අඟහරු වාසීන්ගෙන් තුන්වන ග්‍රහ ලෝකය ගැන වාර්තාවක්

මේ කතාව තියෙන්නෙ ආචාර්ය ආතර් සී. ක්ලාක් මහත්තයගෙ “Report on Planet Three” කියන පොතේ. මේක කෙටිකතා පොතක්. පොතේ නමින්ම තියෙන කෙටිකතාවයි මේ.

කතාවෙ හැටියට අපි අඟහරු ලෝකයට ගියාම හම්බ වෙනව අඟහරු භාෂාවෙන් ලියූ ලියවිල්ලක්. අපේ භාෂා විශේෂඥයො ඒක බොහොම අමාරුවෙන් අපේ භාෂාවට පෙරලල. ඒ වාර්තාවයි මේ කතා ප්‍රස්තුතය.

අඟහරු ලෝකයේ විශ්ව විද්‍යාලයක තරුණ පිරිසක් අළුත් මතයක් ඉදිරිපත් කරනව. ඒක තමයි තුන්වෙනි ග්‍රහ ලෝකයේ ජීවින් ඉන්නවා කියන එක. මේ ගොන් මතයට විශ්ව විද්‍යාලයෙ ආචාර්ය මහාචාර්යවරු හියු කියලා පහර දෙනවා. පහත දැක්වෙන්නෙ ඒ ඉතාමත්ම තර්කානුකූල මතවලින් කිහිපයක්.

“උන්ට පිස්සු. ඒ ග්‍රහ ලෝකෙ අර ඉක්මනින් ඇවිලෙන ඔක්සිජන් වායුව තියෙනවලුනෙ සෑහෙන්න. අපට වගෙ නයිට්‍රජන් බහුල පරිසරයක් නෙවෙයි නෙ එහෙ තියෙන්නෙ. ඔක්සිජන්වල කොහෙ ජීවීන් ඉන්නද ? ”

“ඒ මදිවට ඒකෙ ගුරුත්වය හරි වැඩියි. කවුරු හරි පෙරළුනොත් ඌ මැරෙන්න එපායැ. එහෙම ගුරුත්වයක කොහෙ ජීවීන් ඉන්නද ? ”

“ඒ ග්‍රහ ලෝකෙ හර් වේගෙන් කැරකෙනව. ඉතින් ඉර එළියෙන් බේරෙන්න ඒකෙ යම් සත්ත්වයෙක් ඉන්නව නම් ඒ ලෝකෙ කැරකෙන වේගෙ වාගෙ වේගයකින්ම දුවන්න වෙනව ඉර අව්වෙන් බේරෙන්න. ඉන්න පුළුවන් එකම සත්ව කොට්ඨාසය ඉන්නව නම් තද කටුවක් තියෙන වේගෙන් දුවන්න පුළුවන් එවුන් විතරයි.”

“අපේ මෝඩ රැල කියනව අහසින් යන්න පුළුවන් සත්තුත් ඉන්න ඉඩ තියෙනව කියල. ඔච්චර ලොකු ගුරුත්වයක් එක්ක ඒ සරීර කොහෙ උඩට ගන්නද ? ”

“ඇත්තටම අපේ තරුණ පරම්පරාවට හොඳටම පිස්සු.”

බලාගෙන යනකොට මේ ප්‍රකාශ කොච්චර තර්කානුකූල ද ?

This entry was posted in 13. නිර්මාණයක රස විඳීම, සිංහල. Bookmark the permalink.

4 Responses to අඟහරු වාසීන්ගෙන් තුන්වන ග්‍රහ ලෝකය ගැන වාර්තාවක්

  1. හා..හා..නියම උපහාසයක්..

  2. සර්, මේ තර්කය ගැන මටත් කිහිප වාරයක්ම හිතුනා. ඇයි අපි හිතන්නේ වෙනත් ග්‍රහලෝකයක ජීවයක් පවතින්න ඔක්සිජන් සහ ජලය ඕනෙමයි කියලා? ඒ ඒ ග්‍රහලෝකවල‍ට ආවේණික රසායනික ද්‍රව්‍යයක් (හෝ කිහිපයක්) පදනම් කරගෙන ජීවයක් පවතින්න ඕනතරම් ඉඩකඩ තියෙන්න පුලුවන්නේ?? සමහරවිට මේ කියන රසායනික ද්‍රව්‍ය මිනිස් ජීවයට ඉතාමත් අහිතකර විෂ සහිත එකක් වෙන්න උනත් පුලුවන්. හුඟ දෙනෙක් නොහිතන පැත්තක් තමයි මේ…

  3. Hasitha says:

    ක්ලාක් මහත්මයාගේ චින්තනේ හුඟක් දුර දිග ගිය එකක් කියලයි හිතෙන්නේ🙂

  4. Sadeepa says:

    Interesting read Sir , Thank you

    We define everything according to domain and dimension we see. In the bottom-line , opportunities for extra territorial life is infinite. Searching for Oxygen may help us set some colonies somewhere – not to find ET life.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s