නිම් හිම් සෙව්වා මා සසරේ

එක වතාවක් මගෙ ගෝලයෙක් “නිම් හිම් සෙව්වා මා සසරේ” කියන අමරදේව මාස්ටර්ගෙ ගීයට Windows Movie Maker වලින් වෙන කොහේදෝ චිත්‍රපටයක රූප පෙළක් දාල. ඒක දැක්කම මගෙ පිත කිපුණා. මං පස්සෙ එයාට කියල දුන්නා, මේ ගීතය ඇති චිත්‍රපටයත් ගීතය පසුබිමින් වාදනය වෙද්දී යන රූප පෙළත්.

මේ ගීය තියෙන්නෙ මණික් සන්ද්‍රසාග්‍රගෙ සීතාදේවී කියන චිත්‍රපටයෙ. ඒ චිත්‍රපටයෙ ප්‍රධාන චරිත තුනට හිටියෙ ලංකාව, ඉන්දියාව හා පකිස්තානය කියන රටවල්වල නළුනිළියන්. රාවණා ලංකාවෙ ගාමිණී ෆොන්සේකා. රාම හා සීතා (ජානකී) අනෙක් රටවල් දෙකෙන්.

චිත්‍රපටයෙ හැටියට රාවණාට වෙන්නෙ පරණ සාපයක ප්‍රතිඵලයක්. පස්සෙ ආත්මයක රාවණා දොස්තර රවි හැටියටත් සිතා ජානකී හැටියටත් රාම රාම් හැටියටත් ඉපදෙනවා. මේ අය අතරෙ ඇතිවන ආදර අන්දරයට මණික් ලස්සණ පුනර්භව කතාවක් දෙනවා.

මේ ගීතය පසුබිමින් යද්දි දොස්තර රවිගෙ සිරුර මුහුදු වෙරළෙ වැටිලා. ජානකී රාම් එක්ක ආපහු බෝට්ටුවකින් සියරට බලා යනවා. අඬන්නද හිනා වෙන්න ද කියා හිතන්නට අමාරු අවස්ථාවක්. ඉතාමත්ම සංවේදී අවස්ථාවක්.

නිම් හිම් සෙව්වා මා සසරේ
හමු වී යුගයෙන් බැඳි යුගයේ
ලංවී වෙන්වී වරින් වරේ
ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ

ඉර හඳ සේ මා – පැතුමන් පැතුවා
සැනසුම් සයුරේ සුසුමන් හෙලුවා
අතරින් පතරේ වියැකීලා
සටනින් අද මා දිනුවා

This entry was posted in 13. නිර්මාණයක රස විඳීම, සිංහල. Bookmark the permalink.

One Response to නිම් හිම් සෙව්වා මා සසරේ

  1. Hasitha says:

    මම ඉතාමත් ප්‍රිය කරන ගීතයක්

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s