අපූරු දේශයක්

ආතර් සී. ක්ලාක් මහත්තයගෙ “City on Stars” කියන පොතෙත් තියෙන්නෙ අපූරු කතාවක්. එක්තරා ලෝකයක් තියෙනව සම්පූර්ණයෙන්ම පරිගණකයකින් පාලනය වන. මේ පරිගණකය අනාවැකියකින් පළ කරල තියෙනව අනාගතයෙදි බිහි වන පුද්ගලයෙක් මේ පරිගණකය සඟවා ගෙන සිටින රහස එළිකර ගන්නවා කියල. මේ බිහිවෙන පුද්ගලයට ඔක්කෝම ශාස්ත්‍ර කියල දෙනව. ඒත් පරිගණකය සඟවල තියෙන රහස මේ පුද්ගලය හොයා ගන්නව.

මේ පුද්ගලය රහස් පාරක් හොයා ගන්නව. ඒ පාර ගිහිල්ල වැටෙන්නෙ එක්තරා දුම්‍රිය ස්ථානයක. මොහු එනකම් හිටියා වාගෙ දුම්‍රියක් නවත්තල තියෙනව. ඒකට නඟින මොහුට පස්සෙයි වැටහෙන්නෙ ඒ දුම්‍රිය තමාව ගෙන යන්නෙ සම්පූර්ණයෙන්ම වෙනස් දේශයකට බව.

නැවතුනු දුම් රියෙන් බැසගත් ඔහු ටික ටික ඒ දේශයේ මිනිසුන් හඳුනා ගන්නවා. මෙසේ හමුවන එක් එක් පුද්ගලයා ගැන මොහු හිතන දේ ඔවුන්ට වැටහෙන බව පස්සෙයි ඔහු දැන ගන්නෙ. මේ පුද්ගලයා හිටි දේශය සම්පූර්ණයෙන්ම පරිගණකවලින් පාලනය වන යාන්ත්‍රීය එකක් වුවත් මේ ඊට සම්පූර්ණයෙන් විරුද්ධ ව අපූරු අන්දමින් සිතෙන් වැඩ ගන්නා දේශයක් බව ඔහු වටහා ගන්නවා.

පසුව මෙහු ඒ දේශයන් අතර සම්බන්ධතාවයක් ගොඩ නැඟීමට මූලික වෙනවා. යන්ත්‍ර හා සිත එකට හමුවෙනවා.

This entry was posted in 11. Duality, 13. නිර්මාණයක රස විඳීම, සිංහල. Bookmark the permalink.

3 Responses to අපූරු දේශයක්

  1. kumaraya says:

    මේ පොත නම් මම කියවල නෑ.

  2. palaamalla says:

    කතාව දැක්කම කියවන්න හිතෙනවා… ඕක සින්හලට පරිවර්තය කරල තියෙද ???

    • kumudupinto says:

      මං හිතන්නෙ නම් තවම පරිවර්තය වෙලා නෑ කියලයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s