දෙකේ පන්තියේ ගුරුතුමිය

මගෙ දෙකේ පන්තියේ ගුරුතුමිය වුණේ අයි මල්ලවතන්ත්‍රී, එහෙමත් නැත්නම් අයිඩා මල්ලවතන්ත්‍රී මහත්මියයි. ඇය කලින් හිටිය තැන ඒ නිවසත් නෑ. එක ආරංචියක් ආව ඇය නැහැ කියල. කොහොම හරි තවත් ආනන්දයේ විශ්‍රාම ගිය ගුරුවරයෙකුගෙන් ලිපිනය අහගෙන අද මං එහෙ ගියා.

ඇයට දැන් වයස අසූ නවයයි. මං හිතන්නෙ මාව අඳුනගත්තෙ නැහැ කියලයි. ඒත් බොහෝම සතුටෙන් ආත් එක්ක කතා කළා. ඇයගෙ එක් දුවක් ආනන්දයෙ ඉගෙන ගත්තා. මං හිතන්නෙ අපට පහළ පන්තියක. ඒ කාලෙ පහේ පන්තිය වෙනකම් ආනන්දයෙ ගැහැණු ළමයි හැම පන්තියකම වාගෙ දෙතුන්දෙනෙක් හිටියා.

මල්ලවතන්ත්‍රී මහත්මියගෙ දූරු දෙන්නම පිටරට. දැන් ඇය නෑදෑ ගෙදරක නැවතී ඉන්නවා. මේ තොතුරු දැන ගත්තහම මං හිතුවෙ විවාහ නොවීමත් විවාහ වීමත් අතර වැඩි වෙනසක් නැහැ කියල, අන්තිම කාලෙ ගත්තහම. ඇය දූරුන්ගෙ විස්තර කියමින් සතුටු වෙනවා. අවුරුද්දකට අතාවක් දූරු ඇවිත් මාසයක් විතර නැවතිලා යන බවක් එහෙම කියන්නෙ බොහොම සතුටකින්.

අධ්‍යාපනයට ජීවිතය කැප කළ ගුරුවරියක් හා තම දරුවන්ට ඉතාමත්ම ආදරය කරන මවක් මම ඇයගෙන් දැක්කා. කවුරු කවුරුත් මහළු විය ගෙවන්නෙ අතීත හීන මතක් කරමින් වෙන්න ඇති කියලයි ඒ වෙලාවෙ මට හිතුණෙ.

“ජරා පි දුක්ඛා”

This entry was posted in 14. මට මතකයි, සිංහල. Bookmark the permalink.

One Response to දෙකේ පන්තියේ ගුරුතුමිය

  1. Hasitha says:

    ඔබ කලින් දවසක කිව්ව විදිහට මේ විදිහට පරණ ගුරුවරුන් හමුවෙන්න යන එක හරිම වටින දෙයක් කියලා මටත් හිතුණා ඔබේ කතා කීපයක්ම කියවීමෙන්……..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s