාක්ෂණ විෂයය වන GIT වලට Pascal කියන පරිගණක භාෂාව උගන්වන්න. මේ පන්තියෙ ඉන්නවා කොළඹ ඉහළ පෙළේ විද්‍යාලයක ඉගෙන ගන්නා සිසුන් තුන් දෙනෙක්. ඒ තුන්දෙනාම උසස් පෙළට දේශපාලන විද්‍යාව … Continue reading

Posted in 06. පරිගණක අත්දැකීම්, සිංහල | 9 Comments

ඡායාරූප ගැනීමේ විනෝදාංශය

අද කාලෙ හුඟාක් අය ගාව පුංචි ඩිජිටල් කැමරාවක් ට්තියෙනවා. එහෙම නොතිබුණත් අපි විනෝද චාරිකාවක් යන වෙලාවක හුඟාක් වෙලාවට කාගෙ හරි දන්න කෙනෙකුගෙ කැමරාවක් ඉල්ලගෙන යනව. ඒත් අපි ගන්න ඡායාරූපවලට මොකද වෙන්නෙ ? එක්කෝ අපි ඒවා මුද්‍රණය කරල ගෙදරට එන අයට … Continue reading

Posted in 21. පටන් ගනිමු ද ? කරල බලමු ද ?, 22. සිංහල සයිබර් අවකාශය, සිංහල | 6 Comments

භාෂාවක් ස්ථිතික ද ගතික ද ?

අපි හුඟාක් වෙලාවට අපේ මව් භාෂාව ගැන උදම් අනනවා. අපි ඉංග්‍රීසි වචන කලවම් කරගෙන කතා කරන අය දිහා බලන්නේ උපහාසයෙන්. ඔහුගේ දුර්වල සිංහල දැනුම ගැන අපි ඔහුට පහර ගහන්නෙ ඉතා නිර්දයවයි. අපි මෙහෙම කරන්නෙ අපේ මව් භාෂාව වෙන කිසිම භාෂාවක් … Continue reading

Posted in 22. සිංහල සයිබර් අවකාශය, සිංහල | Leave a comment

සිංහල විකිපීඩියා හි නව ලිපියක් ඇතුළු කරන හැටි

si.wikipedia.org යන නම ටයිප් කර සිංහල විකිපීඩියා වලට යන්න. ඉන්පසු ගිණුමක් තනා ගන්න. ඉන්පසු ඔබට ඇත්තේ ඔබට ඇතුළු කිරීමට අවශ්‍ය ලිපියේ මාතෘකාව සෙවීමයි. එම ලිපිය එහි නොමැති නම් ඔබ නව ලිපියක් අරඹන්නේදැයි ප්‍රශ්ණයක් අසාවි. එය පිළි ගෙන ලිපිය ටයිප් කර … Continue reading

Posted in 22. සිංහල සයිබර් අවකාශය, සිංහල | 2 Comments

විශිෂ්ඨයෙකු වීමේ පස්වන පියවර

අප මුලින්ම අප තෝරා ගත් ඉලක්කයට අසීමිතව ආදරය හෝ ගෞරව කරන්නට පටන් ගත් බවත් ඒ පිළිබඳව නිශ්චිත දැඩි තීරණයකට එළඹුනු බවත් එසේ තෝරා ගත් ඉලක්කයට එරෙහිව යමක් සිතන්නට කියන්නට හෝ කරන්නට ලජ්ජා වූ හා බිය වූ බවත් ඔබට මතක ඇති. … Continue reading

Posted in 18. විශිෂ්ඨයෙකු වීමට මඟ, සිංහල | 5 Comments